ප්‍රගීත් තුළින් අප සොයමු | Let us explore ourselves through Prageeth

(2010 අගෝස්තු 10, W3Lankaප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ව දෙසිය දිනක් ඉක්ම ගොස් ඇත.


මෙම ලේඛකයාට ප්‍රගීත් මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණි. කොළඹ පැවති උත්සවයකදී ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ඔහු මට හඳුන්වා දුන්නේ ය. එදා මම ඔහුට අතට අත දුනිමි. කුමන තත්වයක් තුළ හෝ කිසි යම් දිනෙක යළි ඔහුට එසේ අතට අත දෙන්නට ලැබේවායි අපි පතමු.


ප්‍රගීත් අතුරුදහන් වී කාලය ගෙවී යන සෑම දිනයක් පාසා ම එහි වගකීමේ බර වැඩි වැඩියෙන් ආණ්ඩුව කර මතට වැටේ.


සිවරාම් හා ලසන්ත වික්‍රමතුංග මරා දැමීම් ඍජු දේශපාලන හා යුදමය ඉලක්ක ලෙස දකින මෙම ලේඛකයා ප්‍රගීත් එවැනි ඉලක්කයක් වූ බව විශ්වාස කරන්නේ නැත. යමකු ප්‍රගීත් ඉලක්ක කළා නම් ඒ කණ්ඩායම් අරමුණකට වඩා පෞද්ගලික හේතු මත විය හැකි ය.


ප්‍රගීත්ගේ අතුරුදහන් වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ඔහු පිළිබඳ ලද තොරතුරු අනුව ඔහු එක් පරපුරක සංකේතයක් යයි ලේඛකයාට සිතේ. මේ පරපුර වනාහි රැඩිකල් දේශපාලන අරමුණු, සමාජවාදය, පශ්චාත් නූතනවාදය, ඕෂෝ, පවුල, මුදල්, කලාව, ජීවිතය විඳීමේ අවශ්‍යතාව, කොළඹ දේශපාලන කණ්ඩායම්, පක්ෂයක් ගොඩනැඟීමේ සිහිනය, පසුගිය දේශපාලන ක්‍රියාකාරකම් පිළිබද අතීතකාමය, වම කඩා වැටීම පිළිබඳ සාංකාව, රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රපංචයන් රැසක් මැද මංමුලා වූ පරම්පරාවකැයි ලේඛකයාට සිතේ.


ඔහු සොයන්නට එක් වන අයගෙන් බහුතරයක් ඔහුගේ පරම්පරාවේ අය ම වෙති.


පොලිසිය භෞතික ප්‍රගීත් සොයන්නේ නැත.


අපට ඔහු සොයා ගන්නට ලැබේ ද යන්න සැක සහිත ය.


එහෙත් අපට ඔහු තුළින් අප සොයා ගන්නට බැරි නැත.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Prageeth kiyanne kawda?

    ReplyDelete
  2. කලකට ඉහතදී අතුරුදහන් උනා යැයි පැවසුන ලංකා ඊ නිව්ස් වෙබ් පෝටලය පවත්වන් ගිය හාදයා...විවිධාකාර කතා තිබ්බා ඒ දවස් වල.......

    ReplyDelete
  3. "...ප්‍රගීත්ගේ අතුරුදහන් වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ඔහු පිළිබඳ ලද තොරතුරු අනුව ඔහු එක් පරපුරක සංකේතයක් යයි ලේඛකයාට සිතේ. මේ පරපුර වනාහි රැඩිකල් දේශපාලන අරමුණු, සමාජවාදය, පශ්චාත් නූතනවාදය, ඕෂෝ, පවුල, මුදල්, කලාව, ජීවිතය විඳීමේ අවශ්‍යතාව, කොළඹ දේශපාලන කණ්ඩායම්, පක්ෂයක් ගොඩනැඟීමේ සිහිනය, පසුගිය දේශපාලන ක්‍රියාකාරකම් පිළිබද අතීතකාමය, වම කඩා වැටීම පිළිබඳ සාංකාව, රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රපංචයන් රැසක් මැද මංමුලා වූ පරම්පරාවකැයි ලේඛකයාට සිතේ..."

    Niyama ma vinivida dakeemak..

    Dinuka

    ReplyDelete
  4. අන්ඩග්‍රවුන්ඩ් ගිහින් දවස් 200යි. බෑන් කී මූන් ගේ කමිටුව ලංකාවට ගේනන, එතකොට අතුරුදන් වෙච්ච මිනිහා මතු වෙයි.

    ReplyDelete
  5. To annonymous,

    Prageeth is a human being who has a right to live in the world as you.The stark tuth is SL government -the Rajapaksha/Champika/wansa regime-is responsible of Prageeth's dissapearence.People may have different ideologies yet it is not a reason to make a man/woman to make him/her dissappeared, as you said putting him in underground.

    Clement Peris

    ReplyDelete
  6. @ Solved Problems in Physic and Physical Chemistry

    "The stark tuth is SL government -the Rajapaksha/Champika/wansa regime-is responsible of Prageeth's dissapearence"

    That's what pathetically biased beings like you like to think. But according to the Prageeth's giddy mates, Prageeth has been a master in going underground. A hoax was created by his wife involving a certain journalist (cannot remember his name). But that journalist came out of the truth and burst the bubble. Prageeth has gone underground. Let SF testify against war crimes and Prageeth will reappear to give supportive evidence.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා