පශ්චාත්-18 ඒකාධිපති යුගයේ ආරක්ෂිත මාධ්‍ය භාවිතාවක් සඳහා කෙටුම්පතක් | A draft for safe media practice in post-18 dictatorship

ලාංකීය තරුණයාගේ කාර්යභාරය සංකේතවත් කරන මනුෂ නානායක්කාර (ආරක්ෂිත මාධ්‍ය භාවිතාව අනුව පළ කරන ලද උද්ධෘතයකි.) 
(2010 සැප්තැම්බර් 13, W3Lanka18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ඒකාධිපති රාමුව තුළ ලංකාවේ මාධ්‍යකරුවන් වෙනුවෙන් ආරක්ෂිත මාධ්‍ය භාවිතාවක්  රාමුගත කිරීමක් සඳහා කෙටුම්පතක් ඔබගේ සංවාදය පිණිස මෙහි පළ කරනු ලැබේ.


මාධ්‍යකරුවන් හැම විට ම ජනාධිපතිගේ, කේන්ද්‍රීය පවුලේ සහ විස්තෘත පවුලේ ගුණ පමණක් වර්ණනා කළ යුතු ය.


ලොකු පුතාගේ අනාගතයට ගැටලුවක් විය හැකි මල්ලීට යම් විවේචනයක් එල්ල කෙරුණාට කමක් නැත. හැබැයි වගකීම භාර ගත නො හැක.


අර සැර මල්ලී ගැන නම් කට අරින්නේ නැතිව සිටීම ශරීර සෞඛ්‍යයට හිතකර ය.


මාධ්‍යකරුවන් හැසිරිය යුත්තේ කැලනිය කියා තැනක් රටේ නැති අන්දමිනි. ඕනැම නම් කැලනිය ගැන පුවත් විදෙස් පිටුවේ පළ කරන්න.


පවුල කිසිදු දූෂණයකට සම්බන්ධ නැති බව අවධාරණය කළ යුතු ය. දූෂණවල යෙදෙන්නේ නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් බව පැවසිය යුතු ය.


පවුලේ ආධිපත්‍යයට අභියෝගාත්මක විය හැකි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා දේශපාලන නායකයන්ට එළව, එළවා පහර දීමෙන් තමන් දූෂණයට මාර විදියට එරෙහි බව මාධ්‍යවේදීන්ට පෙන්විය හැකි ය. ඒ සඳහා අවශ්‍ය ලිපි ගොනු පවුලේ අයගෙන් ම ලබා ගත හැකි ය.


ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ යුතු ය. එහෙත් කතා කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි.


ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 10% ඉක්මවා ඇති බව ද, ලංකාවට වසරකට සංචාරකයන් ලක්ෂ 25ක් එන බව ද, හම්බන්තොට වරාය නිසා සිංගප්පූරුව බිය වී ඇති බව ද ආදී දේ නිතර පැවසිය යුතු ය. 


17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු ව්‍යවස්ථාවේ තිබෙන සියලු ගැටලුවලට විසඳුම බලය ජනාධිපති අතට ගැනීම බව පැවසිය යුතු ය. 


බඩු මිළ ඉහළ දමන්නේ දේශීය ගොවියා රැක ගැනීමට මිස රජයේ බදු ආදායම් ඉහළ නැංවීමට නො වන බව පැවසිය යුතු ය. 


ඔබේ අදහස් හා යෝජනා ද එක් කරන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. බලය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ.ඒ පිහියෙන් අන් අයටද පාවිච්චි කරන්නාට ද අනතුරු කරන්න පුළුවන් .ඉතින් මහජනතාව දුන්න බලය කියන්නේ ඒ පිහියයි.පිහිය වැරදියට යොදා ගන්නවනම් ආපහු ගන්න එක මහ ජනතාවගේ වගකීම

    ReplyDelete
  2. ගන්නෙ කොහොමද වඳුරට නොව ඒ පිහිය දුන්නෙ..ඌ ගස් උඩ අපි බිම.

    ReplyDelete
  3. සෙටිෆිකට් තෲත් මල්ලි... වදුරෙකුට දුන්න පිහිය ගන්න ලෙහෙසි නැහැ.. හැබැයි තව හොද පිහියක් වදුරගෙ පැත්තට
    විසි කලොත් සමහර විට හරියන්නත් පුළුවන්.. කොහෙද ඉතින් තිබුන පිහිත් මලකඩ කාලනෙ... ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි... හිග්.. හිග්..

    ReplyDelete
  4. As usual, Parakum is a sorry sight.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා