නූපන් මෙතේ බුදුන්ටත් බිස්නස්වලින් ගැලවුමක් නැත |

බුදුරුවගල (ස්තුතියි: ලක්දසුන් වෙබ් අඩවිය)
(2010 සැප්තැම්බර් 05, W3Lankaබුදු දහම විකුණාගෙන කන අසපු හිමියන් විසින් දැන් අලුත් ආගමික පූජාවක් පරීක්ෂණ මට්ටමින් දියත් කර තිබේ.


ඒ වනාහි මෛත්‍රී බෝසතුන්ට පූජා පැවැත්වීමයි.


කලින් කලට නිර්මානාත්මක ආගමික ව්‍යාපාරිකයන් විසින් හඳුන්වා දෙන ලද බෝධි පූජා, පහන් පූජා, අධිෂ්ඨාන පූජා, අටවිසි බුද්ධ පූජා, තෙසැත්තෑ ඥාන පූජා ආදී වූ ලැයිස්තුවට මෙම පූජාව ද එක් වනු ඇත.


බුදුන් දෙසූ දහම පිළිපැදීමට ජනයා පෙළඹවීමට වඩා යම් යම් අභිචාරයන් ප්‍රවර්ධනය කිරීම හා ඒ හරහා ධනෝපායන මාර්ග විවෘත කර ගැනීම අරමුණු කර ගත් පිරිසක් මතු වී ඇති අතර මෙවැනි ඇතැම් ව්‍යාපාරිකයෝ තමන් මෛත්‍රී බෝසතුන් බව ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ පවසති.


ගෞතම බුදුන් දෙසූ දහම අනුගමනය නො කර, ගස්-ගල් වන්දනාව පතුරුවන, යුද්ධයට, චෞරයන්ට ආවඩන, වෛරය පතුරුවන, බුදු හිමියන් විසින් ‍බහුජන හිත සුව පිණිස ධර්ම ප්‍රචාරය කරනු වස් පිහිටුවන ලද භික්ෂු සංඝයේ මූලික විනය පිටුදකිමින් කාමසුඛල්ලිකානුයෝගී ව  දිවි ගෙවන ආතමික ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයෙන් නුපන් මෛත්‍රී බුදුන්ටවත් ගැලවීමක් නොමැත.


අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විඡටයෙ ජටං


(ඇතුළතද අවුල් ය. පිටතද අවුල් ය. සත්වයා අවුලෙන් අවුලට පත් වී සිටියි. ඔබ වහන්සේගෙන් විමසම් කවරෙක් මේ අවුල ලිහා දමයිද ?)


දෙවියකු නැඟූ මෙම ගැටලුවට බුදුන් දුන් පිළිතුර වන්නේ සීල, සමාධි, ප්‍රඥා වඩන්නන් මේ අවුල ලිහනු ඇති බවයි.


සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෙ චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපි නිපකො භික්ඛු සො ඉමං විජටයේ ජටං


(සීලයෙහි පිහිටි. ප‍්‍රඥාවන්ත, කෙළෙස් තවන වීර්යයෙන් යුක්ත වූ, සංසාරයෙහි බිය දකින්නා මෙම අවුල ලිහා දැමීමට සමත් වන්නේ ය.)


මෙම ගාථාවෙහි භික්ඛු යනු සංසාරයෙහි බිය දකින්නා ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. සම්මා සම්බුදුන් ගේ නිර්මල ථෙරවාදී දහම විකෘති කිරීම ට යත්න දරන අදිසි විදෙස් අත් අප හඳුනා දත යුතු ය.

    මීට පෙර ද යම් උපාසක මහතෙකු විසින් මෛත්‍රෙය බුද්ධ ප්‍රතිමා අප රටේ විහාරස්ඨාන වල ට පූජා කළ සැටි මතකයට නැඟේ. එ තුලින් ථෙරවාදී නිර්මල බුදු දහම පවත්නා ශී ලංකා ද්වීපයේ මහායාන අදහස් පතුරුවා ලීමට යත්න දරන සැටි මොනවට පැහැදිලි වේ. ශ්‍රී ගෞතම සම්බුදු සසුන පවතින මේ කල මෛත්‍රෙය සම්බුදු සසුන පහල වන්නේ නැති බව ඕනෑම බෞද්ධයෙකු දන්නා කරුණ කි. සද්ධර්ම අන්තර්ධානයෙන් පසු, කල්ප විනාශයෙන් පසු, දේව කෝලහාලයකින් පසු පමණක් නැවත බුදු කෙනෙකුන් ලොව පහල වේ. ශ්‍රී ගෞතම සබුද්ධ ශාසනය අන්තර්ධාන වනු යේ "කාසාව කණ්ඨක" නම් සිවුර කහ නූලක ට පමණක් සීමා වන, පවුල් රකින, ගොවිතැන් කරන, ලොව බුද්ධ ශ්‍රමනයන් ගේ අවසාන පුරුක වන භික්ෂුව ගේ අභාවයෙන් ද පසු ව ය. බුදු කෙනෙකුන් ලොව පහල නොවී එ බුදුන් ගේ සසුන පහල වන්නේ නැත. එසේ වෙනත් බුදු කෙනෙකුන් ගේ සද්ධර්මය ලොව පහල වූවා යයි කීම අප ශ්‍රී ගෞතම සම්බුදුන් ට ත් කරන මහා නින්දාව කි. සම්බුදු සසුන සර්ව සම්පූර්ණ ය. එහි ඌන පූරණය කිරීමට වෙනත් කිසිදු දහමක් හෝ වෙනත් බුදු කෙනෙකුන් ගේ දහමක් උවමනා වනුයේ නැත. කරුණු මෙසේ හයින්, බුද්ධිමත් බෞද්ධයෝ කරුණු නුවනින් විමසා බලා මෙම මෛත්‍රෙය සම්බුදු සසුන් කාරයින් ගෙන් ගැලවී නිවන් මඟ ට කටයුතු සිදු කර ගනිත්වා.

    දෙවනුව මතක් කළ යුත්තේ, බෝධිසත්ත්ව සංකල්පය පිළිබඳව ය. මෙම සංකල්පය පුරාණ ලංකාවේ ද දක්නට ලැබුණු බව මෙහි දක්නට ලැබෙන බුදුරුවගල, දඹේගොඩ ආදී බෝධිසත්ත්ව පිළිම වලින් සනාථ වේ. සම්මා සම්බුදු වරයෙකු ට වඩා බෝධිසත්ත්ව උතුමෙකු ගේ ගුණය වැඩි හෝ සමාන හෝ වීම ට නො හැක. බෝධිසත්ත්වයින් ට ද අප ගරු කළ යුතු ය. පින් දිය යුතු ය. ඔවුන් ගේ ගමනට උදවු, උපකාර කළ යුතු ය. මන්ද යත් ඔවුන් පරමාදර්ශී වන හෙයිනි. ඔවුන් ලෝ සත්ත්වයා ගලවා ගැනීමේ චේතනාවෙන් කටයුතු කරන හෙයිනි. ඒ වතු දු, සම්බුදු සසුන පවත්නා මේ යුගයේ සම්බුදුන් ගේ පූජනීයත්වය අභිභවා යන කිසිවෙකු, මිනිස් ලොව පමණක් නොව තුන් ලොවෙහි ම නො මැති බව තරයේ ම සිහි කට යුතු ය. සම්බුදුන් පළමුව, ශ්‍රී සද්ධර්මය දෙවනුව, ශ්‍රී ආර්යය සංඝයා තෙවනුව, අවශ්‍ය නම් බෝසතුන් සිව්වනුව පිදිය හැක. තෙරුවන ට වැඩ උතුම් රුවනක් බෞද්ධයාට නැත. ඒ බව සිහි තබා ගෙන, තෙරුවනට පිදිය යුතු අයුරින් පිදීම ත් ඊට අගරු නො වන අයුරින් කටයුතු කිරීම ත් බෝසතුන් පුදන බෞද්ධයා සෑම මොහොතක ම සිහි කළ යුතු ය.
    ඔබ සැමට තෙරුවන් සරණයි..!

    ReplyDelete
  2. I agree with the core idea of the article. But I would like to suggest you not to use the word "asapu" because there are many asapu, not just a one or two...

    ReplyDelete
  3. දිවයිනේ ඇත්තේ ප්‍රසිද්ධ අසපු දෙකකි. එකක් නම් සුලෙයිමාන් ටෙරස් අසපුවයි. අනික නම් මහමෙව්නා අසපුව යි. ඔබ මේ කියන බෝසත් වන්දනාවක් මෙම ස්ථාන දෙකේ ම සිදු වී හෝ සිදු වන්නේ හෝ සිදු වීමට යන බව ‍හෝ අප අසා නැත.
    ඇත්තෙන් ම මෙය පිළිගත හැකි ද?
    නැතිනම් ඔබ අදහස් කළේ වෙනත් ස්ථානයක් වත් ද?
    ලේඛක තුමනි...පහදා දෙනු මැනවි.
    ජයසිංහ

    ReplyDelete
  4. ජර්මන් යන්න වීසා හදා ගන්න මහණ වී..පසුව සිවුර රහ වැටුණු විද්‍යා වෙදීයා වැනි ශ්‍රමණ ප්‍රතිරූපකයින් ගැන කුමන කතාද..?

    ReplyDelete
  5. මම ආසයි අපෙ රට මෙ වැටෙන වැටිල්ලට, ටික ටික වැටෙන්නෙ. හිඟන්නො වෙන්නෙ ටික ටික, ටික ටික විනාශ වෙන්නෙ. කාල කණ්නි මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියලා බලන්න ඔනා ඇස් දෙකෙන්ම...

    ReplyDelete
  6. ජයසිංහ මහතාණෙනි, ඔබ පැවසු අසපු දෙකට අමතරව​, සිරි සදහම් අසපුව නමින් අසපුවක්ද ඇත​.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා