ඔහුව ඔසවා තැබූ වනචාරිත්වය ඔහුව පාවා දී ද ඇත.

(2010 අගෝස්තු 13, W3Lanka)  සරත් ෆොන්සේකා හමුදා සේවයේ සිටියදී දේශපාලනය කළේ ද යන්න විභාග කිරීම පිණීස පත් කරන ලද යුද්ධාධිකරණය විසින් ඔහු වරදකරු බවට තීන්දු කර අගෞරවනීය අන්දමින් හමුදා සේවයෙන් ඉවත් කිරීම දඬුවම ලෙස නියම කර තිබේ. (යාවත්කාලීන කිරීමක්: ප්‍රංශ පුවත් සේවයේ පළ වූ මෙම පුවත වැරදි බව ද නඩු විභාගය තවම සිදු වෙමින් ඇති බව ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ මහා අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල පවසා ඇත.


දඬුවම ක්‍රියාත්මක කිරීම ඇත්තේ ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා වන ජනාධිපතිවරයා අතේ ය. ඔහු දඬුවම ක්‍රියාත්මක කළත්, නැතත්, ෆොන්සේකා විනාශ කර දමා හමාර ය. 


තව යුද්ධාධිකරණයකින් හා සිවිල් අධිකරණයකින් ෆොන්සේකා හමුදාවට මිළ දී ගැනීම් කරද්දී වංචා කළේ ද යන්න විභාග කරමින් තිබේ. ඔහුට පහසුවෙන් ගැලවීමක් නැත. 


ෆොන්සේකා රාජපක්ෂ පවුල් පාලනය සමග සමීපව කටයුතු කළ කෙනෙකි. ඔහු හමුදාපති ධුරයට ගෙන ආවේත්, කොටින්ගේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමෙන් පසු දිගින් දිගට ම ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබුවේ ද මේ හිතවත්කම නිසා ය. 


පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට තියුණු අභියෝගයක් විය. ඔහු ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ නම් රාජපක්ෂලාට ද සිදු වන්නේ අඩු තරමේ මෙවැනි ම ඉරණමකට හෝ මුහුණ දීමට බව නියත ය. 


දැඩි ආත්මාභිමානයකින් නොහොත් ඊගෝවකින් යුක්ත වූ මේ දෙපාර්ශ්වයට ම ජනාධිපතිවරණයේදී තමන් පරාජය වුණහොත් ඇති වන තත්වය ගැන සිතා සම්මුතියකින් කටයුතු කිරීමේ සූදානමක් නො තිබුණි. 


සරත් ෆොන්සේකාට සමාවක් ලැබෙනු ඇත්තේ ලජ්ජා විරහිත සමාව ගැනීමක් හරහා හෝ දේශපාලනිකව හා පෞරුෂයීය වශයෙන් පූර්ණ කඩා වැටීමකින් පසුව පමණි. 


ජවිපෙ හා අනෝමා ෆොන්සේකා කෙතරම් උත්සාහ කළත් ඉරිදාට කරදියවර මංගල්‍යය බලන්නට යන තමන්ගේ වීරෝදාර ජනතාව සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම පිණිස අවදි කර ගන්නට ලැබෙන්නේ නැත. 


ලාංකීය දේශපාලන ම්ලේච්ඡත්වය නිර්මානය කිරීමේ පංගුකරුවකු වන ඔහුව පාවා දී ඇත්තේ ඔහුව ඔසවා තැබූ වනචාරී ගැහැනුන් හා මිනිසුන් ම විසිනි. 


අප ශිෂ්ට, මානුෂික හා දියුණු සමාජයක් බවට නැවත පරිණාමය වන තෙක් මෙවැනි පාවාදීම්වලට තවත් බොහෝ අයට මුහුණ දෙන්නට සිදු වනු ඇත. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. සරත් ෆොන්සේකාට සමාව නොදිය යුතුය ! එසේ වන්නේ නම් නීතිය පිළිබඳ අප තුල ඇති විශ්වසය අයින් කර ගන්නෙමු...තම පුද්ගලිය සුඛවිහරණය උදෙසා රටක්, ජාතියක් අමු අමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ යුගයේ ප්‍රභලම ජීවමාන සාක්ෂිය වන ඔහුගේ "ජෙනරාල් කම" අවලංගු කල යුතුය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දී එවැන්නන් රටෙන්ද පි‍ටුවහල් කල යුතුය.එය අප අතර ගැවසෙන ද්‍රෝහීන්ටත්, ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් වනු ඇත.....

    ReplyDelete
  2. මොහතක චූං එකකින් උඩ ගිහින් රඟ දෙන කොයි අයියටත් මේ SF කථා වස්තුව හොඳ පාඩමක් වේවි..
    පසු සටහන: මොහතක සුව දෙන චංචල ලෝකයේ...ජනධිපති කම් සොයා.. මා.. ගියේ නෑ...(පසු ගිය ජනාධිපතිවරණ පරාජයත් සමග රනිල්ට ඇති වූ සිතිවිල්ලකි......)

    ReplyDelete
  3. සරත් ෆොන්සේකා සිරගත කල යුතුය. K P ට මහ ඇමතිකම දිය යුතුය.

    ReplyDelete
  4. හරි . දැං ඔය අවලංගු කරන ඩිසිශන් එක තියෙන්නෙ ලොකුම තැනනෙ. මොන ද්‍රෝහිකම් කලත් යුද්දෙදි දක්වපු දායකත්වය ගැන හිතලා මේ නිර්දේශය අහක දානවා කිව්වොත් මොකද කියන්නෙ?
    නොවෙයි කියලා හිතන්නත් එපා. මොකද අපිට ඉන්නෙ ප්‍රශ්ණෙත් හදලා උත්තරෙත් දීලා හරියකුත් දාගෙන ලකුණුත් ලියාගන්න පිරිසක්.

    ReplyDelete
  5. ඇත්තටම ඹහුට අත්වු ඉරනම කනගාටුදායකය. එහෙත් පටු වාසි තකා තම මවු බිම පාවාදිම දඩුවමි ලැබිය යුතය.

    ReplyDelete
  6. චමල් ඇතුලත්මුදලිAugust 14, 2010 at 1:00 AM

    Anonymous නපුංසකය
    එතකොට හමුදාසේවයේ ඉඳඟෙන දේසපාලනේ කොරන ගෝඨාබය මයාට කෝ දඩුවම්?

    ReplyDelete
  7. what about the treatment given to KP then..hes been found guilty of many and worse sorts of criminal activities..do you agree on the difference of treatment rendered to them? IMO, this is a classic example to witness that our country is now heading for to become another Myanmar..

    ReplyDelete
  8. "සරත් ෆොන්සේකාට සමාව නොදිය යුතුය ! එසේ වන්නේ නම් නීතිය පිළිබඳ අප තුල ඇති විශ්වසය අයින් කර ගන්නෙමු...තම පුද්ගලිය සුඛවිහරණය උදෙසා රටක්, ජාතියක් අමු අමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ යුගයේ ප්‍රභලම ජීවමාන සාක්ෂිය වන ඔහුගේ "ජෙනරාල් කම" අවලංගු කල යුතුය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දී එවැන්නන් රටෙන්ද පි‍ටුවහල් කල යුතුය.එය අප අතර ගැවසෙන ද්‍රෝහීන්ටත්, ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් වනු ඇත....."

    අනේ ඇනියෝ...
    සරා විතරද ජාතිය පාවා දෙන්නෙ. අනුන්ගෙ ඇස් වලින් ලෝකය දකින කොට ඔහොම තමයි පෙනෙන්නෙ. මුඵ මහත් ජනතාවම රවට්ටන,සූරාකන මහ එවුන්ව පේන්නෙ නැත්තෙ ඇස්ගෙඩි වලට හෙණ ගහලද නැත්නම් මොළයක් නැති නිසාද?
    අද සරාව රටින් එළවන්න ඕනි කියන උඹලම හෙට රජතුමා මිනිහව නිදහස් කලොත් රජා ශ්‍රේෂ්ඨයි කියල රටේම පෝස්ටර් ගහයි, උපහාර පුද කරයි. ද්‍රෝහියා මුදා හැරිය කියල රජාට විරුද්ධ වෙන එකක් නෑ. උඹල දන්න දේශප්‍රේමය ඕකනෙ. ඕක දේශප්‍රේමය නෙවෙයි අමනකමයි.

    ReplyDelete
  9. මර්වින් සිල්වාව බිල්ලට දෙනකොටම හිතුණා ලොකු යකෙක්ව එලවන්න තමයි යන්නෙ කියලා.
    දැන් කට්ටියට කේපීත් අමතකයි, ජෙනරාලුත් අමතකයි. අර කියන්නා වගේ කට්ටියම ගිහින් කරදිය මංගල්ලෙ ආතල් බලයි.

    ReplyDelete
  10. එතකොට හමුදාසේවයේ ඉඳඟෙන දේසපාලනේ කොරන ගෝඨාබය මයාට කෝ දඩුවම්?

    This is news to me. When did Gotabhaya joined the army and did politics recently?

    ReplyDelete
  11. යාවත්කාලීන කිරීමක්: . . . .
    හොරාට කලින් කෙහෙල් කැණ වැට පැන පැරා ඇණ ගත් වගයි.

    ReplyDelete
  12. rana viruvanta puka dunna jvp ekatah galledi kama tika rana viruvangenma hamba una.thava duratah anivarryenma hamba venava sadu sadu sadu!

    ReplyDelete
  13. වනචාරිත්වය.........හරියටම ගැලපෙන වචනය.

    ReplyDelete
  14. @Anonymous

    ""සරත් ෆොන්සේකාට සමාව නොදිය යුතුය ! එසේ වන්නේ නම් නීතිය පිළිබඳ අප තුල ඇති විශ්වසය අයින් කර ගන්නෙමු...තම පුද්ගලිය සුඛවිහරණය උදෙසා රටක්, ජාතියක් අමු අමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ යුගයේ ප්‍රභලම ජීවමාන සාක්ෂිය වන ඔහුගේ "ජෙනරාල් කම" අවලංගු කල යුතුය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දී එවැන්නන් රටෙන්ද පි‍ටුවහල් කල යුතුය.එය අප අතර ගැවසෙන ද්‍රෝහීන්ටත්, ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් වනු ඇත.....""

    ===>හැංගී සිටින ඇනෝනිමස්, නුඹ වැනි සිඟාලයින් යුද්ධය පවතින කාලයේ සරත් ෆොන්සේකා ඇඳලා විසි කරපු යට අමුඩෙත් සුවඳයි කිය කියා ඉඹ ඉඹ යන හැටි අපි දැක්කා.

    ඒ කාලේ සරත් ෆොන්සේකා කරපු සමහර වැඩ, සමහර ප්‍රකාශයන්ට විරුද්ධව අපි කතා කරනකොට උඹලා වගේ සිංඟාලයෝ "තොපි දේශ ද්‍රෝහියෝ, කොටි හිතවාදියෝ" අපිට බැන්නා. දැන් උඹලා ඒ මනුස්සයාටත් එහෙමම කියනවා.

    රාජපක්ශ වලව්වේ කටු ලෙවකන නුඹලාට නමකින් පෙනී හිටින්නටත් බැරි බව අපි දන්නවා. ආත්මයක් නැති වහල් ජීවිත.

    ReplyDelete
  15. @ඇටමැස්සා

    well said Atamessa,
    මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න .........
    ඒ සිහිනෙන් ම මුදන්න ලං නොවන්න ......

    ReplyDelete
  16. මෙය මගෙ අදහසයි...
    SF කියන්නෙත් විරයෙක්...
    හමුදා සෙවයෙ සිටි කලයෙ ගොඩක් වැරදි කරල තියනව...
    එව එලියට දාන්නෙ නැතුව තිබුන නිසා කවෘත් දැනගෙන හිටියෙ නැ...
    ඩ්කැන් එලියට ඇවිල්ල තියන දෙවල් ඔක්කොම ඇත්තද අපි හරියටම නොදනිමු..
    මෙ දඩුවම් විදින්නෙ නම්බු පිටින් හමුදාවෙ ඉන්නෙ නැතුව දෙශපලනය කිරිමෙ වරදටය..
    එය කිරිමට ඔහුට අයිතියක් ඇත...
    ඔහුව ඔහුගෙ වටාපිටාව (එ.ජා.පේ./ ජ.වි.පෙ..) ඔහුව අන්ද කර ඇත...
    මට නම් SF ගැන ඇත්තෙ හදපත්ලෙන්ම නගින දුකක් පමනි...
    වරෙක මම ඔහුට විරයෙකුට මෙන් ආදරය කලෙමි...
    ඔහු බලලොබයෙන් අන්දවි හමුදාව පාවාදිමට සැරසුන කතාව ඇත්ත නම් දඩුවන් දිය යුතුමය..

    කෙ.පි. ඔහු දැන් කරන්නෙ ඔහු අයත් සංවිදානය ප්පවාදිමකි..
    කරුනා ද, පිල්ලයාන් ද එසේමය..
    ජ්.වි.ප. යටද පොදුසමාව ලැබුනි..

    කෙ.පි. කරුනා වැනි අයට සැල කිම අනුමත කල නොහැක...
    එහෙත් මෙය හොද උපයකි කියා මට හිතෙ..
    එහත් ඔවුන්ට කලයුත්ත ජනාදිපති තුමා සැලසුම් කර ඇතැයි විස්වාස කරමි...
    පරන ප්‍රශ්නය නැවත කලයකට මතු නොවනු ඇත...

    එහෙත් මෙය තව වසර 50ක් 100 ක් යනවිට නැවත ඇතිවිය හැක..
    එසේ නොවෙවායි මගෙ පතුමය....!!

    සංවිදානයක් හදාගැනිම හොද වියාපරයකි...
    නයකයින්ට පට්ට ඇතල්ය... සාමාජිකයින්ට අමුම දුකය...
    ක්.පි. කරන්නෙ තමන්ට ඇතල් 1කෙ සිටිමට තව දුරටත් ක්‍රියා කිරිමය..
    මෙ මගෙ අදහස් බිදක් පමනි..
    මා දන්නා තොරතුරු අනුව එන අදහස් ය..
    මා දන්නා දෙය අලුත් වෙන කොට සහ වෙනහ් වනවිට මාගෙ අදහස් ද වෙනස් වෙ..

    ඹෙම බ්ලොගයට සහ සැමට සාමය සතුට පිරි අනාගතයක් වෙවා කියා පතමි..

    ඉංදික

    ReplyDelete
  17. @ Kandula (කණ්ඩුල)
    කණ්ඩුල ඇයි ඔබ කෝපාවිශ්ට වී...මඳක් සැනසෙන්න....අප විසින් කුමක්,කොයි කලක හෝ කරනු ලැබුයේ ඔබගේ විරුද්ධත්වය පිනිස හේතු වන වැඩ මිස අනෙකක් නොවේ...මෙවරද එය එසේමය,අවාසනාවකට මෙවර එහි සම්ප්‍රේෂකයා SFය. අප ඔහු කලෙක වීරයෙකු සේ සැලකූවෙකි. සැබෑ වීරයන් හෝ දුෂ්ටයන් තැනෙන්නේ ඉතිහාසය තුල මිස වර්තමාන්යේ හෝ අනාගතයේ නොවෙයි, මිනී මරුවෙකු ලෙස මිනිසුන්ගේ ගල්,මුල් ප්‍රහාරයන්ට ලක් වු අංගුලිමාල පසු කලෙක මල් පුදා බුහුමනට ලක් වූ රහතන් වහන්සේ නමක් විය,SF,KP,කරුනා,etc... කවරෙකු සම්බන්ධයෙනුත් එය එලෙසමය.ඔව් ජාතිය පිලිබඳ ජංම වෛරයකින් පසු වන ඔඹ(ලා) ජාති ද්‍රොහීන් ලෙස මම නම් කරමි, අප සියල්ල කරන්නේ ඔඹ වැන්නවුන්ගේ විරුද්ධත්වය පිනිසමයි, ඒ සඳහා විරුද්ධවීමට ඔඹට අයිතියක් ඇත,මක් නිසාද යත් ජාතිය අපේය, එහි විනාශය ඔබේ (ලාගේ)ය.

    ReplyDelete
  18. gon anniya.....jack ass

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා