මුන්නේශ්වරම් වාර්ෂික බිලි පූජාව හා දෙමටගොඩ දෛනික බිලි පූජාව

ඡායාරූපය නේපාලයෙනි.
(2010 අගෝස්තු 28, W3Lanka) හලාවත-මුන්නේශ්වරම් කාලි අම්මා කෝවිලේ අගෝස්තු 25 දා පැවැත්වූ සත්ව බිලි පූජාව පිළිබඳ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. 


මෙම මහා බිලි පූජාව සිදු වන්නේ සත්ව හිංසනය පිටු දැකීම සඳහා සත්ව පනත, ගව ඝාතන ආඥා පනත හා සත්ව හිංසා වැළැක්වීමේ පනත ආදී අණ පනත් ඇති රටකයි. මානව හිමිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවා තිබියදී මිනිසුන්ට සිදු වන දේ දෙස බැලූ කල සතුන්ට නීතියෙන් පිළිසරණක් නො ලැබීම පහසුවෙන් තේරුම් ගත හැකි ය. 


මෙම හින්දු බිලි පූජාවට විරෝධය පළ කරන ජාතික සංඝ සම්මේලනය මිනිස් බිලි පූජා ගැන සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද අවධානයට ලක් විය යුතු ය. 


කෙසේ වෙතත්, අප පහත සඳහන් කාරණා ටික ද දැන ගත යුතු ය. පසුගිය දිනෙක කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී 1867දී පිහිටුවන ලද 'ඓතිහාසික' දෙමටගොඩ ගව ඝාතනාගාරය වෙනත් තැනකට ගෙන යාම පිළිබඳව මතු වු විට හෙළිදරව් වූ පරිදි කොළඹ නගරයේ මස් කන මිනිසුන්ගේ පරිභෝජනය සඳහා දිනකට ගව මස් කිලෝ 18,000ක් අවශ්‍ය අතර ඒ සඳහා දිනපතා හරකුන් 180ක් බැගින් දිවි දෙති. 


එළු මස් කිලෝ 12,000ක් වෙනුවෙන් එළුවන් ද එතරම් ම ප්‍රමාණයක් මරා දමනු ලැබේ. කොළඹ හාදයෝ හා කොළඹට එන යන හාදයෝ දිනකට ඌරු මස් ද කිලෝ 9000ක් ගිලිති. 


හක්කෙන් බුදු රැස් විහිදෙන බොහෝ කොළඹියානුවන්ගේ බොක්කේ ඇත්තේ මොනවා ද? 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. killing for food is not the problem, it happened each day, everywhere in the world through out the history. People and animals do not want to starve with out food.
    But killing for religious beliefs is not acceptable.
    -Ivan-

    ReplyDelete
  3. to anonymous:-what about killing for food as a religious belief?pooH!

    ReplyDelete
  4. Anonymous 2: As long as they are eaten someone survies from that death. Someone gets food. Food is essential to live. It same as canivores rely on other animals in the wild. Man is just another animal.
    -Ivan-

    ReplyDelete
  5. මීට සමාන ප්‍රශ්නයක් වරෙක ගෝඨාභය රාජපක්ෂද ඇසුවේය. ඒ උතුරේ යුද්ධයේදී දහස් දසදහස් ගණන් පිරිසකට ජීවිත අහිමි වෙද්දී එක ලසන්ත වික්‍රමතුංගයෙක් මොකෙක්ද යනුවෙනි.

    ReplyDelete
  6. දිනකට කොළඹ විතරක් කුකුළන් 70,000ක් මරණවා..
    http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=4710:2010-08-17-08-55-59&catid=3:news-right

    ReplyDelete
  7. "මෙම හින්දු බිලි පූජාවට විරෝධය පළ කරන ජාතික සංඝ සම්මේලනය මිනිස් බිලි පූජා ගැන සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද අවධානයට ලක් විය යුතු ය."
    මම හිතන්නෙ දෙමෙල්ලු කියන්නෙ එලුවො කුකුල්ලු තරම්වත් වටිනා ජාතියක් නොවන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  8. Anonymous do not show your foolishnees to others. Damn on you bugger!

    ReplyDelete
  9. Is this sacrifice right or wrong? Parakum why not give a direct answer without hiding behind slaughter houses? And you should be knowing that 35% of Colombo metropolis are Muslims and 15% are Christians. No wonder why so much meat is eaten.

    ReplyDelete
  10. Eating animal meat is still cultural evil like slavery or discrimination of woman. Some of us engage on that with great delight, some of us with hesitation and some of us with a great ignorance of the brutality of it. But that need to go away too and that will go away too.

    Killing for religion was a cultural evil that took so long to get rid of. South Americans sacrificed more humans in a year than total died in both atomic bombs. Sacrificing humans is still very much active in Sri Lanka. When you mix up animal sacrifice (humans are animals too), with meat eating, it only show your ignorance and failure in our school system in teaching critical thinking, but instead the results of teaching simple religious morality.


    That does not mean, killing for meat must highly regulate. until our cultures are ready to give it up. our cultures are more than ready to give up animal sacrifices by now. so lets do that.

    ReplyDelete
  11. ** That does not mean, killing for meat must *not* highly regulate. *it need to*.

    ReplyDelete
  12. මිනිස්සු ආසයි මස් කන්න, එක හින්දා මරන් කනවා, නමුත් එකට එක එක හෙතු හොයන්න ඔනා නැහැ, හැබැයි ඔය අහිංසක පණ ඇති සතාට අයුධය ඔසවපු අතින්ම තමයි දවසක එය අනුමත කරන මිනිසුන්ගෙ බෙල්ලටත් ආයුද එසෙවෙන්නෙ. ඉතින් අපිට ජාතියක් වශයෙන් එක තැනකට එකතුවෙන්න දෙන්නෙ නැති දෙශපාලකයො ඉස්සරා මෙ වගෙ දෙවල් මහ ලොකු දෙවල් නෙමෙ.

    ඉස්සර සත්තු මරන මිනිස්සුන්ව පහත් කියලා සැලකුවෙ. මගෙ යහලුවො මාලු අල්ලන්න යනවා වැවේ. උන් එක්ක කතා කරද්දි මට කියන්නෙ , " අපි කරන වැඩෙ වැරදි නම් ගොවියා කරන වැඩෙත් වැරදි " කියලා.
    මිනිස්සු වැරදි කරනවා, එක ස්භාවය, එවා වහගන්නත් එයාලම ක්‍රම හදාගන්නවා. අපි බලමු නෙද එයාලා බිලි පුජාවෙන් මොනවද දෙවියන්ගෙන් ගන්නෙ කියලා. අරමුණ යහපත් නම් මගත් යහපත්.

    ReplyDelete
  13. රවා ගොවියා කරන වැඩේ වැරැද්ද මොකක්ද?

    සතාට ඕනෙ ජීවත් වෙන්න. උට ආහාරයට හෝ බිලිපූජාවකට හෝ ජීවිතය දෙන්න වුවමනාවක් නැහැ.

    ReplyDelete
  14. මෙ මගෙ අදහස් නෙවෙ ආ..

    උන් කියන හැටියට ගොවියො කුඹුරු වපුරද්දි උදලුවලින්, රසායනික ද්‍රව්‍ය වලින් සත්තු ගොඩක් මැරෙනවාලු, උන් ඔක්කොම තරුන වයසෙ ඉන්නෙ. මාත් එහෙම තමයි. උන් එක්ක කතා බහ කරලා දෙයක් තෙරුම් කරන්න බැහැ.

    ක්‍රියාව වඩා එම ක්‍රියාව කරන අරමුණ තමයි වැදගත්. මම නම් කියන්නෙ සතෙක්ව මරන් කන්න, සතෙක් ගෙ මස් ටිකක් කන්න ආසනම් මරාගෙන, උයාගෙන , පුච්චගෙන කාපල්ලා, එකට දෙවියන්ගෙ සමාවයි, අරවයි මෙවයි හෙතු ගාව ගන්න ඔනා නැහැ. අනික මෙ වගෙ වැඩනම් කොහොමටත් අනුමත කරන්න බැහැ. හැමදෙටම පාලකයින්ට දොස් නගන එක වැරදි. පාලකයො තොර ගන්නෙ අපිනෙ.

    අනික අපි ආහරයක් ගන්නෙ අපෙ ශරිරය ගෙනියන්න. ගොඩක් මස් මාලු ගිලින්නෙ ශක්තිය අවශ්‍ය මිනිස්සුන් නෙමෙ. හොදට පුටු රත් කර කර ඉන්න තරබාරු ඈයො, දුප්පත් කුලිවැඩ කරන, දහඩිය මහන්සිය හෙලන, ශක්තිය අවශ්‍ය මිනිස්සු කන්නෙ බොන්නෙ සමුපකාරෙ කුපන් පොතෙන් බඩුගන්නවා වගෙ.

    ReplyDelete
  15. What about the klling of 300s of Suukarayas daily by the supermarket /companies. Why your eyes do not turn to that direction. Further who kills and dogs,kalaweddas, ibbas, and any animal at reach ?
    Please tell who kills more lives daily?

    ReplyDelete
  16. @Anonymous hunting with a empty stomach and hunting with a full stomach is entirely two deferent things.

    ReplyDelete
  17. why not talk about chicken, i think thousands are killed every day. is it because we all eat chicken has become a commodity like parippu, batu etc.
    killing animals is wrong. killing animals for religous meanings is very wrong.

    ReplyDelete
  18. සතුන් ආගමික කටයුත්තකට මැරීම ගැන මාර කලබැගැනියක්!
    හැබෑට අපි ඉන්නෙ ඉල්ලංකාවෙ නැත්නම් සියඹලාංඩුවේ විය යුතුයි.
    මේ සත්ව කරුනාව මිනිසාට යොදා ගන්නේ නැත්තේ ඇයි? මුන්නේස්වරම් පූජාව ගැන ඔපමන කෑගසන්නේ එක්කෝ කුහක කමට! නැත්නම් තමුන්ගෙ නොදන්නා බව ලෝකයාට පෙන්වන්න.කිසි කෙනෙක් තඹ සතේකට මෙම බොරු ෂෝ ගනන් නොගත්තේ ඒ නිසයි.
    ඔය යටිගිරිය පුප්පාගෙන කෑගසන අයින් පුළුවන් නම්
    කුඹුරු වලට රසායන ගසා විනාශක කෘමීන් මැරීම නවත්වනු
    මාළු මැරීම නවත්වනු
    මකුණන් මැරීම නවත්වනු
    කුඹුරු කෙටීමේදී පනුවන් ඇතුලු සතුන් මරා දැමීමට එරෙහිව කුඹුරු අස්වැද්දීම තහනම් කරනු
    ගෙවල්වල ලෙඩ බෝ කරන මීයන් මැරීම නවත්වනු
    ඩෙංගු ඇතුළු මාරාන්තික ලෙඩ බෝකරන මදුරුවන් විනාශ කරන සියළුම ක්‍රියා මාර්ග තහනම් කරනු
    මස් පිණිස සතුන් මැරීම නැවැත්වීමෙන් සිදුවන්නේ උන්ගේ ජනගහනය වැඩිවී මිනිසුන්ට කැළේට යන්නට සිදුවීමයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා