දැන් ඉතින් සක්විතිට අපි කුමක් කරමුද? | What shall we do to Sakvithi Ranasinghe?

සක්විති රණසිංහ සිය කාර්යාලයේ මෙම ඡායාරූපය
එල්ලාගෙන සිටියේ ය.
ඔහු ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් තිබෙන්නේ
ඔහුගේ ජාවාරමේ හවුල්කරුවකු වන
මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයි. 
(2010 අගෝස්තු 07, W3Lankaඅභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් කුප්‍රකට වංචාකරු සක්විති රණසිංහ වාර්තා වන පරිදි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි යි කියා මෙම සටහන පටන් ගන්නෙමු. එවිට පිරිසකට මළ පනින බව දනිමු. එහෙත් එය ඇත්තකි.


මූලික වශයෙන් ලංකාවේ දිළිඳු ජනයාගෙන් සූරා කනු ලබන බදු මුදලින් පුනරාවර්තන වියදම් මුළුමනින් ම සපුරා ගනිමින් උසස් පිළි ගැනීම් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන රාජකීය මට්ටමේ ඕනෑම පාසලකින් රාජ්‍ය පාලකයන් වැනි ප්‍රභූ ධනවතුන් මෙන් ම මෙවැනි පල් හොරුන් ද බිහි විය හැකි ය.


ධනවාදය තුළ පල් හොරා සහ ප්‍රභූ ධනවතා අතර ඇත්තෙන් ම තිබෙන්නේ කෙස් ගසක වෙනසක් පමණි. මෙය හොඳින් පෙන්වා දුන් පුද්ගලයා ලලිත් කොතලාවලයි. ලංකාවේ බිල් ගේට්ස් ලෙස හැසිරුණු මේ ඊනියා ප්‍රභූවරයා එක රැයින් සක්විති රණසිංහ මට්ටමට වැටිණි.


පබා වැල නාට්‍යයේ අන්තිම කොටස ඔබට මතකද? ත්‍රිරෝද රථයක් පදවමින් සිට පළාත් පාලන ඡන්දයක් තරග කළ උක්කු සත් වසරකට පසු ඇමතිවරයකු වී ජීවත් වන ජීවිතය එහි නිරූපණය කර තිබිණි. මේ සත් වසර තුළ ඔහු හැදූ ගෙයි තරම, ගත් යාන වාහන තොගය හා ඔහු වටා සිටි සේවක කාරකාදීන් පිරිස මතකද?


ලංකාවේ දුක දිනා ජයගතු හපන්නු වැඩි දෙනෙක් උක්කු වැනි මහජන දේපල සොරා ගත්තෝ වෙති. ලැයිස්තුවක් ලියන්නට පටන් ගත්තොත් එහි මුලින් ම ඉන්නේ මියගිය හා ජීවත් වන අපේ ජාතික වීරයෝ ය.


අද අංක එකේ ප්‍රභූන් ලෙස වැජඹෙන පුද්ගලයන් හා සක්විති රණසිංහ අතර කිසිදු වෙනසක් නැත. යුක්තියෙන් අංශු මාත්‍රයක් හෝ ඉටු වන්නේ නම් අද සිටින වීරයන් ඕනෑ කෙනෙක් සක්විති මෙන් ම නින්දිත ඉරණමකට ලක් වීමට පුළුවන.


සක්විති කාණු පල්ලෙන් ආ එකෙකි. ඔහුට මහජන මුදල් ලෙහෙසියෙන් මංකොල්ල කෑ හැකි පරිදි තාත්තාගෙන් පුතාට ලැබෙන දේශපාලන උරුමයක් තිබුණේ නැත. 


ඔහුගේ  ව්‍යාපාරය ආරම්භ වන්නේ රුහුණෙන් වීම ද රසවත් කාරණයකි. ඔහු සිය ටියුෂන් ව්‍යාපාරය නඩත්තු කළේ තනිකර ම මාධ්‍ය ප්‍රචාරයෙනි. අද ඔහුගේ අත්අඩංගුවට ගැනීම විකුණාගෙන කන ජනමාධ්‍ය බොහොමයක අතුණුබහන්වල ඒ දිනවල සක්විතිගෙන් කෑ කෑමවල නො දිරවූ කොටස් තිබේ. 


තමන් වැනි යන්තම් ඉංග්‍රීසි ටිකක් කට ගා ගත් හිස් මිනිසකු 'මම උගැන්වීමට ම උපන්නෙමි' යි කී පළියට වැල නො කැඩී ඔහු වටා රොද බැඳ ගන්නා මිනිසුන් සිටින සමාජයක තමන් අද්භූත බල ඇති සක්විති රජකු යයි සක්විතිට සිතීම ඔහුගේ ම පමණක් වරදක් නො වේ. මෙය ඔහුට පමණක් නොව අනෙකුත් සියලු සක්විති රජවරුන්ට ද අදාළ කරුණකි. 


ලංකාවේ ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන බල්ලන් මරා හෝ උපයා ගන්නා සල්ලි උඩ පීනමින්, චොකා බයිලා සංස්කෘතික ජීවිතයකට අනුව ගත කරන පාදඩ ජීවිතයේ ගොදුරක් බවට පත් වූ සක්විති කෑ මංකොල්ලය ඔහු වර්ගයේ වෙනත් ඕනෑම කෙනෙකු විසින් කරනු ලබන දෙයකි. 


පරම්පරා ගණනක් ලාංකිකයන් උගස් කර ගන්නා ණයෙන් ක්‍රියාත්මක කරන 'සංවර්ධන' ව්‍යාපෘතිවලින් ඇස වසා සියයට දහයක් පහළොවක් කොමිස් ගන්නට අවස්ථාව තිබුණා නම් සක්විති මෙසේ කරන්නේ නැත. 


ලාංකිකයන් වැඩි දෙනෙකුගේ පරමාදර්ශී ජීවිතය වනාහි ඉහත කී සීයට දහයේ කොමිස් ජීවිතයයි. ලංකාවේ මිනිසුන්ගේ නාඩි වැටෙන හැටි හොඳින් දත් පබා ලියූ මහේෂ් රත්සර මද්දුම ආරච්චි පබා වැල නාට්‍යයේ අගට උක්කුගේ දියුණුව අමුණන්නේ ඒ නිසා ය. එකී සිහිනය හඹා යන්නට බැරි වූ විට ලංකාවේ මිනිස්සු වෙනත් විකල්ප සොයා යති. පිරමිඩ් ක්‍රම, සල්ලි පොළියට දීම හෝ පොළියට සල්ලි ගෙන දිරාමාරු වීම හෝ පගා ගැසීම, මාටියා ගැසීම, පිල්ලි ගැසීම හෝ රක්ෂණ සමාගම් ආදිය වෙනුවෙන් අනෙක් මිනිසුන් රැවටීම, පාවා දීම හා ප්‍රයිවට් ප්‍රැක්ටිස්, ටියුෂන් ආදී වෙනත් මරිසි ගසති. 


සක්විති ළඟ මුදල් තැන්පත් කළ අය ඔහු මෙන් ම ක්ෂණික ලාභ පැතූ පොඩි සක්විතිලා ය. සක්විති රණසිංහ සිය ජාවාරම සඳහා ලොකු සක්විතිලා ද පාවිච්චි කළේ ය. 


අපි ඔක්කොම එක එක මට්ටමේ සක්විතිලා ය. එක සක්විති කෙනෙකු අල්ලාගෙන මරා කන්නට අප දැන් සූදානම් වන්නේ මෙකී සක්විතිකම සමග එකට යන ම්ලේච්ඡත්වය නිසා ය. 


සක්විතිට කුමක් කරමුද? කුමක් කළත්, ඉන්දියාවෙන් එහාට පළා යන්නට හෝ එහි දිගට ම ඉන්නට බැරිව හෝ වෙනත් දේශප්‍රේමයක් නිසා හෝ, අනතුරුදායක ලෙස දෙමළ නමකින් ලංකාවට පැමිණ, කිසි සේත් ම නො යා යුතු, සම්බන්ධතා පවා නො පැවැත්විය යුතු තැනකට මුදල් ඉල්ලා ගන්නට යන්නට සිදු වූ සක්විති රණසිංහ ණයට ගත් මුදල් ආපසු ලබා ගැනීම නම් හරි යන වැඩක් වන්නේ නැත.


මේ මිනිසාගේ එක් සාධනීය ලක්ෂණයක් හෝ දැකිය හැකි ය. එනම්, සිය දරු පවුල සමග එකට සිටින්නට ඔහු දරා ඇති උත්සාහයයි. මෙවැනි අය එක්තරා දුරකට මුග්ධයෝ ය. ඔවුනට දුර නො පෙනෙන්නේ එම මුග්ධකම නිසා ය. අනෙක් පැත්තෙන් ඔවුහු තමන් පිළිබඳ අධි මානසිකත්වයකින් ද, .තමන් තුළ ඇති ගුප්ත බල පිළිබඳ විශ්වාසයකින් ද පෙළෙන්නෝ වෙති. එමෙන් ම ජීවිතය බිඳ වැටුණු පසු ඔවුහු අතිශය දුර්වල පුද්ගලයෝ බවට පත් වෙති. සක්විති රණසිංහ අංක එකේ කපටියකු යයි යමකු සිතුවේ නම් දැන් එය වෙනස් කර ගැනීමට කාලය එළඹ තිබේ. වරද ඇත්තේ සක්විති රණසිංහගේ පමණක් නොව ඔහු වැන්නන් අදහන හා ඔවුන්ට රැවටෙන මේ සමාජයේ ය. 


දැන් ඉතින් අපි කුමක් කරමුද? මුදල් සැඟවූ තැනක් පෙන්නන්නට යන විට පොලිස් නිලධාරියකුට පහර දී ආයුධය පැහැර ගෙන පැන යන්නට සලස්වා වෙඩි තබා මරමුද? නැතිනම් ජීවිතාන්තය දක්වා හිරේ අරිමුද? ඇප දී එළියට ගෙන දඬුවම් මුදලාලිට දුන් දඬුවම දෙමුද? 


අපේ පිළිතුර මෙසේ ය. 


'දැන් ඉතින් අපි කුමක් කරමුද? ආදරය කරනු මිස' (අශෝක හඳගමගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙනි.)


අප කරන්නේ එයයි. එනම් මේ දූෂිත සමාජයට තව දුරටත් ආදරය කිරීමයි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. තව මාස 6 කට පසුව නිකුත් වන ප්‍රවෘත්ති නිවේදනයකි.. මහජන මුදල් කෝටි 900 ක් පමණ වංචා කළේයැයි සැක පිට අත්අඩංගුවට ගෙන සිටින සක්විති රණසිංහ මැතිතුමා තමා සතු මුදලින් කෝටි 500 ක් දකුණේ සංවර්ධන කටයුතු සඳහා රජයට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බැවින් එතුමන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති බැවින් එම මුදල් පරිත්‍යාග කිරීමේ හා සක්විති මැතිතුමාට උපහාර පිදීමේ උළෙලක් හෙට උදේ 10 ට අහවල් මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. තවද සිදුවී ඇතැයි කියන මුදල් වංචාව ගැන රජයේ සාක්ෂිකරුවකු වීමටද එතුමා කැමැත්ත පළ කර ඇති අතර ඒ අනුව මෙම මුදල් වංචාවට වගකිව යුතු එඩ්වින් ආරියදාස නමැති අය ඇතුලූ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කරයි.
    Janamadya appuhami
    (ඉස්සුව එකකි)
    http://www.adaderana.lk/news.php?nid=9277

    ReplyDelete
  2. හැම ලිපිකින් ම ලංකාව ජරා රටක් බව කියා සිටීමෙන් ඔබ ඉටු කරන්නේ පාහාර ‍අන්‍යාගමිකයන් ගේ තුඡ්ත අවශ්‍යතායකි.

    පාහාර මිනිසුන් කරන වරදි වලට ඔබ පාහාරයා භාවික කරන්නේ මුලු ලංකාවේ ම නම පමණකි. (මෙයට ඔබට හොදට ගෙවීම් ලැබෙනවා කියා අපි දනිමු.)

    මේ රට සමග වෛරයෙන් පසු වෙනවා කියා හොදම නිදසුන් ‍ඔබේ බ්ලො‍ගයෙන් ඕනෑතරම් ඉස්මතු කරගත හැක.

    පිටරටක වැරද්දක් කරන්නේ තනි පුද්ගලයන් වුවත් අපේ රටේ වැරදි කරන ඔක්කොම පුරවැසියෝ ලාංකිකයෝය හොද මිනිසුන් අන්‍යාගමික පිරට‍ට වැසියන්ය - w3lanka අනුව.

    කාට කියන්නද??? ඉන්න,,

    ලඟදීම ඔබ ගැනත් හොඳ ලිපියක් ලිවීමට කරුණු එකතු කරමින් පවතී!!!

    ReplyDelete
  3. @Anonymousලිපි නම් කොච්චර ලිව්වත් මොකද? කරුණු අවහ්‍ය නම් අප අමතන්න.

    ReplyDelete
  4. හද පෙන්වූ විට ඇගිල්ල දෙස ද බැලිය යුතුය. නමුත් හද ආරක්ෂා කර ගෙනීමට ඇගිල්ල දෙසම බලා සිටීම කපටිකමකි.වංචාවකි. දුෂ්ඨ කමකි.

    shan- Bumuthurunu

    ReplyDelete
  5. @Anonymousසමහර දේවලට සමහරුන්ට හරියට රිදෙන බව පෙනේ. කොයි තරම් රිදේ ද යත්, සමහරු සියලු වැඩ පසෙක ලා W3 ගැනලිපියක් ලිවීමට පවා සූදානම් වෙති. අපට මතක හැටියට ලන්කාවේ මිනිස්සුන්ට හොදම චරිත සහතික ටික දුන්නේ දැන් හෙළ උරුමය ඉදිරියට අරන් යන ව්‍යාපාරයේ නිර්මාතෘ සෝම හාමුදුරුවෝ ය.

    ReplyDelete
  6. තමන්ගෙ රටෙ වුනත් වැරැද්දක් වැරැද්ද විදියට දකින එක ඔබගෙ මනුස්සකම. එක හරි. ඔබ වැරැදි නැහැ මෙතනදි . ඔබට ජය .අපි මෙවා ලිව්වා කියලා වෙනස් වෙන්නෙත් නැහැ, සක්විතිටත් වෙන්නෙ අනිත් මිනිස්සුන්ට වෙච්චි දෙ,

    චමිදෙවා අයියා දාලා තියන කමෙන්ට් එක වුණොත් හරිම කණගාටුදායකයි. පුදුම ලොකයක් තමයි.

    ReplyDelete
  7. mister Anonymous dnt tri 2 act thug on a web site
    kasun

    ReplyDelete
  8. Hi I'm 12 years old. I want to be a Sakvithi one day...i'm proud of him...

    ReplyDelete
  9. @Anonymous
    ane ano..
    hama maagulatama agama gawaganna ohelath maha rajathumawagema anthima sawuththui..
    moda coments denna epa. owa methana newei, Sakwithi laga deposit keruwa, maha rajathumata chande dunna jathiye ayata gihin kiyanna. is mudunin piligani.

    ReplyDelete
  10. @Anonymous

    niyamai niyama. kochchara hoda babek da. puthata hithenne nadda dawasaka mahinda mama kenek wenna. ehema unanam eetath hodai. mage hoda putha.

    ReplyDelete
  11. ඩබ් 3 එක ගැන ලියනවනම් ඒ කියන්නේ මේ ලියන්න හදන එකාත් ඔහු කියන හැටියට පරයෙකි.ඒ කියන්නේ ඌට අනුව ඌ කරන්නේත් ඔබ කරන දේ විදියේම දෙයකි. ඒක හොද වෙන්නෙ උගෙ අම්මා ඌව කටින් දාපු නිසාද අහන්න වෙනවා. මූ ඩී.එස්. එකෙක් වෙන්නටද බැරි නැත. එහෙම නැත්තං මුට ඩෝං යන්න හේතුවක් නැත. නැත්නම් වෙන දෙයක් ද න්‍විය හැකිය. කොහොම වුනත් මේ ලිවීමට 100%ක් එකග වෙමි. ලියන්න. මොනව හරි වේවි. ඔබව ප්‍රගීත්ගෙ ගොඩට ඇදල දාන මොනව හරි නොවේ. ඔබට කොන්දක් ඇති නිසා මා මගේ කොන්ද නවා ගරු කරමි. යම් බලපෑමක් වේවි. සල්ලි අරගෙන වුනත් කමක් නැත ලියන්න. මේ වචන තුල ඇති ඇත්ත වැටහේ නම් කියවන අය හට නම් ඔබ කෙසේ වුවත් කමක් නැත. (අනවශ්‍ය දේ ඇතොත් කපා දමන්න)
    ජය...

    ReplyDelete
  12. සක්විති රණසිංහ පිළිබදව මෙතරම් විශිෂ්ට විශ්ලේෂණයක් මම කිසිදු ජනමාධ්‍යයක කියවා නොමැත. මෙම ලිපිය සක්විති ඔස්සේ අපද ඇතුළු අපේ සමාජයේ අති විශාල පදාසයක සැබෑ නිරුවත මොනවට විදහා දක්වයි.

    I haven't read such a brilliant analyse about Sakvithi Ranasingha on any media.Even including us, this article shows the true nakedness of a very large section in our society.

    ReplyDelete
  13. While I sympathise with the poor fools who invested their life-time savings to Sakvithi the rich who lost the money fully deserve it. It will be interesting to know who the latter are as the investigations proceed. In their greed they became blind to the fact that no legitimate financial institution could offer such big interest. A sucker is born every minute in Sri Lanka. This is a good lesson for all citizens to invest their hard-earned money as far as possible in State banks and other well-recognized banks even though the interest may be less. If they want to invest in a private Finance Company it should be a long standing one with a very good reputation.

    ReplyDelete
  14. Saman Rathnayake

    I think all are same. Only thing Sakwithi Ranasinghe just got money from few people. The Sakwithi in the middle have taken money from all the people.

    ReplyDelete
  15. so funny !!! But it ture

    ReplyDelete
  16. He takes a photo with Obama and Obama's party loses next elections, He takes a photograph with Gold medalist Boxer and the medel was stripped next day for drug use !!He takes a photograph with Sakwithi and Sakwithi becomes a wanted criminal !!!!

    ReplyDelete
  17. Chamideva is correct. Karuna after killing 600 policemen and monks and civiliens now a powerful minister in the governement. KP who was responsible for killing thousands by supplying arms and money is now a king and enjoying VIP status ! So what is so surprising about Sakvithi being honoured by the president ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා