පාතාලයන් 25ක් ඉදිරි දිනවල ආයුධ පෙන්නන්නට ගොස් පළා යාමට උත්සාහ කරද්දී වෙඩි වැදී මිය යනු ඇත | 25 underworld gangsters of Sri Lanka are to go

(2010 සැප්තැම්බර් 07, W3Lankaප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනකු ඇතුළු දෙවන පෙළ පාතාල සාමාජිකයන් 25 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් ආරම්භ කර ඇති බව අද දිවයින වාර්තා කරයි.


මේ අනුව, ඉදිරි කාලයේදී පාතාල අපරාධකරුවන් 25දෙනෙකු තමන් විසින් සඟවන ලද ආයුධ ලබා දීමට පොලිසිය සමග ගොස් පොලිසියට පහර දී පළා යාමට තැත් කරද්දී, පොලිසිය දනෙන් පහළට වෙඩි තබන විට ඔලුවෙන් සිටගෙන හිසට වෙඩි වැදී මිය යාමට නියමිත බව සිතා තැනීමට පුළුවන.


පාතාල අපරාධකරුවන් මනාහි ද මේ සමාජයෙන් ම බිහි වූ පිරිසකි. ඔවුන් හදා, වඩා, රැකවරණය දී පෝෂණය කිරීමේ කාර්යයේ සෑහෙන වගකීමක් දේශපාලකයන්, පොලිසිය හා ජනමාධ්‍ය පිට පැටවේ.


පාදඩ නිර්ධන පංතියෙන් පැවත එන මෙම අපරාධකරුවන් සමාජ පිළලයක් බව සැබැවි. එහෙත්, ඔවුනට එරෙහිව ඵලදායී අන්දමින් ක්‍රියාත්මක වන නීතියක් තිබිය යුතු ය. පටු ජනප්‍රියත්වය පිණිස අපරාධකරුවන් ප්‍රසිද්ධියේ මහ පාරේ මරා දමා තමන්ට ඕනෑ කාලයට වෙනත් අපරාධකරුවන් නිර්මානය කර ගන්නා වත්මන් ක්‍රමය හේතුවෙන් පාතාලයන් ලෙස නම් කර තිබෙන මේ ප්‍රජාව නිකම් ම නිකම් පොල් කුඩු හා බ්‍රොයිලර් කුකුළන් බවට පත් වී තිබේ.


මෙම තත්වය මේ රටේ දිළිඳු, නූගත් තරුණයන්ට පාඩමක් විය යුතු ය. බොහෝ දෙනෙක් පාතාල බෞතිස්මය ලබන්නේ දේශපාලකයන්ගේ මැර කණ්ඩායම් හරහා ය. දේශපාලකයෝ සිය වාසිය පිණිස මෙවැනි තරුණයන් මුලාවේ දමා, සිය කාර්යයන් කරවාගෙන අවසානයේදී ඔවුන් නො තකා හරිති.


මොළේ කළඳක් තිබේ නම් මේ සමාජ ප්‍රජාව දැන්වත් මේ දුර්ජනයන්ගේ කුලී කුරක්කන් කිරීම වර්ජනය කළ යුතු ය. ඔවුන් වීරයන් කරන හා අපරාධ කරන ආකාරය රටට ම විස්තර කර දෙන 'මාංචු' නම් අතිරේකයක් බෙදා හරින රජයට අයත් දිනමිණ පුවත්පත වැනි මාධ්‍ය මෙහෙයුම්වලට හසු නො විය යුතු ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. කතාව සහතික ඇත්ත.....

    ReplyDelete
  2. On the contrary, what is happening is very good. I agree that there should be a democratic way of punishing the underworld. But when democratic instutions are not effective, and it is the general public that is being inconveneiced, some action need to be taken. After all these gangsters are a sub culture, it is only when that they begin to appear as a vice that theatens, the same people who promoted them bring mafia down. It is a common fact, that police is unable to tackel this problem. so some unconventional means are needed. Please continue.

    ReplyDelete
  3. Any news on fate of these 25 ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා