පශ්චාත් යුද කාලින ලංකාවේ නව ආරක්ෂක විධිවිධාන | New defense set up in post-war Sri Lanka

(2010 සැප්තැම්බර් 11, W3Lankaපශ්චාත් යුද කාලින ලංකාවේ ආරක්ෂක විධිවිධාන සැකසෙමින් තිබෙන්නේ මහේක්ෂ ස්වරූපී ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයන්ට මුළු ඉඩකඩ ම ඇවිරෙන අන්දමින් ය.


මෙහි මුලික ලක්ෂණයක් වන්නේ දුපත වෙනත් ගොඩබිම් හා අනියමින් සම්බන්ධ කර ගනිමින් යුද්ධෝපකරණ හා මිනිසුන් එහා මෙහා ගෙන යාම වැළැක්වීම පිණිස නාවික හමුදාව ශක්තිමත් කිරීමයි.


මේ වන විට නාවික හමුදාව සිය වයඹදිග මූලස්ථානය පුත්තලමේ සිට වඩා උතුරින් පිහිටි මුල්ලිකුලම් වෙත ගෙන ගියේ ද ඉනිදියාවට වඩා ආසන්න කලාපයේ සාමුද්‍රික ක්‍රියා දැඩි පාලනයකට ලක් කිරීමේ අරමුණිනි. යුද්ධයේ අවසානයෙන් පසු මිළ දී ගත් ඊශ්‍රායාලයේ නිෂ්පාදිත වේග ප්‍රහාරක යාත්‍රා හයක් දැන් නාවික යාත්‍රා අතරට එක් වෙමින් තිබේ.


කොටි සංවිධානය දේශීය වශයෙන් ද ප්‍රතිසංවිධානය වෙමින් ඇති බවට අනුමාන කළ හැකි සාධක තිබේ. නිදසුනක් ලෙස ජනාධිපතිවරයා බදුල්ලේ සංචාරය කළ සමයේ එහි ඔත්තු බැලීමේ යෙදී සිටි බවට සැක පිට දෙමළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ වාර්තා කළේ ය. සන්නද්ධ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා කොටි සංවිධානය තමිල්නාඩු ප්‍රාන්තය භාවිතා කිරීමට උත්සාහ ගනිමින් ඇති බව ද ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද ආරක්ෂක අංශ සැක කරති.


ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන කටයුතු උතුරට ව්‍යාප්ත කිරීමට සමත් වීම ද ආරක්ෂක අංශවල බැරෑරුම් අවධානයට යොමු වී තිබේ. 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහි පෝස්ටර් යාපනයේ අලවමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලබන්නේ ‍ද මෙම සංදර්භය තුළයි.


මේ අතර, ලංකාවේ ගුවන් නිරීක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා නව පද්ධතියක් ලබා ගැනීමට එක්සත් ජනපදය ලංකාවට උදව් කර ඇති බව ද වාර්තා වේ.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. meka vaarthavak da? virodhayak da?

    >> මහේක්ෂ ස්වරූපී ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයන්ට මුළු ඉඩකඩ ම ඇවිරෙන අන්දමින් ය.

    nathnam ithin dekata namila kalisama galavagena innada kiyanne RPG ekak target eka ta vadina kam?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා