විධායක ජනාධිපති ක්‍රමය ගැන මහින්ද චින්තනය | The Mahinda Chinthana on executive presidency

(2010 සැප්තැම්බර් 01, W3Lanka2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සඳහන් වන්නේ මෙසේ ය.


විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.


පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නෙමි.


පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත‍‍්‍රීන් කාර්යක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි දියුණු කිරීමට යෝජනා කරමි.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ඒක කල් ඉකුත් වුණානෙ. දැන් තියෙන්නෙ මහින්ද චින්තන - 2

    ReplyDelete
  2. What they are going to do right now is according to the manifesto, except running for the third term. Arguing on third term is shameless. If he/she is not good, people can throw him out. By the way, it's better if president could be more answerable to the Parliament.

    ReplyDelete
  3. බොහෝ දෙනෙකුට තේරුම් ගන්න කොහෙත්ම බැරි දේශපාලන අහු මුල්ලකට ඇගිල්ල දිගුකර පෙන්වීම ගැන පැරාට මගේ ස්තුතිය.

    ගෝලීය ප්‍රාග්ධනය දේශපාලන ක්‍රමයට කළ එක් ව්‍යුහාත්මක වෙනසක් තමයි ඔය. කළින් ආණ්ඩුව යැයි එක් ආයතනයක් ද රාජ්‍ය යැයි තවත් ආයතනයක් ද තිබුණි. නමුත් ගෝලීය ප්‍රාග්ධනයේ සංචලනයට එය බාධාවක් වූ බැවින් ආණ්ඩුව නම් ආයතනය අහෝසි කර එය රාජ්‍යයටම එක් කරන ලදි.

    මැතිවරණයක් අවසන් වූ වහා ජනතාව සමග තිබෙන්නා වූ සියළු සම්බන්ධයන් අහෝසි කරමින් ගෝලීය ධනවාදී අවශ්‍යතා ඉෂ්ඨ කිරීමට ඇස් අන්ධ රාජ්‍ය නම් ආයතනයට හැකිය. ඒ නිසා මැතිවරණයේ දී මොනවා කීවත් රාජ්‍යය තම පාලනය ගෙන යන්නේ ජනතාවට සම්බන්ධයක් නැති ඉහළ තීරක මණ්ඩලයක අවශ්‍යතා අනුවය. ඒ නිසා පළාත් පාලන ආයතන, පළාත් සභා හා පාර්ලිමේන්තුව යනු නිකම්ම නිකම් බල රහිත ආයතන වේ. තීන්දු තීරණ ගන්නේ විධායකය හා අත්වැල් අල්ලා ගත් ගෝලීය ධනවාදයේ මිතුරන් ය.

    කවුරු කොහොම කිව්වත් ඒ තීරණයන්ට කඩේ යෑම මිස වෙනකක් කිරීමට සිරිසේනලාට, සිරිපාලලාට, ප්‍රේමජයන්තලාට හා වීරවංශලාට නොහැක.

    ඒ නිසා මේ යුගයේ දේශපාලන තීන්දු ගන්නේ ජනතාව හෝ ජනතාවගේ නියෝජිතයන් හෝ නොවේ. ඒවා කරන්නේ ගෝලීය ප්‍රාග්ධනයයි. ඒ නිසා ජනතාවත් ජනතා පරමාධිපත්‍යයත් දැන් වලංගු සාධක නොවේ.

    ධනපති රනිල් වික්‍රමසිංහ මෙම කරුණ මනා ලෙස දනී. ඒ නිසා ඔහු නිහඩව සිටී. මේ කිසිවක් නොදන්නේ සුදු සීයාත් ටිල්විනුත් පමණි. ඒ නිසා එදා වේල හොයා ගන්න අරාබි ගොස් ශරීරයට ඇණ ගස්වා ගෙන ආ අහිංසක ගැහැණිය ගැන කතා නොකර ඒ නිර්ධනයන්ගේ දේශපාලනය ගැන කතා නොකර ඔවුහු නොදන්නා ව්‍යවස්ථා සංශෝධනයක් ගැන නන් නොදවති.

    අනුකම්පා කළ මැනවි.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා