අයිෆා (IIFA) හින්දි සිනමා සම්මාන උළෙලේ නාස්තියේ තරම | Massive waste behind IIFA-2010

අත් දිගු කරගෙන සිටින අය කියන්නේ 'මෙයා තමයි ජාතියේ පුතා' කියා ද? 
(2010 සැප්තැම්බර් 12, W3Lankaඅයිෆා (IIFA) හින්දි සිනමා සම්මාන උළෙල වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් දරන ලද වියදම පමණක් රු. මිලියන 475කි. එහි අනුග්‍රාහකයන්ගෙන් ලද මුළු ආදායම රු. මිලියන 10.6ක් පමණි. මේ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනයි. ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 


මේ වනාහි ආරක්ෂාව වැනි කාරණාවලට ගිය වියදමට අමතරව ය. මෙම සම්මාන උළෙල වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය නවිකරණය, පාරවල් හැදීම හා කාණු සුද්ද කිරීම, කොළඹ සිඟන්නන්ගේ ඔලුවලට කළු ගල් ගෙඩි අතහැර බිය වද්දා පළවා හැරීම, පේමන්ට් කඩ කැඩීම හා පැල්පත් වාසීන්ගේ නිවාස කඩා ඔවුන් පළවා හැරීම වැනි 'සංවර්ධන' කටයුතු ද කෙරිණි. 


මේ සියල්ල අවසානයේ සම්මාන සඳහා නිර්දේශ වී සිටි හින්දි සිනමා නළු-නිළියන් හා ශිල්පීන් 84ක් අතරින් සම්මාන උළෙලට පැමිණියේ 38ක් පමණි. උළෙලේ සන්නාම ප්‍රවර්ධක ලෙස කටයුතු කළ අමිතාබ් බච්චන් පවා උළෙල වර්ජනය කළේ ය. 


මේ නාස්තිය කෙරු‍ණේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල මිනිසුන්ට චිත්‍රපටයක් බලන්නට යන්නට හරි හමන් තැනක්වත් නැති තත්වයක බව අප අමතක නො කළ යුතු ය. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් වියදම් කළ කෝටි 47 හමාරෙන් පමණක් ලංකාවේ සිනමා ශාලා කීයක් වැඩිදියුණු කරන්නට තිබුණා ද? 


අන්තිමට උළෙල ද සෙනග නැතිව වේලිණි. නාමල් රාජපක්ෂ නම් හින්දි නළුවන් සමග ක්‍රිකට් ගසා ආතල් එකක් ගත්තේ ය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු සංවිධායක ඇමතිවරු හා නිලධාරීහු උළෙල වෙනුවෙන් කුලියට ගත් හිස් හෝටල් කාමර අපතේ යන්නට නො දී පවුල් පිටින් ඒවායේ සැප ගත් බව වාර්තා වේ. 


මේ ලිපියත් කියවන්න: 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. In a country where there are human buffaloes this type of wastage is neglicible.Every single establishment under the government is used to facilitate luxuray for a few in power.The majority of the peoples' mentality is" WHO CARES"?

    ReplyDelete
  2. Voter, you are absolutely spot on! 'Who care' is the motto of our nation....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා