'පවුලට එරෙහිව රට' අරගලය අද දියත් වේ | 'Country against family' struggle launched today

(2010 සැප්තැම්බර් 08, W3Lanka) විධායක ජනාධිපති ක්‍රමයේ නරක පිළිබඳ හොඳ ම උදාහරණය වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාගේ හා ඔහුගේ අධි උන්නතිකාමී පවුල් අපේක්ෂා වෙනුවෙන් දිගට ම බලයේ රැඳී සිටීම හා ඒකාධිපති බලතල පවරා ගැනීම පිණිස මහජන කැමැත්ත යයි කියා දෙයක් විකෘති අන්දමින් නිර්මානය කර ගන්නා නාටකයේ මේ දිනවල රඟ දැක්වෙන උදාහරණයි. 


මුදල්, බලාපොරොත්තු, පොරොන්දු, බලපෑම්, හෘදය සාක්ෂියට එරෙහිව කටයුතු කළොත් සිදු වන විපාක ගැන බියවැද්දීම්, ඉච්ඡා බස්, චාටු කතා, උපන් දින කේක් ආදිය හරහා මහජන නියෝජිතයන් මැතිවරණවලදී ඔවුන්ට ජනවරම ලබා ගැනීම සඳහා ඉවහල් වූ ප්‍රතිපත්ති පාවා දීම සඳහා පොළඹවා ගැනීම විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල පිළිබඳ නිදසුනකි. 


අදින් ආරම්භ වන අනාගතය තුළ තව තවත් ප්‍රදර්ශනය වනු ඇත්තේ විධායක ජනාධිපතිගේ ඒකාධිපතිවාදයේ වියරු ලක්ෂණ මිස අන් යමක් නො වේ. 


නොබෝ දිනකින් උග්‍ර වීමට ඉඩ තිබෙන ණය අර්බුදය හමුවේ ලංකාවේ ආර්ථිකයේ ඇති වන කැළඹීම පාලනය කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ මේ ඒකාධිපති බලතල හරහා බවට සැක නැත. 


අදින් ඇරඹෙන්නේ අලුත් යුගයකි. එය පවුලක උවමනාවන්ට එරෙහිව සමස්ත දේශයක මිනිසුන් 'පවුලට එරෙහිව රට' තේමාව කරගෙන පෙරට ආ යුතු අරගලයේ යුගයකි. 


ඔබේ රට ඒකාධිපතිවාදයේ වියරු උන්මාදයේ අඳුරු විපාකවලින් මුදා ගැනීම සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් ඇරඹිය යුතු ව තිබේ. 


එහි පළමු තීරණාත්මක පියවරක් තැබීමට එන්න අද කොළඹට!


ඔබේත්, අනාගත පරම්පරාවලත් අනාගතය අඳුරු කළ, ත්‍රස්තවාදයට, දූෂණයට, භීෂණයට මං පෙත් විවර කළ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ ඒකාධිපතිවාදය අන්තයට ම ගෙන යන මෙම පාප කර්මයට උඩ ගෙඩි දෙන පාපී දේශපාලකයන් පිටු දකින්න. 


අදින් පසු ඔවුන් වර්ජනය කරන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ගොඨාභය හැර සෙසු රාජපක්ෂවරු පාර්ලිමේන්තුවට යැවුවේ ජනතාව නෙවෙයිද? ඒක වැරදියි කියන එක ජනතා පරමාධිපත්‍යය හෙලා දැකීමක් නෙවෙයිද? හොර ජන්ද දැම්මත් ඔය විදියට අද කාලෙ දාගන්න බැරි බව කවුරුත් දන්න කරුණක්.

    ReplyDelete
  2. දැන්නම් වෙන්නේ රටට එරෙහිව පවුල

    ReplyDelete
  3. රටට හොඳක් වෙනවට අකමැති තොපි වගේ කුහකයො ඉන්නකන් මේ රට දියුනු කරන්න බෑ... යකෝ තොපිට කෑ ගහන්නත් රටක් තියෙන්න ඔනා කියල අපි එදා කියද්දී තොපි ඒකටත් විරුද්ධ උනා. යුද්ධෙ ඉවර කරාට පස්සේ තොපි ලැජ්ජා නැතුව කියනව තොපි යුද්දෙට සහයෝගය දුන්නා කියලා. දැන් මේකට කෑ ගහන්නවත් තොපිට සටන් පාඨවත් නැතුව මනංකල්පිත පවුල් වාදයක් ගැන කියනවා......

    ReplyDelete
  4. කුජීතයි ! ලැජ්ජා වෙයල්ලා !!! දැන්වත් හැදියල්ලා!!!

    ReplyDelete
  5. තව අවුරුදු 10කින් විතර ඔය මංගලලා කෑ ගහලා මැරිල යයි. ඉන් පස්සේ උන් ගැන මතකයක් කාටවත්ම නෑ...ගහටත් නෑ බඩටත් නෑ (ශ්‍රීපතිට වෙලා තියෙන්නේ...) තොපි ඒ තත්වෙට පත් වෙන්න එපා.....

    ReplyDelete
  6. තොපි එජාපෙට *ක දීලා මගේ මරලා දාපු මාමාගේ පරම්පරාවට නිග්‍රහ කරන්න එපා...දැක්ම පාවා දෙන්න එපා....

    ReplyDelete
  7. සාධු..සාධු..සාධු..සාධු..සාධු..සාධු..සාධු..සාධු..

    මම නම් කියන්නෙ මෙ රටෙ ඉන්න සිංහල මිනිස්සුන්ගෙ චන්ද අයිතියත් නැති කරන්න ඔනා. මොකද.. උගත්කම තියන උන් කරන්නෙ කොහොමරි තමන්ගෙ මඩිය තරකරගන්න එක. හැම ජඩ වැඩෙම කරනවා තමන්ගෙ පවුල වෙනුවෙන්. උගත් කම නැති උන් කරන්නෙ දහ දුක් විද විද ජිවත් වෙන එක. ඉතින් මුන්ට චන්දෙ තෙරුමක් නැහැ. මුන් අනාගත පරපුරක් බලලා චන්දෙ දැම්මෙ නැහැනෙ.

    අපෙ මැතිණි, අපෙ රජතුමා,අපි නම් කැපුවත් නිල්, අපි නම් කැපුවත් කොළ. ගම්පහාම හොදම උදාහරණයක් මිනිස්සුන්ගෙ අවජාතක කම හොදින්ම බලාගන්න පුළුවන්.

    ReplyDelete
  8. ඇත්තටම මේ වගේ නිවට ජාතියකට ඡන්ද අයිතිය ලැබුණම කරන්න ඕනි මොකක්ද කියල ඒ නිව‍ටයෝ දන්නෙ නෑ, ඒක නිසාමයි අර තුන්වෙනියට කමන්ට් කරල තියෙන වර්ගයේ ඇනියො මේ රටේ වැපුරුව වගේ හැමතැනම ඉන්නෙ.
    ඇත්තටම සුද්දො හොඳට දැනගෙන ඉඳල තියෙනව මුං කවදාවත් නිවට කමෙන්,වහල් කමෙන්,අමනකමෙන් නිදහස් වෙන්නෙ නෑ කියල. ඒක නිසයි 1948 බය නැතිව මේක මුන්ට දීල ගියේ. වසර 60 ක් ගිහිල්ලත් තවම මුං ඇණ කොටා ගන්නව. හොරුන්ට,තක්කඩින්ට දණ ගාගෙන කඩේ දුවල ඔටුනු පලන්දනව. මේ සැරේ හරිම වැඩේ කරා කියල.

    ReplyDelete
  9. ලංකාවේ ජනගහනයෙන් වැඩි හරියක් ඉන්නෙ බුද්ධාගම් කාරයෝ.. මම
    බුද්ධාගම් කාරයෝ කිව්වෙ නිකම්ම නෙවෙයි.. උන් බෞද්ධ උනෙ උන්ගෙ
    අම්මා අප්ප බෞද්ධ නිසා. නැතුව තේරුමක් ඇතුව නෙවෙයි. ඉතින් වැඩි
    හරියක්ම ඉන්නේ නමට බෞද්ධයෝ. උන්නට ආගම ගැන තේරුමක් නැහැ.
    සමහරක් උන් බෞද්ධ කිය කියා ගස් ගල් අදහන, තේරුමක් නැති බහුබූත
    නටනවා.. හැබැයි සමහර මිනිසුන් තමන් අදහන ආගම ගැන ගැඹුරින්
    හිතන්න පුරුදු වෙනවා. එහි ඇති සත්‍යතාවය තමන්ගේ නුවණින් සොයා
    බලනවා.

    ඉතින මම මේ ටික ලියන්න හිතුවෙ බණ දේසනාවක් කරන්න නෙවෙයි..
    අපේ රටේ සියයට 95කට වඩා ඉන්නෙ අර මම කලින් කිව්ව බුද්ධාගම් කාරයෝ
    වගේ පිරිසක්. උන් දන්නෙ නැහැ තමන් පස්සෙ දුවන දේශපාලන පක්ෂය
    මොන ආකාරයෙන්ද ක්රියා කරන්නෙ කියල. උන්ට ඒ ගැන ගැඹුරින් හිතන්න
    තරම් දේශපාලනික දැනුමකුත් නැහැ. හැබැයි උන්ට එක දෙයක්
    තේරෙනව..ඒ තමයි ගතමන්ට් එකක් සෙට් කරගන්නන නම් කාටද කඩේ
    දුවන්න ඕන කියන එක.. ඊට එහා හිතන්න ගියොත් අතට ලැබෙන ගානත්
    නැතිවෙනවා.. අන්න ඒ නිසා තමයි වැඩිමනක් උන් රළ ගහන පැත්තට
    දුවන්නෙ.. හැබැයි උන් දන්නෙ නැහැ කවදා හරි උන්ගෙ දරුවන්ගෙත්
    දරුවන්ට කටයි පුකයි මැහෙන විත්තිය. අද ගැන විතරක් හිතන,
    දේශපාලනික වශයෙන් අන්ද වූ, ගොළු වූ වැඩිමනක් පිරිසක් ජීවත් වන
    ලංකාවේ ඕනාම කපටි පාලකයෙකුට තමන්ට ඕනා ආකාරයේ තුප්පහි වැඩක්
    කිසි කරදරයක් නැතිව කරගන්න පුළුවන්.. ඉතින් මේ වගේ රටක් ආසියාවේ
    ආශ්ච්‍යර්ය වන එක ගැන කවරනම් කථාද? - සපුමල්

    ReplyDelete
  10. සින්හලයෝ වගේ නිවට දීන කාලකණ්ණි ජාතියකට ඡන්ද අයිතිය ලබා දීමේ අදීනව.......

    ReplyDelete
  11. හහ්...හහ්...හහ්...හා......කස්ටිය දැන්මම බය වෙලා වගේ මහින්ද තුන් වෙනි පාර ඉල්ලන එකට. දැන්මම පැරදිලාද? ඇයි අනේ ඔයාල මහින්ද ජනධිපතිතුමාට ඔච්චර බය?

    ReplyDelete
  12. යකුනේ, ඔව් තුන් වෙනියට කමෙන්ට් කරපු ඇනියා මම ! තුන විතරක් නෙමෙයි තුන, හතර, පහ, හය ඔක්කොම කමෙන්‍ටුත් මගේ වෙලා තියනවනම් තව දානව බොල!
    ඒ වෙනකොට වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකුව සිටි දීප්තිමත් අනාගතයකට උරුමකන් කියූ තොපේ ඒජන්ත්යො බල්ලො බලල්ලු වගේ කොල්ලො කෙල්ලො මරලා දාද්දි මරල දැම්මේ මගේ මාම (අම්මගේ මල්ලී) මිසක් තොපේ මාමා නෙමෙයි. ඒ හින්දා අදටත් විදවන්නේ, මැරි මැරී උපදින්නේ අපි මිසක් තොපි නෙමෙයි. තනියම ට්‍රයි කරලා බැරි තැන එක එක පාලකයට මුට්ටි අල්ලලා හරි රටට සෞභග්‍යක් ගේන්න පරම්පරා පිටින් ජීවිත වලින්, ශ්‍රමයෙන් කැඹුරුවෙ අපි. තොපි නෙමෙයි. බටහිරයො අනේකවිධ පොලු දාද්දී ඒවට වෙට්‍ටු දලා රට මේ වෙනකන් උන්ට සින්න වෙන්න නොදී ගෙනාවෙ අපි. තොපි නෙමෙයි. යකෝ අද අපිට කට පුරෝල කියන්න පුලුවන් රජෙක් ඉන්නව බොල, රජෙක්! ඌ නපුංශකයෙක් නෙමේ ඔර්ජිනල් රජෙක්. අපි වින්දෙව්වා ඇති, අපේ රට වින්දෙව්වා ඇති බටහිරටයි උන්ගේ නිල නොනිල ඒජන්තයන්ටයි *ක දුන්න ඇති! තොපි කටයි *කයි වහගෙන බලා හිටපියව් ඉස්සරහට මොකද වෙන්නේ කියලා, තල් කොලෙ උඩට වැ‍ටුනු බෙලි ගෙඩිය හින්ද දිව්ව හාවා වෙන්නේ නැතුව.[අපි වැඩ පිලිවෙල වෙනස් කලත් දැක්ම වෙනස් කරන්නෑ, අපෙයි තොපෙයි ලොකුම වෙනස ඒකයි!]

    ReplyDelete
  13. තොපි ඔක්කොම එකතු වෙලා විජේවීර කියන සුන්දර මනුස්සයව ආපහු කියවපල්ලා.....

    ReplyDelete
  14. ඌත් අපිට නැතිකරපු සුන්දර රජෙක්!

    ReplyDelete
  15. @Anonymou උබේ මහා රජාටත් වෙනෙන් බල්ලෙක් වගේ මරෙන්න..... එක මගේ ආගම අනුව මට විස්වාසයි...

    ReplyDelete
  16. ආගම මාරු කරපිය..ඒක හෝර ආගමක්! යහපත කරන මිනිසුන්ට දඩුවම් දෙන තොපේ ආගමේ ඉන්න දෙයියොත් ‍තෝ වගේම නපුංශකයෝ. උන් වගේම උඹත් ඕපපාතිකයි (අම්මා දන්නෙත් නෑ තාත්තා කව්ද කියලා)

    ReplyDelete
  17. nodakin..munge maha pawul okkoma ekathu wela rata kanna yanne

    ReplyDelete
  18. හික්...හික්...හික්...well done...well done...

    ReplyDelete
  19. maha raja geana kiyapu mee harakata thanakola kanna wenne bath wenuweta weadi eathka newei namuth edata uwa hoyannath neathi wei edata opathika wenne wena kawruth newe ahinsaka minissu okkoma

    ReplyDelete
  20. Chandra Ranasinghe Said
    ඇනියෝ
    තොපේ මහරජාත් ඒ කාලේ කොල්ලෝ මරන්න ඔත්තු දුන්නා.
    කියපිය තොගේ මාමගේ නම.
    අපේ ත්‍රිමා මරපු එකාත් තොගේ මහරජා ගාව ඉන්නේ.
    හොඳට බලපිය.තොට ලයිස්තුවම ඕනෙද?

    මහින්දට කවුරුත් බයයි.
    ඌට උදව් කළ හැමෝටම කෙළිනවා.
    අන්තිමට චන්දේ දුන් උන්ටත් කෙළියා.

    ඕපපාතික කියන්නේ මොකක්ද අවජාතකයො.
    තො දන්නෙත් මහ එකා වගේ තේරුමක් නැති වචන ටිකක් කියවන්න විතරයි.

    Chandra Ranasinghe

    ReplyDelete
  21. හා හා ලමයිනේ ගහ ගන්න හදන්න එපා.. අපි ඔක්කොම එක අම්මගෙ දරුවො වගේ නේද? අපි කථා කරන සිංහල භාෂාව වෙන ලෝකෙ කොහේවත් කථා කරන්නෙ නැහැ.. ඉතින් ඇයි මේ ගහ මරාගන්නෙ? දැන් ඉතින් මහින්දට බැනල වැඩක් නැහැ, හොද කියල වැඩකුත් නැහැ. මහින්ද රටට හොදක් කරනවනම් අපි හැමෝම හුරේ පාර දාල අත් උස්සමු. හැබැයි ඌ අවජාතක වැඩ කරන්න ලැහැස්ති වෙනවනම් හැමෝම එකතු වෙලා ගෙදර යවමු.

    අපි අපි මරාගෙන වැඩක් නැහැ..හැබැයි ඉතින් බත් බැලයෝත් එක්ක මේ ගමන යන එකත් ලෙහෙසි කෙලියක් නෙවෙයි. මොනව උනත් වෙන දේවල් බලාගෙන ඉදපල්ලා.. දැන් ඉතින් දෙයියනේ කියල ලංකාවේ බෝම්බ පුපුරන්නෙ නැහැනෙ. එහෙම උනා කියල පු* දීලම හරියන්නෙ නැහැ කොල්ලනේ... එන විදිහට දැන් මූහුන දීල රටට හොදක් කරන එව්වන් එක්ක මේ ගමන යන්න බලමු. මේ ටිකත් මතක තියාගනිල්ල එක හීනෙන් එලිවෙන්නෙ නැහැ.. ඒ වගේම තමයි ලංකාවේ උන්ට කෙලවන්න ආපු නායකයෝ හිටිය තැනුත් හොයාගන්න බැහැ.. ඒ නිසා මිනී මරගන්නෙ නැතුව එකා වගේ වෙන දේවල් බලාගෙන ඉදිමු.. ඒක පො** කම නෙවෙයි..
    අපිටත් අවස්ථාවක් එනවා.. එතකන් ඉදපල්ලා.... - සිහ නාද

    ReplyDelete
  22. harima praathamikai

    ReplyDelete
  23. As long as Mahinda attacks Tamils and minorities in the country, all the Sinhalese will support him. What will happen if he starts to address real and genuine concerns of the minorities? What about if he is going for a real devolution of power?

    ReplyDelete
  24. What are real and genuine concerns of the minorities? could you please explain in details...if you can find such

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා