18ට එරෙහි සමුළුව හෙට! කළු විරෝධතා දිනය අට

Thanks to Lanka Truth for the photo
(2010 සැප්තැම්බර් 05, W3Lanka) විධායක ජනාධිපතිවරයා යාවජීව ඒකාධිපතිවරයෙකු කරන, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය විනාශ කරන ඊනියා 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මහජන සංවාදයකට ඉඩ නොතබා හදිසි පනතක් සේ හොර පාරෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.


මෙම සංශෝධනයට එරෙහිව ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උනන්දු වන සියළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන එකතුවක් ගොඩන`ගා විරෝධතාවය දැක්වීමේ නියෝජිත සමුළුවක් කැ`දවීමට බලාපොරොත්තු වන බව තාවකාලික සම්බන්ධීකරණ කමිටුවේ කැ`දවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.


මෙම නියෝජිත සමුළුව සැප්තැම්බර් මස 6 වන සදුදා සවස 3.30 ට කොළඹ 7 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.


එම නියෝජිත සමුළුව අමතා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ වල නායකයින්ද, වෘත්තීය සමිති හා නිදහසේ වේදිකාව ඇතුළු බහුජන සංවිධාන නියෝජිතයන්ද අදහස් දක්වනු ඇත.


මේ අතර, 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි කණ්ඩායම් විසින් මෙම ව්‍යවස්ථා සං‍ශෝධනය සම්මත කර ගැනීමට රජය අදහස් කරන සැප්තැම්බර් 08දා කළු විරෝධතා දිනයක් ලෙස නම් කර ඇත. විරෝධය දැක්වීම පිණිස එදින පෙරවරු 10.30ට රාජගිරිය ආයුර්වේද මංසන්ධිය අසල එක් රොක් වන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Hoooo..hoooooooo................poor protests

    ReplyDelete
  2. aparade kaalaya.oka kohomath sammatha wenawa.oya naasthi karana kaalaya thamange diyunuwata yedewwanam thamantath ratatath wedak wenawa neda?

    ReplyDelete
  3. ඕකට අත උස්සල කෝටි 5 ගත්තනම් ඉවරනෙ. රටට හෙන ගැහුවත් මොකද?

    ReplyDelete
  4. @ anonymousla dennata,
    Kohomath sammatha wenawa thamai. habai wirodhaya represent kireema wadagath. Ithuru wela thiyana me prajathanthrawaade yatathe, me widiyatawath wirodhaya nopenwuwoth thiyana tikath nathiwenawa. wirodhaya palakarapu pirisak innawa kiyala danwana eka thamai methana wenne. nathuwa dinana satan walata witharak sahabaagee weemata innawanam mekata pakshawa pelapaliyak yaama hondai.

    ReplyDelete
  5. රටට හොඳක් වෙනවට තොපි කැමතිම නැද්ද? තොපි වගේ කුහකයෝ ඉන්නකන් කොහෙද යකෝ අපේ රට දියුනු වෙන්නේ?

    ReplyDelete
  6. යුද්දේ කරනකන් තොපි යුද්දෙට විරුද්දයි..දිනුවට පහුවෙනිදා ඉඳලා තොපිත් යුද්දෙට පක්ෂයි......මොකක් හරි හොඳක් කරන්න යද්දි තොපි කෑ ගහනවා

    ReplyDelete
  7. රටට හොඳක් වෙද්දි අදුන ගන්න හරි ලේසියි...ඇයි තොපි කෑ ගහනවනේ එතකොට...

    ReplyDelete
  8. කලු දවස 8 නෙමේ බොල, සැත්තැම්බර් 11. බොලාට ඒක අමතක උනාද? ඒදාට කොඩි දාපල්ල. 8 වෙනිදට නිකන් පැට්රෝල් පුච්ච ගන්නෙ නැතුව !

    ReplyDelete
  9. ලියන එකා UNP ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා