ඩෙංගුවලින් බේරී වකුගඩුව කුණු කර ගත හැකි පොලිතින් ගින්න | Dioxin issued when burning polythene is hazardous

(2010 සැප්තැම්බර් 14, W3Lanka) අධික ලෙස ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය සමග පාරිභෝජන, සමාජ, සංස්කෘතික විපර්යාසයක් සිදු වී තිබේ.


ප්ලාස්ටික් හා පොලිතින් පාරිසරික පමණක් නො ව සෞඛ්‍ය ප්‍රශ්නයකි.


ඩෙංගු මරිදනය සඳහා යොදවා තිබෙන නිලධාරීන් දෙන ප්‍රධාන උපදෙසක් වන්නේ කසල ගොඩවල ඇති පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තැබීමයි.


මේ හේතුවෙන් බොහෝ අය ඉවත ලන ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීමට පෙළඹෙති. එහෙත්, ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීම සමස්ත සමාජයට ම එරෙහිව කරන අපරාධයකි. එයට හේතුව පොලිතින්, ප්ලාස්ටික් දහනයේදී නිකුත් වන ඩයොක්සින් රසායනිකය මිනිස් සිරුරට දැඩි ලෙස අහිතකර වීමයි.



පරිසර අමාත්‍යංශයේ කයිවාරු කෙසේ වෙතත්, ඉවත ලන ප්ලාස්ටික් පොලිතින් විධිමත් ලෙස බැහැර කිරීමේ ක්‍රම රට පුරා ක්‍රියාත්මක වන්නේ නැත. පහත පළ වන්නේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියකින් උපුටා ගත් වැදගත් කොටස් කීපයකි. මුළු ලිපිය ම කියවීම පිණිස මෙතැන ක්ලික් කරන්න.


කාබන්, නයිට්‍රජන්, ඔක්‌සිජන් සහ ක්‌ලෝරීන් අඩංගු ද්‍රව්‍ය විවෘත පරිසරයක්‌ තුළදී දහනය කිරීමෙන් ඇතිවන වායුමය ප්‍රතිඵලයකි ඩයොක්‌සින්.


දැනට සොයාගෙන ඇති ආකාරයට ඩයොක්‌සීන් නිපදවන ප්‍රධානතම ප්‍රභවය ලෙසට පොලිතින්, ප්ලාස්‌ටික්‌, එස්‌ලෝන් බට අනෙකුත් අපද්‍රව්‍යයන් සමග (කැළි කසළ) විවෘතව දහනය කිරීම බව හඳුනාගෙන ඇත.


මවගේ ශරීරය තුළට ඩයොක්‌සින් ගමන් කර තිබේ නම් මව් කිරිත් සමග නිරායාසයෙන්ම දරුවාගේ ශරීරයට මෙම භයානක රසායනිකය ඇතුළත් වීම සිදු වෙනවා.


කොහොමද එහෙම වෙන්නේ...


ඩයොක්‌සීන් වායුව වැඩි වශයෙන්ම මේදය තිබෙන තැන්වල අවශෝෂණය වෙනවා. මව් කිරිවල වැඩි වශයෙන් තියෙන්නේ මේදය. මේ නිසා මවගෙන් කිරි උරා බොන විට නිතැතින්ම බිළි¹ගේ ශරීරයට ඩයොක්‌සීන් ඇතුළු වෙනවා. ඔබ ගව මස්‌ ආහාරයට ගන්නා විටද ඩයොක්‌සීන් ශරීරගත වෙන්න පුළුවන්.


අවට වාතයට නිකුත් වන ඩයොක්‌සින් සියුම් අංශු (උදාහරණ දූවිලි) සමග එකතු වී පොළව මතට තැන්පත් වී පසට සහ ජලයට එකතුවීම සිදු වෙනවා.


මුලින් සඳහන් කළ පරිදි ඩයොක්‌සීන් වායුව වැඩි වශයෙන් මේදය තිබෙන තැන්වලට ඉතා ඉක්‌මණින් ගමන් කරනවා.


තණකොළවල මේදය අන්තර්ගත වෙනවා. ප්ලාස්‌ටික්‌, පොලිතින් අනෙකුත් කැළි කසළ සමග පුළුස්‌සන විට සුළං හමන දිශාව සමග ඩයොක්‌සීන් වායුව ගමන්කර තණකොළවල තැන්පත් වෙනවා.


මෙලෙස ඩයොක්‌සීන් තැන්පත් වූ තණකොළ ගවයන් ආහාරයට ගැනීම තුළින් ගව මස්‌ සමග ඔබගේ ශරීරයට ඩයොක්‌සීන් ඇතුල් වෙනවා.


ඩයොක්‌සීන්වලින් අපි ප්‍රවේශම් විය යුත්තේ ඇයි


ශරීරයේ තිබෙන වෙනත් රසායනික ද්‍රව්‍යයන් වකුගඩු මගින් අපේ ශරීරයෙන් ඉවත් කිරීමේ ශක්‌තියක්‌ තිබෙනවා. ඩයොක්‌සින් ශරීරගත වුවහොත් එවැනි ආකාරයකින් ඉවත් වීමක්‌ සිදු නොවේ.


අපි සැවොම ප්‍රවේශම් විය යුතුයි


ඩයොක්‌සීන් වායුව සුළඟත් සමග සැතපුම් සියයක්‌ වුවද ඈතට විහිදී යැමට සමත් වන වායුවකි.


මේ නිසා ඔබේ ප්‍රදේශය තුළ පොලිතින්, ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීමක්‌ සිදු නොවූවද ඔබත් ඩයොක්‌සින් වල ගොදුරක්‌ වීමට හැකියාවක්‌ තියෙනවා.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා