සොරි තමා අපේ හාමුදුරුවනේ: ෆොන්සේකාට ගහන්නේ ගොන් සේනාවට රිදෙන්න

(2010 සැප්තැම්බර් 30, W3Lankaහිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.


ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, හා අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණීස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර යන නාහිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර ඇත.


මහ නායක හිමිවරුන් විසින් දැන ගත යුතුව තිබෙන කාරණයක් තිබේ. එනම්, ෆොන්සේකාට රාජපක්ෂ පවුල මෙසේ නඩු පිට නඩු දමමින් වධ දෙන්නේ මන්ද යන්නයි. 


ෆොන්සේකා කෙතරම් නිර්භීත සටන්කරුවකු වුණත්, දේශපාලන අපරිණතකම හා ලංකාවේ විපක්ෂයේ කුහකකම් නිසා ඔහු මේ වන විට අවලංගු කාසියක් වී හමාර ය. ලංකාවේ විපක්ෂයේ නායකත්ව භූමිකාවක රික්තයක් තිබෙන මුත් ෆොන්සේකාට එතැනට ආදේශ වීම පහසු නැත. ඔහුගේ ගිනිපුක් චරිත ලක්ෂණ මාධ්‍ය ඉදිරියේ සඟවා ගැනීමට ඔහු අසමත් වීම එයට එක් හේතුවකි. අනෙක් පැත්තෙන්, ලංකාවේ දේශපාලන අවකාශයේ හිඩැසක් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියකුට හෙයින් ෆොන්සේකා ඒ සඳහා තම සුදුසුකම් ප්‍රදර්ශනය කළ යුතු ය. 


ඔහු දේශපාලනයේදී දක්ෂයකු බව ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී ඔහු ප්‍රදර්ශනය කළේ ය. එසේ ම ඔහු අත්අඩංගුවේදී සිය අදීන දේශපාලන පෞරුෂය ප්‍රදර්ශනය කළේ ය. හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා එස්.බී. දිසානායක හිරේ යැවූ කල ඒ සුමනසිරි බංඩා දීන වූ අන්දමට හාත්පසින් වෙනස් ආකාරයකට ෆොන්සේකා කටයුතු කළේ ය. 


කොහොම වුණත්, ෆොන්සේකා මේ මොහොතේ නම් රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයට තර්ජනයක් නො වේ. අනාගතය සඳහා අවශ්‍ය නායකත්වය සැපයීමට ඔහු ඉවසිලිමත් දුර ගමනක් යා යුතු ය. ඒ සඳහා පළමු කොන්දේසිය බෙල්ල කඩා නො ගෙන සම්මුති විරහිතව සටන් කිරීමයි. 


රාජපක්ෂ පවුල ෆොන්සේකාට ගහන්නේ තව දුරටත් ඔහුට රිදවීමට නො වේ. මන්ද, ෆොන්සේකාට ගහන ගැහිල්ල මේ සමාජයට ඉවසා සිටිය හැකි සීමාව දැන් ඉක්මවමින් තිබේ. මහ නායක හිමිවරුන්ට මෙවැනි නිවේදනයක් නිකුත් කරන්නට සිදු වී තිබෙන්නේ එහෙයිනි. 


ෆොන්සේකාට ගහන්නේ ආණ්ඩුවේ සිටින සිරිසේනලාගේ, සිරිපාලලාගේ සිට ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ  හා වාසුදේව නානායක්කාර දක්වා සියල්ලන්ට පාඩමක් උගන්නන්නට ය. එය කොතරම් තිත්ත කසායක් ද යන්න තමන්ට තේරෙන බව තිස් දෙවසරක් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කළ වාසුදේව නානායක්කාර 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දීමෙන් පෙන්නුම් කර තිබේ. ආරංචි හැටියට රජතුමා මේ විප්ලවකාරයන්ට කියා ඇත්තේ 'තමුසෙලට ඕනැ නම් විරුද්ධව ඡන්දෙ දෙනවා. මට දිනන්න තමුසෙලගෙ ඡන්ද ඕනැ නැහැ,' යි කියා ය. 


කලක් එක පතේ කෑ එවුන්ට විරුද්ධ වෙන්නට අවස්ථාවක් නො දීම  ඕනෑ ම මාෆියාවක සාමාන්‍ය ලක්ෂණයකි. ආඥාදායකත්වය ද මාෆියාවකි. එහි නීතිය අනුව ද එකට සිටි එවුන්ට විරුද්ධ වී පණ පිටින් සිටිය නො හැකි ය. ෆොන්සේකා නො මරා මරන්නේ අනෙක් ගොන් සේනාවට මේ පාඩම කියා දීමටයි. 


ඒ නිසා අපේ හාමුදුරුවනේ හදවත තෙත් කරගෙන නම් රජතුමාට ටාගට් එකට යන්නට බැරි බැවින් ඔබ වහන්සේලාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන එක ෂුවර් නැත. 


ඉලක්ක කරන ඒකාධිපතිත්වයට යාමට නම් ෆොන්සේකාට ගැහීම විතරක් ප්‍රමාණවත් වන්නේ නැත. මහ නායක හිමිවරුන් කියන දේ ගණන් නො ගැනීමෙන් භික්ෂු බලවේගය කියා කියන බංඩාරනායකගේ සිට සියලු රාජ්‍ය නායකයන් දණ ගැස්සූ බලය ද තමන් පඩයකට ගණන් නො ගන්නා බව පෙන්නීම අවශ්‍ය ව තිබේ. මඩකලපුවේ මේ මොහොතේ අම්පිටියේ සුමනරතන හිමියන්ගේ මාරාන්තික උපවාසය හමුවේ මෙම ඔබට භයානක අපට චූන් ඉරණම මේ මොහොතේ සනිටුහන් වෙමින් තිබේ. 


නියම ඒකාධිපතිවාදයකට භික්ෂු සංස්ථාව පමණක් නො ව පවුලේ කැරැලිකරුවන් පවා අනුකම්පා විරහිතව මෙල්ල කිරීමට සිදු වනු ඇත. 


එහෙයින් දැන් ඉතින් ඔබ වහන්සේලාට කළ හැකිව තිබෙන වැඩක් ඇති දෙයක් වන්නේ ගිය නුවණ යළි අද්දවා ගැනීම ගැන හෝ වවුලාගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලී සිටීමේ වැදගත්කම ගැන හෝ ඔබ වහන්සේලාට දානය දෙන පිංවතුන්ට බණ‍ දෙසීමයි. 


මේ නිවේදනය ගැන අපට තේරෙන හැටියට නම් සොරි ය. එහෙම නො වේ නම් එවැන්නකට දේශපාලන භාෂාවේ කියන්නේ ව්‍යතිරේඛයක් කියා ය. 


ජේ.ආර්.ගේ ඒකාධිපති සිහිනය බොඳ වුණේ ඔය ව්‍යතිරේඛ නිසා බැවින් උන්නැහේගේ අප්පුච්චා අත පුච්චා ගනු ඇතැයි අපි නම් නො සිතමු. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. තමාගේ සුඛවිහරණය ගැන පමණක් හිතා වෛරී සහගත සිතුවිලි පමනක් හිතේ තබාගෙන මුළු රටම පාවා දීමට කටයුතු කල පාහර දේශදෝහී ෆොන්සේකාට සමාව දුනහොත්, ෆොන්සේකාට දැනට හිමිව පවතින ඉතිහාසයේ මහා පාවා දෙන්නා හා දේශ ද්‍රෝහියා නාමය මහින්දට පැමිණීම වැලැක්විය නොහැක. රාජපක්ෂ විරෝදීහු අද විස්සෝප වන්නේ දේශද්‍රෝහියා හිරේට යෑම ගැන නොව රාජපක්ෂට නොවැරදුන නිසාය.

    ReplyDelete
  2. @ annya

    Koheda booruwa General rata pawala denna giye.... dinamina paththarei... jathika rupawahiniyai balana pakis booruwek....

    ReplyDelete
  3. ඔය පළවෙනි ඇනියගෙන් අහන්නේ තමාගේ සහ පවුලේ සුඛ විහරණය ගැන හිතමින් මුළු රටම විනාශ කරන පාහරය මහින්දනෙ බල්ලො, තෝ මොන ලෝකෙද ජීවත් වෙන්නේ?

    ReplyDelete
  4. එතකොට සුදු කොඩි කතාව උගෙ පුකෙන් ගිය පඩයකින් ඇහිච්ච දෙයක්ද?

    ReplyDelete
  5. නිලුපුල්September 30, 2010 at 9:15 PM

    ජෙනරල් සුදු කොඩි කතාවක් කිව්වේ උබටද? ඒක තාම හරියට ඔප්පු වෙලාවත් නැති දෙයක්.

    අනිත් එක අපි කොටින්ට ත්‍රස්තවාදීන් කියන්නේ උන් පිළිගත් යුධ නීති නොපිළිපැද්ද නිසයි. එහෙව් එකේ අපේ හමුදාවත් යුධ නීති උල්ලංගනය කලානම් ත්‍රස්තවාදීන් සහ පිළිගත් නිත්‍යානුකූල හමුදාවක් අතර ඇති වෙනස මොකක්ද? ඒ වගේ දෙයක් කිව්වත් එය රට පාවා දීමක් වන්නේ නැත. එය රටෙත් හමුදාවේත් ගෞරවය ආරක්ෂා කරන ප්‍රකාශයක් මිසක්.

    ReplyDelete
  6. අනේ බොල තොපේ මොලේ...පුකෙන් තමයි හිනා යන්නේ ඕවට....ඔය පැන්නෙ තොපෙ බළල්ලු මල්ලෙන් එලියට...ඒකනෙ මහ එකත් ගලේ රීපු බළලා වගේ කට්ටි පැන පැන ඉන්නේ.....

    ReplyDelete
  7. @ නිලුපුල්
    ඈ පකෝ පිලිගත් යුධ නීතියට ආවෙ නැති හින්ද්ද තොට කොටි ටික ත්‍රස්තවදීන් වුනේ????...තෝ හොදයි පොන්නසේකයා එක්ක දේශපාලනෙ කරන්න ! උඹේ පිලිගත් නීතියට ඇවිල්ල උන් ජඩ වැඩ කලානම් මිනී මැරුවනම් බෝම්බ පිපුරුවන්ම් හරි! ගොනෙක් වුනට තොපේ පොන්නසේකය වගේ තප්පුලන්න එපා.

    ReplyDelete
  8. නිලුපුල්September 30, 2010 at 9:48 PM

    ඔය කුණුහරුප කියන ඇනොලා ගැන මටනම් තියෙන්නේ අනුකම්පාවක් උබලාට තාර්කිකව හිතන්න හිතල තර්ක කරන්න මොළයක් නැති නිසානේ මෙතන කුණුහරුප කමෙන්ට් දාන්නේ ඒ කමෙන්ට් වල කුණුහරුප අයින් කලොත් ඇති දෙයක් නෑ. මම නම් නිර්දේශ කරන්නේ හොද පොතක් දෙකක් කියවල දැණුම ලබාගන්න කියලයි.

    හැබැයි ඒවයෙ තියෙන දෙවල් උබලට තේරෙයි ද මන්ද කුණුහරුපයක්ම කියල පොත පැත්තකට විසි කරල දායි.

    උබල වගේ නිවටයො ඉන්නකන් හොදයි රටේ මහ රජ්ජුරුවන්ට රට සුද්ද කරන්න.

    ReplyDelete
  9. Good bye Fonny…have a comfortable Jail…if you among lives see u after 3 years buddy……

    ReplyDelete
  10. අහිංසක දෙමල ජනතාව ඝාතනය කල පොන්සේකාට කලකම් පලදුන්නා. මහින්ද මරු වැඩේ කලේ මූට.

    ReplyDelete
  11. @ නිලුපුල්:
    ඔව් ඔව් උඹලා උගත්...අපි නූගත්..උඹගෙ පලවෙනි කමෙන්ට් එක දකින කාටත් තේරෙනව උඹ කව්ද කියලා..ගූ ගොඩ ඔලුව උඩ තියාගෙන අනිත් උන්ට බැන බැන යන ඉස්සෝ තමයි උඹලා....

    ReplyDelete
  12. ඇනියා භාගයක් හරි භාගයක් වැරදියි....ඔව් දෙමල ජනතාව අහිංසකයි තමයි. ...
    නෑ ෆොන්සේකාවත්, හමුදවවත්, මහින්දවත් දෙමල ජනතාව මැරුවෙ නෑ ඒක හින්ද උඹ වැරදියි . මැරුවෙ කොටි ත්‍රස්තවාදීන්. තව ඉන්නවනම් තව මරන්න ඕනා.. උල තියලා මරන්න ඕනා ත්‍රස්තවාදීන්ව

    ReplyDelete
  13. ගුණමකුවට හොඳ වැඩේ...මූට ඔය තත්වෙට එන්න අත දීපු අයට කෝචොක් කලා ...දැන් ඉතින් කඩපිය ගල්... ගැනපිය උළු, මූට කියල දවසකට පොල්ලෙලි හොඩර හත ගානෙ තලවන්න ඕන !

    ReplyDelete
  14. Maha lokuwata deshapremayai,sinhalakamai gena me web adaviyata liyana mahatturu,(me wachane gelapeida mandanne nehe) karunakaral asbiya wachana pavichi kereema nawattala, hedicha vidiyata liyanawada. Mokada me web adaviya padada pantiye aya vitarak nemei hedeyawak eti minisut balanawa.Kohoma unat katakarana basawen sata mokada kiyala anitaya terum gannawa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා