ගස් බඳින රඟපෑම් ද අසභ්‍ය රැඟුම් සේ තහනම් කළ යුතු ය

(2010 සැප්තැම්බර් 01, W3Lankaකැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මන්ත්‍රී මර්වින් සිල්වා කළ ගස්‌ බැඳීම තමන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු එක්‌ව ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කළ රඟපෑමක්‌ බවට එම සිද්ධියට මුහුණපෑ සමෘද්ධි සංවර්ධන නිලධාරියා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දිවුරුම් පෙත්සම් දෙකක්‌ විනය කමිටුවට ලබා දී තිබෙන නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහු විනය පරීක්ෂණයෙන් නිදහස් කර නැවත  කැලනියආසන සංවිධායක ධුරය ලබා දී ඇත. 


ජනාධිපතිවරයා නුදුරු අනාගතයේදී ම මොහු නැවත නියෝජ්‍ය ඇමති තනතුරේ හෝ ඇතැම් විට කැබ්නට් ඇමති ධුරයක පිහිටුවීමට ඉඩ තිබේ. 


ජංගම දුරකථන ඔස්‌සේ ප්‍රචාරය කළ අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටි තරුණ තරුණියන් හැට දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක්‌ පසුගිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට පවසා තිබිණි. අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටීම කියන්නේ ද රංගනයකි. ඒ රංගනය තහනම් බව මෙම පුවත අනුව පෙනේ. ඒවා තහනම් කරන්නට ඇත්තේ ඒවා බලා මිනිසුන් යම් අනර්ථකාරී හැඟීමක් ඇති කර ගන්නා නිසා වන්නට පුළුවන. 


කැලනියේ මර්වින් සිල්වාගේ රංගනය බැලූ ජනතාව ද ආණ්ඩුව කෙරෙහි වෛරී හැඟීමක් ඇති කර ගත් බව රට පුරා සමෘද්ධි නිලධාරීන් පැවැත්වූ උද්ඝෝෂණ දෙස බලන විට පෙනේ. මහජන කැළඹීම් ඇති කරන හා රජය කෙරෙහි ජනතාව කලකිරවන මෙබඳු රංගනයන් ද නීති විරෝධී ය. 


‍කෙසේ වෙතත්, මෙම සමෘද්ධි නිලධාරියා නම් කර තිබෙන්නේ අපූරු රංගනයකි. සමහර විට අසනීප වූ බව කියන ඔහුගේ දරුවා ද අපූරු රංගනයක් කර තිබෙන්නට පුළුවන. 


දැන් කළ යුතුව තිබෙන්නේ මේ නළුවන් වහා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ හදිසි නීතිය යටතේ නඩු පවරා තිස්සනායගම් සේ විසි වසරකට සිර ගෙට යැවීමයි.


එහෙත්, රටක් ගොනාට ඇන්දවිය හැකි මෙවැනි අති දක්ෂ නළුවන්ගෙන් ප්‍රයෝජන ගත යුතු ය. ජනාධිපති සමාව යටතේ ඔවුන් නිදහස් කර ඔවුන් ලවා ලංකාවට අවශ්‍ය බව ඔය නළු නිළියන් නිතර කියන රංගන අභ්‍යාස විද්‍යාලයක් ආරම්භ කිරීමට පුළුවන. ලංකාවේ වර්තමාන සිනමා සක්විති රණසිංහලා තමන් යයි සිතාගෙන සිටින රවීන්ද්‍ර රන්දෙනිය, මාලිනී ෆොන්සේකා වැනි අයට ද මේ නළු ආචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත. 


ක්‍රමවේදීය රූපණය ලොවට හඳුන්වා දුන් කොන්ස්ටන්ටයින් ස්ටැනිස්ලවුස්කි ජීවතුන් අතර සිටියා නම් මේ රංගනය ලෝක මට්ටමේ සම්භාව්‍ය එකක් බව පිළි ගනු නියත ය. 


'මුළු ලෝකය ම රඟමඬලකි. අපි හුදෙක් එහි නළුවෝ වෙමු' යයි ෂේක්ස්පියර් කියා තිබේ. 


මේ සිද්ධියට කාට හෝදැඩි ලෙස දඬුවම් කළ යුතු යයි ඔබ සිතන්නේ නම් වහා ම පොරවක් ගෙන එම ස්ථානයට ගොස් අදාළ ගස කපා දමන්න. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. "මේ සිද්ධියට කාට හෝදැඩි ලෙස දඬුවම් කළ යුතු යයි ඔබ සිතන්නේ නම් වහා ම පොරවක් ගෙන එම ස්ථානයට ගොස් අදාළ ගස කපා දමන්න." ---- menna karanawan nam wada !!!!

    ReplyDelete
  2. නීතිය ක්‍රියාත්මක කිරීම බල්ලට ගිහින් ද?, බල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් ද?
    අනේ කවුරු හරි දන්නවනම් මේ අහිංසක රට වැසියන්ට කියා දෙත්වා!!!

    ReplyDelete
  3. බල්ලා නිතිය ක්‍රියාත්මක කරන්න ගිහින් වගෙ. තොපිට හොදම වැඩෙ පාන්දර නැගිටන් ගිහින් අපෙ එකා , අපෙ එකා කිය කිය ගැහැවුවා. තව පාන් පරිප්පු ගිල ගිල, බට්ටි පබා බල බල, හිටහල්ලා. කමක් නැහැ මෙ රටෙ මිලියන ගණනක් දුක් ගින්දරෙ ඉද්දි එක පවුලක් හරි සුවසෙ සැපෙන් නිදාගෙන ඉන්නවානෙ. මම නම් කියන්නෙ ඉතුරු අවුරුදු ටිකත් මෙ දුක කොහොම හරි අල්ලන් ඉමු කියලා.

    ReplyDelete
  4. නැවතත් "ලන්කට්" සිනමාවේ විශිෂ්ඨ රංගනයක්.

    ReplyDelete
  5. rata ballata gihin..balla rata gihin :D

    ReplyDelete
  6. චන්දෙ දෙන මෝඩ හරකුන්ට දෑන්වත් මොලේ පෑදේවා!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා