"සත දෙකට මොකට ද අතන ඉරා ගන්නෙ!" කිකිළියෝ ඇමති ජොන්සටන්ගෙන් අසති

(2010 සැප්තැම්බර් 20, W3Lanka) අභ්‍යන්තර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙවර පටලැවිල්ලක් ඇති කරගෙන ඇත්තේ කිකිළියන් සමගයි. 


මෙතැන මිලියන් ගණනක කතාවක් කියැවෙන්නේ නැත. කියැවෙන්නේ රු. තුනක් ගැනයි. බිත්තර මිළ රු. තුනකින් අඩු කළේ නැතිනම් එතුමා බිත්තර පිටරටින් ආනයනය කරන බවට තර්ජනය කර තිබේ. 


බ්‍රසිලයෙන් කුකුළු මස් ගෙනැවිත් මෙරට කුකුළන්ගේ ගණන් බස්සන බව ජොනී කියා දැන් බොහෝ කල් ය. පෞද්ගලික අංශය විසින් ගෙන්වන ලද කුකුළු මස් තොගයක් ප්‍රමිතියෙන් බාල ය කියා ගිනි තබා විනාශ කර විශාල පරිසර දූෂණයක් ද කරන ලදී. 


ඇමති ජොන්ස්ටන් කියන පරිදි බිත්තර මිළ වැඩි කරන්නේකුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා ය. කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයාට එක කිකිළියෙක්වත් නොමැති බවත් එතුමාට ඉන්නේ ගෙදර කිකිළි පමණක් බවත් ඇමති කියයි. එහෙනම් ඇමතිට ද ගෙදර කිකිළියක් ඉන්නවා ඇත.

එයට පිළිතුරු දෙමින් සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ඩී.ඩී.වනසිංහ පවසන්නේ කිකිළියන් නොමැති වුවත් තමා ප්‍රවීණ පශු වෛද්‍යවරයෙක් බවත් කුකුළු ව්‍යාපාරය පිළිබදව හසල දැනුමක් තිබෙන බවත් ය. හෙදියන්ගේ සංගමයේ සභාපති හෙදියක නොව භික්ෂුවක බව ද හේ පෙන්වා දෙයි. 



ඔහු කියන පරිදි බිත්තර මිළ වැඩි වන්නේ පැටවුන් හා කුකුළු කෑම ආදියේ මිළ වැඩි නිසා ය. අන්තිමට බලාගෙන ගියා ම වැරදිකාරයා සෙවීම මුලින් බිහි වුණේ කිකිළි ද බිත්තරය ද යන්න සෙවීම වැනි දෙයකි.

කොහොමින් කොහොම හරි අන්තිමේදී බිත්තරෙත් අපට ඇල්ලිය නො හැකි වී ඇත. පාන් මිළ ඉහළ ගිය පසු කේක් කන්නට ද බැරි ය. මක් නිසා ද යත් බිත්තර මිළ ඉහළ ගිය නිසා කේක් මිළ ද ඉහළ ගිය බැවිනි.

අපට තියෙන්නේ මේ ඇමතිලාගේ කතා අසමින් හිනා වෙවී හාමතේ ඉන්නට බැවින් පරණ කතාවක් මෙසේ මතක් කරමි.

එක් කුකුළු කොටුවක කිකිළියකගේ බිත්තරවල මිළ අනෙක් කිකිළියන්ගේ බිත්තරවල මිළට වඩා සත දෙකකින් වැඩි ය. එහෙයින් ඒ කිකිළිය ඉන්නේ මාර ආඩම්බරයෙනි.

"උඹලාත් උත්සාහ කරලා ලොකු බිත්තර දැම්මොත් උඹලාගේ බිත්තරත් මගේ බිත්තර වගේ සත දෙකක් වැඩි මිළට විකිණේවි." ආඩම්බර කිකිළිය කීවා ය.

"සත දෙකට මොකට ද අතන ඉරා ගන්නෙ!" අනෙක් කිකිළියෝ කී හ.



Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Which came first, chickens or eggs?

    Eggs...!!!

    Eggs were there in the era of Dinasaurs.

    ReplyDelete
  2. @කතන්දරකාරයා

    ane gon talk noda idin ban..!!!

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ශිෂ්‍යත්ව ප්‍රථිපල අන්තර්ජාලයෙන් බලා ගැනීමට අමතන්න. 0777668993 එක් විභාග අංකයක් සඳහා රු.200 ක් පමණි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා