සර්පයා (කේ.කේ. සමන් කුමාර) ගැන දුක ය

(2010 සැප්තැම්බර් 19, W3Lankaමේ සාහිත්‍ය මාසයයි.


සාහිත්‍යය කන්නදැයි රාජ්‍ය නායකයන් විසින් අසා තිබෙන, පොත පත නො කියවන, ලියුමක් හැර අන් යමක් ලියා නැති ලොකු ලොක්කන්ට සාහිත්‍යශූරී සම්මාන පිරිනැමෙන මේ රටේ සාහිත්‍යකරුවන් ජීවත් වන්නේ කෙසේදැයි සොයා බලන්නට කවුරුවත් නැත.


ජීවත් වීම අතිශය දුෂ්කර ය. කෙතරම් දුෂ්කර ද යන්න කේ.කේ. සමන් කුමාර (සර්පයා) හොඳින් දන්නවා ඇත. සාහිත්‍යය ලියා ජීවත් වන්නට බැරි ය. දැන්වීම්, ටෙලි නාට්‍ය කතා වැනි විකිණිය හැකි යමක් ලිවිය යුතු ය.


පහත පළ වන්නේ අද සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ පළ වූ පුවතකි. මෙහි නම් සඳහන් වන අන් අය ගැන අපට කිසිදු හැඟීමක් නැත. එහෙත්, සර්පයා ගැන දුක ය. 


චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මේ දිනවල අලුත් ව්‍යාපෘතියකට අත ගහල. ඒක අපේ රටට හඳුන්වාදෙන අලුත්ම අලුත් වැඩක්.


මේ කාර්යය තමයි ඇය නිෂ්පාදනය කළ සියලු චිත්‍රපට ඇසුරින් නවකතා රැසක් නිර්මාණය කිරීම.


ඇත්තටම විදේශ රටවලට නම් මේ ක්‍රමය අලුත් අත්දැකීමක් වෙන්නේ නෑ. ඒ රටවල ඕනතරම් චිත්‍රපට ඇසුරින් නවකතා බිහිවෙනවා.


ඒත් අපේ රටට මේක අලුත් අත්දැකීමක්. මම තීරණය කළා අපේ නිෂ්පාදන සියල්ල සඳහා මෙවැනි නවකතා ව්‍යාපෘතියක් කරන්න.


මේ සඳහා අපි ලේඛක ලේඛිකාවන් හයදෙනෙකු තෝරාගත්තා.


‘සරෝජා’ චිත්‍රපටය ඇසුරින් නවකතාව ලියන්න පුෂ්පා ඉලංගන්තිලකත් ‘පුංචි සුරංගනාවි’ චිත්‍රපටය ඇසුරින් නවකතාව ලියන්න කේ.කේ.සමන් කුමාරත්, ‘සමනල තටු’ ඇසුරින් නවකතාව ලියන්න අජිත් ද සේරම් ද, සූරිය අරණ ඇසුරින් නවකතාව ලියන්න ප්‍රියංකා අමරතුංගත්, ‘සිරි රජ සිරි’ ඇසුරින් නවකතාව ලියන්න ශ්‍රීලාල් නානායක්කාරත් ‘බිංදු’ ඇසුරින් නවකතාව ලියන්න ශාන්ති දිසානායකත් අපි තෝරාගත්තා.

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. සියලු පරමාදර්ශ වාෂ්ප වූ යුගයක මේවා කතා කරලා වැඩක් නෑ පැරා. ඒක උගේ අසරණකම කියලා හිතමු.
    (පුංචි සුරංගනාවිත් ලොලිටා වගේ මකබාවක් කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා)

    ReplyDelete
  2. Saman Kumara Brecht wage patta sira porakda?

    ReplyDelete
  3. http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=KATH&ArtID=194

    ReplyDelete
  4. porawal atha. sira porawal natha.

    ReplyDelete
  5. සර්පයා නන්න වී ජීවත් වන විට පැත්ත පලාතකවත් නොබැලූ ඔබ අද මෙවැනි ගොන්පාට් දමන්නේ ඇයි?

    දෙවියන්ගේ පිලිම ඇඹුවත් මිනිසුන් ජීවත් වන බව ඔබ වැනි පොර ටෝක් කරුවන්ට අමතක වී ඇති බව පෙනේ.

    අපටත් සර්පයා ගැන දුකය. ඒ ඔබ වැනි පෙඳයන් සිටින රටක එය තේරුම් ගෙන මුල සිටම තමන්ගේ වැඩක් බලාගෙන නොසිටීම ගැනය.

    ReplyDelete
  6. @Anonymous
    මං ඔච්චර තද වෙන්න තරම් දෙයක් කිව්වෙ නෑනෙ මෙයා.

    ReplyDelete
  7. ඔයා සර්පයාගෙ කන්‍යාභාවය හොයන්න යන්න කලින් ඔයාගේ එක බලා ගන්නවද? සර්පයා පාන් ගන්නේ ඔයාගේ සල්ලි වලින් නෙවෙයි නේ. බාලසූරිය/දිසානායක ජෝඩුව ඔය නම් ලියපු අයව හූරං කන හැටිත් ලියන්න. මේ සතියේ කෙළවන්න ඕන අයව මහරජාගෙන් අහලා පත්තරේට ලියන, ඒ පත්තරේ ගිය ලිපි දෙපාරක් මිනිස්සුන්ට විකුණන විමලනාත් වීරරත්න වගේ අය ගැනත් ලියන්න. ඔයා නිකමට හරි සර්පයා සයිමන් ගැන ලියපු පොතට මේ වගේ පබ්ලිසිටි දුන්නද?

    ReplyDelete
  8. @Anonymous
    විමලනාත් වීරරත්න මෙතැනට අදාළ නැත. සර්පයා ගැන අප මෙසේ ලියුවේ ඔහු කළ සාහිත්‍යමය කාර්යයන් පිළිබඳ අපට සාධනීය අදහසක් ඇති නිසා ය. කාටවත් පබ්ලිසිටි දීමේ කොන්ත්‍රාත් අප නො මිළේ භාර ගන්නේ නැත. එසේ ම අවශ්‍ය නම් අවශ්‍ය දෙයට අප පබ්ලිසිටි නො දී සිටින්නේ ද නැත.

    පාන් කන්නට දෙකයි පනහේ වැඩ කරන වීදුරු ගෙවල්වල සිටින අය අනුන්ට ගල් ගැසීමෙන් වැළකී සිටිය යුතු ය.

    ReplyDelete
  9. ඔයා අන්තිම කෑල්ල කපලා මොනිටරේ උඩ අලවා ගන්න.

    ReplyDelete
  10. @Anonymous
    අප එය අලවාගෙන බොහෝ කල් ය. ඒ නිසා අපි පාන් කන්නට දෙකයි පනහේ වැඩ කරන්නේ නැත.

    ReplyDelete
  11. ඔයා සෝමේ අයියගේ පොත් වලට පබ්ලිසිටි දෙන ගමන් සර්පයා ගැන කිඹුල් කඳුළු හලන්නේ මොකද? ඔයා එයාගෙ ළමයට කන්න දෙනව ද, උගේ ලයිට් බිල් ගෙවනව ද, උගේ අසනීප වලට බෙහෙත් අරන් දෙනව ද, ඌත් මොනවා හරි කරලා දෙකයි පනහක් හොයා ගත්තේ නැත්නම් ළමයවයි ගෑනිවයි ජීවත් කරන්න බාර ගන්නේ ඔයා ද? නිකම් පව් නොදී ඉන්න පරා. අපටත් කියන්න පුළුවන් 'අයියෝ, ඔයා විකිණෙන්නේ නැතුව ඉන්න සමන්' කියලා...ඒත් ඌට ජීවත් වෙන්න විකල්පයක් පෙන්නන්න පුළුවන් නම් විතරයි රෙද්දක් ඇඳගෙන ඒ කතාව කියන්න පුළුවන්. ඔයා නිකම් තොත්ත බබා වගේනේ? මේ රටේ ඔය කියන පරමාදර්ශී කලා කාරයන්ට සිද්ද වෙන්නෙ හාමතේ මැරෙන්න කියලා දන්නෙ ම නෑ වගේ? පව් අනේ ඔයා.

    ReplyDelete
  12. //අපටත් කියන්න පුළුවන් 'අයියෝ, ඔයා විකිණෙන්නේ නැතුව ඉන්න සමන්' කියලා...ඒත් ඌට ජීවත් වෙන්න විකල්පයක් පෙන්නන්න පුළුවන් නම් විතරයි රෙද්දක් ඇඳගෙන ඒ කතාව කියන්න පුළුවන්.//

    ඕක තමයි මම කියන්න ගියෙ. කොහෙද මේ මෑන් හිතන්නෙ මට තරහ ගිහිං කියලනෙ.

    ReplyDelete
  13. parakum,

    oyage prashnaya oyage me bol kadamallata hits wadikaraganna eka..

    saman kumara ge prashnaya eyita wada hugak lokuyi...

    uba sinhala bog sindiye eke inna dekayi panahe halparuwanta moda chun didi indapan..

    ubata thiyenne ledak ponnayo..
    ube wiplawaya iwarayi...

    ube lede thama me blog kadamalle hits wadi karaganna eka...

    eeka karaganna uba saman neme ube appuchchage kane gediyak awoth ema gediya pawa wikunanawa

    ReplyDelete
  14. @Anonymous
    මම මේ වගේ බනිනවාට කැමතියි, මෙයා. ඒකට හේතුව තමයි, මෙහෙම රෙද්ද උස්සගෙන එනකොට 'වම' පේනවා.

    සාමාන්‍යයෙන් ලංකාවේ වාමාංශිකයන්ව පොඩ්ඩක් කෙනිත්තුවාම උන්ගේ දක්ෂිණ භාගය පේන්න ගන්නවා. ඒක රටට පෙන්නන එක සමාජ සේවයක්. අපි ඒක සඳහා පහසුකාරකත්වය සපයන්නේ සතුටින්.

    මේකෙ කමෙන්ට්ස් දාන ඇනොනිමස්ලා ගට්ටිය එකකෙනෙකු නොවෙයි නම්, සමන් කුමාර කියන්නේ ජෝතිපාල වගේ පොරක්. මොකද, එයා වෙනුවෙන් මාව මරන්න තරම් කේන්ති යන අය ඉන්නවා.

    මේ බ්ලොග් එකෙන් පහර දීපු වෙන කිසිම වාමාංශිකයකුට එහෙම ජන පදනමක් තිබුණෙ නැහැ.

    යකෝ බලනකෙට මූ නිකම් සර්පයෙක් නෙමෙයි, ඇනකොන්ඩෙක්! (හිකිස්)

    ReplyDelete
  15. මේ පැරකුම් සමාජ සේවය කියල කරන දේවල් නම් මොකටද බන් ඉස්සර අර ලස්සන කෙල්ලො ඉන්න ඇඩ් එකක් සයිට් එකේ පැත්තක දාගෙන හිටියෙ?

    මේ සයිට් එකට හොඳම බ්ලොගක්ද මොකද්ද දුන්නෙ ICTA එක, ඔයා වගේ මාර පිරිසිදු වමෙන් විවේචනය කරන රජය යටතේ පත් වුන අධ්‍යක්ෂක ගෙනියන තැන. අර අම්බානකට දූෂන සිද්ද වෙනවා කියන්නෙ? අන්න එතන.

    ඇයි අර ලංකාපොල්ටික් ද මොකද්ද සයිට් එකේ corporate google ads දාගෙන ඉන්නෙ? මොකද ඒවගෙන් වැටෙන්නෙත් ඇඩ් තමයි.. ඔයා මෙතන දාන "කන්‍යා වම" වගේ ඇඩ්!!!!

    සර්පයලට, තිඹිරිලට ඔය තත්වෙට වැටෙන්න සිද්ද වුනේ ඇයි කියන එක ඔයාලා වගේ පෙට්ටි කඩා ගත්ත වාමාංශිකයොන්ට වැඩක් නෑ. හිතාගෙන ඉන්නෙ පෙට්ටි කඩාගත්ත අයට බැන්නාම තමන් තාම කන්‍යාවක් කියල අනිත් එවුන් හිතයි කියල.

    ReplyDelete
  16. @Anonymousලස්සන කෙල්ලන් ඉන්න සයිට්වලට අපි නම් ආසා ය.

    ගූගල් ඇඩ්සෙන්ස්වලින් අපි වියදම්වලින් කොටසක් හෝ ආවරණය කර ගන්න යම් උත්සාහයක් දරමු.

    එහෙත් අපි ඇඩ්සෙන්ස් බලාගෙන මේ වැඩේ කරන්නේ නැත. අප වැඩිපුර ලියන සිංහල අඩවිවලට ඇඩ් ලැබෙන්නේ නැත.

    රාජ්‍ය නො වන සංවිධාන මුදල් දෙනවා නම් අපි භාර ගන්න කැමති ය.

    අප ලියූ ලිපිය කියවන්න. අප කියන්නේ සාහිත්‍යකාරයන්ට විකිණෙන්න සිදු වී තිබෙන බව මිස එය වැරදි බව නො වේ.

    එය ලියූ එක ගැන ඔය තරම් තද වන්නේ කුමට ද?

    අපට තේරෙන අන්දමින් නම් තද වන්නේ සමන් කුමාර ජාතික වස්තුවක් වගේ මොකක් හර දෙයක් ය කියා හිතාගෙන සිටි අයටයි.

    අප දන්නා තරමින් නම් එහෙම ජාතික වස්තු නැත.

    අපට නම් කඩා ගන්න පෙට්ටි පිහිටා තිබුණේ ම නැත.

    ReplyDelete
  17. macho;

    maath ahamben sarpayage nirmaana dakala thiyenava. bohovita uthura goja damana samaja virodhayak misa rasayak dakke ne evaye. Eth methanadi man uge paththe.

    oya kohevath thiyena theoriyaka guidelines maintain karanna gihin uge daru pavula jivath karanne thamuseda? anika uu film ekakin pothak livvama kalavata ho marxvaadeta vadinne ahaval henaya da?

    punchi suranganavi kiyana film eke maha avulak ne [umbalage gon theoriya hatiyata baluvath]. prashne thiyenne eka karapu un denna mahindage gotto nisa. eka neda scene eka?

    sarapayata kiyanne me rate inna siyalu mahinda vaadin ge minds check karala un ekka katha vath nokara inna kiyala da? thamunnanse dan kanne bonne nidyanne katha karanne okkoma mahindata chande deepu evun va atha aralada?

    adu gaane uuta novel eka liyanna ida deepan. novel eka for its sake value karanna. oya wage genuine novana nirmaana e tharam lassana venne nethi bava maath pili gannava. habayi eka liyannage talent eka.

    >> රාජ්‍ය නො වන සංවිධාන මුදල් දෙනවා නම් අපි භාර ගන්න කැමති ය.

    NGO walata salli dena haa meheyavana piris renuka balasurriyata vada oyaage "gon theoriya" ta patahani de karathi. oyage oya vaama liberal vaadiyaa aththa ekek venne uu shishirakaaraka nindata vatunoth pamani.


    >> අපට තේරෙන අන්දමින් නම් තද වන්නේ සමන් කුමාර ජාතික වස්තුවක් වගේ මොකක් හර දෙයක් ය කියා හිතාගෙන සිටි අයටයි.

    Apoyi ne. Mata nam meka dakkama mala panne, uge athi agayakatavath, umbalage theoriye athi kehelmalakatavath noveyi. minihek kaala andala inna karana rassavata garahamin, thaman itath vada ninditha dhanopaayanayan gen jivath vana [bavata saka hithena] nivatayin dakimeni.

    Man kalin kiwwa wage matanam sarpayage nirmana waha wage charter [personal taste]. eth me welawe uuta balu vidihata gahana nisa man uge aluth vadeta suba pathami.

    ReplyDelete
  18. >> සාමාන්‍යයෙන් ලංකාවේ වාමාංශිකයන්ව පොඩ්ඩක් කෙනිත්තුවාම උන්ගේ දක්ෂිණ භාගය පේන්න ගන්නවා. ඒක රටට පෙන්නන එක සමාජ සේවයක්. අපි ඒක සඳහා පහසුකාරකත්වය සපයන්නේ සතුටින්.

    menna mekata witharak topic eken svayaththa va man ekangayi.

    ReplyDelete
  19. ඉතිහාසගත වී ඇත්තේ හා පරමාදර්ශ වී ඇත්තේ කෑම වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දුන් අය නොවේ. කාල් මාක්ස් බඩ ගැන සිතුවා නම් ලෝකයට ප්‍රාග්ධනය කියවන්නට ලැබෙන්නේ නැත. මේ සංවාදයට සමන් කුමාර සම්බන්ධ වූවා ද නැද්ද අපි නො දනිමු. ඔහු සම්බන්ධ නො වූවා නම් අපි සතුටු වෙමු.

    පොදුවේ කිව යුතුව තිබෙන්නේ වර්තමාන කාලකන්නිකම පියමං කිරීම සඳහා අවහ්‍ය මෙම සටහනට එරෙහිව ලියූ අය තර්ක කරන අන්දමේ බතට හොද්ද බොර කර ගැනීමේ අයිතිය ගැන තර්ක කරන්නන් නො ව සම්මුති විරහිතව ක්‍රමයට එරෙහිව සටන් කරන්නන් ය.

    එවැනි පරමාදර්ශ සොයා යාම හා අතරමග හමු වන බොල් පිළිම බිඳ දැමීම දේශපාලනික ය. අපේ මාධ්‍ය භාවිතාව එය වෙනුවෙනි.

    ReplyDelete
  20. kaal maks hitiye bada ginneda lokka?

    pora engalantheta gihye pinalaada?

    okkoma paththaka thiyapan.

    saman kumara me novel eka livvoth kalavayi umbe paramadharshayayi pregnant wrenne kohomada kiyala kiyaa deepan.

    ReplyDelete
  21. @Sujeewa Kokawala
    මට සුජීව කොකාවල ගැන ද දුක ය.

    ඉතිහාසය කියවන්න. භූගෝලය හදාරන්න. හැම සුද්දා ම ධනවතකු යයි නො සිතන්න. සෑම යුරෝපා රටක් ම බඩගින්නෙන්, දුප්පත්කමින් නිදහස් කලාප නො වේ.

    සමන් කුමාර 'පුංචි සුරංගනාවි' ලිව්වා කියලා අපට වෙන කිසි දෙයක් නැත.

    අප උත්සාහ කරන්නේ ලංකාවේ දේශපාලන, සමාජ චලනයන් ගැන හරවත් සංවාදයක් ඇති කිීමට මිස මෙවැනි වල්පල් කතා කිරීමට නො වේ.

    ReplyDelete
  22. ehenam ayi uuta baninne? mokadda me lipiye aramuna?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා