ගැහැනුන් අරාබින්ට විකුණාගෙන කන ලංකාවේ සියලු පිරිමි මේ මියගිය දැරියගෙන් සමාව ගත යුතු ය

(2010 සැප්තැම්බර් 29, W3Lankaලංකාවේ ජාතික වීරයන් මොන ලොකු ටෝක් දැම්මත්, මුළු ලංකාව ම විලි ලැජ්ජා නැතිව ජීවත් වන්නේ මැද පෙරදිග තෙල් සල්ලිකාරයන්ගේ ගෙවල්වල පර වැඩ කිරීමට ‍මේ ලෝකෙන් ම උතුම් ය කියන රටේ ගැහැනුන් අපනයනය කිරීමෙනි. මේ නීච ක්‍රියාව කෙබඳු ද යත් අරාබිකාරයන් ශ්‍රී ලංකන් එකක් කියන්නේ වැඩකාර ගැහැනියකටයි. 


මේ වන විට ලංකාවේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගය මැද පෙරදිගට ගැහැනුන් අපනයනය කිරීමයි. හත්මුතු පරම්පරා උගස් කර ණය ගෙන, අත දිග හැර වියදම් කරමින් කොමිස් ගහන ඩොලරුත්, අල්පෙනෙත්තේ සිට ගුවන් යානය දක්වා බඩු රටින් ගෙන්නීම සඳහා යන මුදලුත් ආවරණය කර ගන්නේ මේ දිළිඳු ගැහැනුන්ගේ රීරි මාංසයෙනි.


පසළොස් පක්ෂයකට අධික වන ලංකාවේ විදේශ ශ්‍රම බලකායෙන් දස ලක්ෂයකටත් වඩා වන අති බහුතරය නුපුහුණු ගෘහ සේවිකාවෝ ය.


පසුගිය කාලයේ ආණ්ඩුවේ ලොකු ලොක්කන් දැමූ එක් පොර ටෝකක් වන්නේ ලංකාව ගෘහ සේවිකාවන් වැනි නුපුහුණු ශ්‍රමිකයන් රට යැවීම නතර කරන බවයි. එහෙත්, ඇත්ත කාරණය වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියාවලට යාම වැළැක්වීම සඳහා ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමේ හෝ උනන්දුවක් හෝ කොන්දක් හෝ මේ උත්තමයන්ට නැති වීමයි. මේ අසරණ ගෑනු අරාබිකාරයන්ට කැඹුරුවේ නැතිනම් දේශපාලක උන්දැලා රජ සැප විඳලා හමාර ය.


පසුගිය කාලයේ රජය දැමූ තවත් ලොකු ටෝකක් වන්නේ මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඇමරිකන් ඩොලර් 250 කරන බවයි. ඒත්, එහෙම වුණොත් අරාබි කුණු පෙරේතයන් ඒ ගානට වැඩකාර ගෑනුන් නො ගන්නා නිසා ලංකාවේ ගැහැනුන් රට පටවන්න බැරි වන බව ඒජන්සිකාරයන් පෙන්වා දුන් වහා ම මුන්දැලා ඒ තීරණය ද හකුළාගෙන වදාළ හ. තාම ලංකාවේ ගැහැනු අරාබි යන්නේ රු. දහදාහේ පහළොස්දාහේ පඩියටයි.


ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 12%ක් ඉන්නේ විදේශ රැකියාවලයි. ඔවුන්ගේ ඡන්දය මංකොල්ලකෑමට හෝ වැඩ පිළිවෙලක් සකස් කිරීමේ උවමනාවක් ආණ්ඩුවට නැත. ඒ සඳහා කරදර වෙන්නට උවමනා නැති මේ බොහෝ ගැහැනුන්ගේ ස්වාමි පුරුෂයන් ගැහැනු එවන මුදලින් කසිප්පු බී, පිස්සු නටමින් ඉඳ ඡන්දෙ දවසේ උදෙන් ගොස් පාලකයන්ට පරමාධිපත්‍යය දන් දී එන නිසා ය.


මේ සමහර පිරිමි ගැහැනුන් නැති ගෙවල් ඇතුළේ සිය මෝල් කලන්තය හොඳ කර ගන්නේ දියණියන්ගෙන් බව ලෝක ප්‍රසිද්ධ ය.


රජයක් නඩත්තු කරන්නත්, බඩ වියත රැක ගන්නත් මැද පෙරදිග කඹුරන්නට යන අම්මලා නිසා අනාගත පරම්පරාවක් අනාථ ය.


පහත පළ වන්නේ ආණ්ඩුවේ දිනමිණ හොරණෑව ලේක්හවුසියේ ඉන්න ආණ්ඩු ගැති නිකමුන් නඩත්තු කිරීම සඳහා විලි ලැජ්ජා නැතිව විකුණන් කන අපරාධ ප්‍රවෘත්තියකි.


මේ මරා දමා ඇති අට හැවිරිදි දියණියගෙන් ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ සිට සමස්ත ජාතිය ම සමාව ගත යුතු ය.


මේ තාත්තා දියණියට පහර දුන් පොල්ල පෙන්නන්නට ගොස් පළා යන්නට තැත් කරද්දී, පොලිසිය දනෙන් පහළට වෙඩි තබද්දී ඔලුවෙන් හිට ගත් බවට වාර්තාවක් සපයා ගැහැනුන් විකුණා කන ලංකාවේ පිරිමි අපරාධකාරයන් සතුටු කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.


ලංකාවේ පිරිමිනි, තොපට පුරුෂ ලිඟු ඇත්නම් ගැහැනුන් අරාබින්ගේ ඉඳුල් හෝදන්න යවනවාට විරුද්ධ විය යුතු ය.


වයස අවුරුදු අටක් වන තම දියණිය නිවසේ වැඩපල කර නොමැති බව පවසමින් කඩුගන්නාව බඹරයාය ප්‍රදේශයේ පුද්ගලයකු බීමතින් පැමිණ පොල්ලකින් පහර දී සිය දියණිය ඝාතනය කැර තිබේ.


මිය ගිය දරුවා පවුලේ දෙවැනියා වන අතර ඇයගේ මව මෙයට වසර දෙකකට පමණ පෙර විදේශ ගතව ඇතැයි පොලිසිය පවසයි.


දිනපතා බීමත්ව පැමිණෙන මෙම පියා ගැහැණු දරුවන් දෙදෙනාත් පිරිමි දරුවාත් සමඟ නිවසේ වෙසෙන අතර, සෑම දිනකම රාත්‍රියේ බීමත්ව පැමිණ දරුවන් තිදෙනාට බැන වදින බවත් බොහෝ අවස්ථාවල ඔවුනට පහර දී ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.


මෙම සිද්ධිය වූ දිනයේ ද රාත්‍රියේ මෙම පියා බීමතින් පැමිණ ඇති අතර අලුයම දෙක පමණ වන තෙක් සිය දරුවන්ට බැන වැදී ඇත. ඒ අවස්ථාවේ ඔහු සිය දෙවැනි දියණියට නිවසේ තිබූ පොල්ලකින් පහර දී තිබේ.


පහර කෑමෙන් බිම ඇද වැටුණු තම නංගී උදෑසන වන තෙක් අවදි නොවූ බව වැඩිමල් දරුවා පොලිසියට ප්‍රකාශ කැර තිබේ.


මියගිය දරුවාගේ මෘත දේහය ගම්පොළ මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණවලින් පසුව ගම්පොල රෝහලේ තැන්පත් කැර තිබේ. කඩුගන්නාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මේ නම් අන්තිම ගොන් පෝස්ට් එකකි. ලංකාවේ කර්මාන්ත ඇති කිරීමට ඉඩ දෙන්නේත් නැත්නම්, ලංකාවේ රැකියා අවස්ථා ඇත්තේත් නැත්නම් ගෑණුන් රට ගිහින් හෝ කීයක් හරි හොයා ගත යුතුය. අප හැම දෙනා මුදල් හොයා ගන්නේ කාට හෝ සේවය කිරීමෙනි. අරාබි කාරයාට සේවය කිරීම(එය නීති විරෝධී නොවන තාක් කල්) අවමානයක් නොවේ.

    පවුල් නොකැඩී තිබීම දරුවන්ට හොඳය. නමුත් අම්මලා මැදපෙරදිග යාම නිසා පවුල් කැඩීම ගැන කතා කරන කිසිවකු එසේ නොකොට පවුල් රකින්නට මුදල් හොයන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නැත. තොපිට පුරුෂ ලිඟුවක් ඇත්නම් ඒකට උත්තර දීපියව්.

    ReplyDelete
  2. පෝස්ට් එක ලියපු එකාට දොස් නැගීම පලක් නැත. ඇගිල්ල දිගු කල යුතු අයට ප්‍රසිද්ධියේ ඇඟිලි දිගු කරන්න කිසිවෙක්ට හැකියාවක් නැත. ලියුම්කරු සමහර විට රඵ භාෂාවෙන් ලියනවා ඇත්තේ මෙම සිද්ධියේ සංවේදීබවේ හැඟීමෙන් විය හැක.
    අඹු දරුවන් පෝෂණය කල නොහැකි පුරුෂයන්ගෙන් යුත් නපුංසක සමාජයක් බිහිවීමට සැමදෙනාම වගකිව යුතුය. නිදහසෙන් පසු මේ රටේ නිශ්පාදන කර්මාන්ත හරහා රැකියා අවස්ථා බහුල වන සංවර්ධනයක් ඇති නොවුයේ රටට ආදරය කරන බව පෙන්වන තක්කඩි දේශපාලකයන්ට රටභාර දීමට පුරෝගාමී වුණ ජනතාව නිසාය.
    අදටත් මේ ජනතාවට එසේ කිරීමට මග පෙන්වන්නේ ඔබද නියෝජනය කරන විද්වත් පාර්ශ්වන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් වැන්නන්ය.
    මේ සියල්ලම තක්කඩි දේශපාලනයේ නිශ්පාදනයන්ය. අධ්‍යාපනය හරහා ලබාගන්නා විද්වත් බව දේශපාලනය උදෙසා අලෙවි කිරීම හැර මේ අධ්‍යාපනය හරහා මනුෂ්‍යයන් බිහි නොකිරීම දේශපාලන කුමන්ත්‍රණයකි. ඒ හරහා බිහිකරන්නේ පාලකයන්ට පීඩකයන්ට සේවය කරන්නන් පිරිසක් මිස ජනතාවට සේවය කරන්නන් නොවේ. මනුෂ්‍යත්වයට සේවය කරන්නන් පිරිසක් නොවේ.
    දුර්වල පදනමක් මත බිහිකරන ඉදිකිරීම්ද දුර්වලය.
    කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකර විවේචනය පමණක් ප්‍රගතිශීලී බව නොවේ. මනුෂ්‍යත්වයද නොවේ. විද්වත්භාවයද නොවේ.

    - නස්රුදීන්

    ReplyDelete
  3. @-Taboo Subjects

    "ලංකාවේ පිරිමිනි, තොපට පුරුෂ ලිඟු ඇත්නම් ගැහැනුන් අරාබින්ගේ ඉඳුල් හෝදන්න යවනවාට විරුද්ධ විය යුතු ය."

    මේ පෝස්ට් එකේ, වෙන මොනවත් එහෙම ලියලා නෑ හොඳේ. මෙච්චරයි ලියලා තියෙන්නේ. උඹලා වගේ අති උත්තම ආචාරියෝ නිසා තමයි රටට හෙණ ගැහිලා තියෙන්නේ .

    ReplyDelete
  4. @-Taboo Subjects

    ටැබු ඔබ දක්ෂයෙක් බව මම පිළිගන්නවා, නමුත් ඔබ තුල ලොකු අදක්ෂකමක් එලියට පෙනවා. මිනිස්සු ජිවත් වෙන්නෙ මිනිස්සු වෙනුවෙන්. මිනිස්සුම තමයි අද මෙ ලොකෙ මෙ තැනට ගත්තෙ. කෙනෙකුට බැණලා කෙනෙකුගෙ මහන්සියක් පහතට දමා ඔබට කිසිවක් කරන්න බැහැ. මෙ ලියන කෙනත් මෙවා දැකලා රටට තිබෙන ආදරෙ නිසා ලියන්නෙ. මෙ ලියන කෙනාට මෙක බලන් ඉන්න බැරි නිසා ලියන්නෙ. ඔහුට අපි ගෞරව කරන්න ඔනා, ඔහුගෙ මහන්සිය අපි අගය කරන්න ඔනා.

    ඔබ ඔබගෙ බ්ලොගය තුලින් සිදු කරන්නෙ සමාජයෙ තුල හැසිරිමෙදි ඔබට සිදුවුණ ගැටිම් නිරාකර්ණය කර ගැනිමයි. ඉතින් ඔබ තුල අන් මිනිසුන් කෙරෙහි ගෞරවයක් නොතිබුනත් මිනිසෙකු ලෙස ජිවත් වන තුරු තවත් කෙනෙකුගෙ මහන්සිය අගය කරන්න පුරුදු වෙන්න. දැනුම, තර්කය , කියන දෙ බොහොම ප්‍රාථමිකයි මිනිස් මනස තුල, හැමදෙම ඔවගෙන් කරන්න බැහැ. අම්මලා කිරි දරුවන්ව අතරමං කරලා රට යද්දි එ දරුවන්ට මොකද වෙන්නෙ කියලා මම හැමදාම ඇස් දෙකෙන් දකිනවා. මනුස්සයෙක් නම් මනුස්සයෙක් වගෙ හිතන්න. හැමදෙම ඉගෙන ගත්තු මගුල්වලට දාල එක එකාට බනින්න එපා.

    ReplyDelete
  5. I cannot agree with Taboo. Mostly have to agree with W3L. He ,may be driven with emotions, but the overall outcome of these domestic work force is always a tragedy.

    I know that in the midst of poverty they are helpless. But there shud be minimum regulation to adhere such as children welfare, etc if one is gonna leave their dependent children for foreign work. It is teh resp of govt.

    bravo W3L

    ReplyDelete
  6. ටැබූ හරි, අපි කරන්න ඕන මෙය හැකිතාක් ප්‍රමිතිගත කිරීම මිසක් මෙය නැවැත්වීම නොවෙයි. මේක රතු ඉරක් ගහල නවත්වල දැම්මොත් ඇතිවන මූල්‍ය අවපාතය නැතිකරන්න සල්ලි දෙන්නෙ අජිත්ගෙ තාත්තද? තිත්ත වුනත් ඇත්ත මේකයි, දුබලයට ජීවත් වෙන්න ඕන්නම් කරන්න ඕනා ප්‍රබලයට සේවයක් කර දෙන දෙයක් කා ජීවත් වීමයි( නොදැන හෝ නොසිතා අප හැමෝම කරන්නෙත් ඕකම තමයි).නැත්නම් ප්‍රබලයා විසින් දුබලයව මරාගෙන කනු ඇත.

    ReplyDelete
  7. W 3Lanka වෙබ් අඩවියට මන්ද බුද්ධික බූරුවෙකු විසින් සපයන ලද අන්තගාමී මර්වින් සිල්වා වර්ගයේ ලිපියකි.

    ReplyDelete
  8. අදහස් දක්වන්න කියල් තියෙන්නෙ නම් මෙහෙමයි.

    "ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න."

    මෙම කතුවරයා සහ ලිපිය පිළිබඳව අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුවමට කියන්න තියෙන්නෙ මෙපමණයි.

    ‍"අනේ මෙහෙමත් බූරුවෙක්....අනේ මෙහෙමත් ලිං ගෙම්බෙක්"

    ReplyDelete
  9. මම හිතනවා ලේඛකයා ලියපුදේවල් හරි කියලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා