ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ටියුෂන් ගුරුවරුන් පංතිවල සාකච්ඡා කරන බව විභාග කොමසාරිස් කියයි | Examination Commissioner says the examination questions are discussed in tuition classes

(2010 සැප්තැම්බර් 10, W3Lanka) ඇතැම් ටියුෂන් ගුරුවරුන් විභාග ප්‍රශ්න සිය පංතිවල සාකච්ඡා කර ඇති බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ සැප්තැම්බර් 08දා උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය උත්තර පත්‍ර ඇගයීම් ප්‍රධානීන් වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති රැස්වීමකදී පැවසූ බව ලංකා ගුරු සංගමය පවසයි. 


උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකසන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ටියුෂන් ව්‍යාපාර ව්‍යාපාර සමග සම්බන්ධතා පැවැත්වීම මෙම තත්වය ඇති වීමට‍ හේතුවයි. 


ඇතැම් මහා  ටියුෂන් ජාවාරම්කරුවන් ප්‍රශ්න පත්‍රවල ඇති ප්‍රශ්න ලබා ගැනීම සඳහා විශාල මුදල් වැය කරන බවට කටකතා ඇත. එසේ ම, තමන්ට විභාග ප්‍රශ්න ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙන්වන කටකතා පැතිරවීම ද මෙම ටියුෂන් ව්‍යාපාරිකයන්ගේ උපක්‍රමයකි. 


සාමාන්‍යයෙන් ගත් කල, විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන බඳවා ගැනීම්, උසස්වීම්, කඩඉම් ආදී විභාගවල විශ්වසනීයත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ. නැවත පරීක්ෂා කරවීම සඳහා ඉඩක් නොමැතිකමින් මෙම විභාග සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සිය ආරක්ෂාව සලසා ගෙන තිබේ. 


සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පහේ ශිෂ්‍යත්වය වැනි විභාග ප්‍රතිඵලවල විශ්වසනීයත්වය ප්‍රශ්න කෙරෙන සිද්ධි ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය. 


විභාග කොමසාරිස්තුමාගේ ශ්‍රී මුඛයෙන් ම වැදෑරෙන්නේ මෙම තත්වයේ එක් පාර්ශ්වයකි. ඔහු ම කියන ආකාරයේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කර, වරදකරුවන්ට දඬුවම් කරනවා වෙනුවට විභාග කොමසාරිස්වරයා කරන්නේ කතා පැවැත්වීමයි. 


මේ වනාහි වැටත්, නියරත් ගොයම් කන යුගයකි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා