47,000ක් ලිංගික ශ්‍රමිකාවන් ගැන | About 47,000 sex workers of Sri Lanka

(2010 අගෝස්තු 19, W3Lankaසෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ නවතම දත්ත අනුව මෙරට කාන්තාවෝ 47,000ක් ලිංගික ශ්‍රමිකයෝ ලෙස කටයුතු කරති. වෙනත් වෘත්තීන්ට මුවා වෙමින් විශේෂයෙන් ම ඉහළ සමාජයේ පවත්වාගෙන යන ලිංගික සේවාවන්හි සේවයේ නියුතු වූවෝ මෙම වර්ග කිරීමට අයත් වන්නේ නැත. 


සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානි, වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, දිවයින පුරා කරන ලද සමීක්ෂණයකින් ඉහත සංඛ්‍යාව අනාවරණ වූ බවය.


ඔහු පෙන්වා දෙන්නේ එම කාන්තාවන් හා ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතරේ ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානමක් පවතින බවය.


එහෙත් ඊට වඩා ප්‍රශ්නයක් මෙහි තිබේ. කෝටි දෙකක් පමණ ජනගහණයක් වෙසෙන මේ රටේ මෙතරම් ගැහැනුන් සංඛ්‍යාවක් ඇඟ විකුණන්නේ ඇයි? ලංකාවේ සමස්ත පාසල් ගුරු ප්‍රජාව ද ලක්ෂ දෙකකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කලම්බු මෙඩිකල් ජර්නල් ප්‍රක්ෂේපණ අනුව, 2010 වන විට බටහිර වෛද්‍යවරුන් සංඛ්‍යාව 17,000ට අඩු ය. 


ලංකාවේ පිරිමි ජනගහණය කෝටියක් නම් සැම පිරිමි 200ක් වෙනුවෙන් ම සේවා සැපයීම සඳහා එක් ලිංගික ශ්‍රමික ගැහැනියක බැගින් ඇත.


ගනිකා වෘත්තිය නීති විරෝධී වන, නිදහස් ලිංගිකත්වය පිටු දකින, වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට වැඩිහිටියන්ට පවා තහනම් කරන ලංකාවේ මෙවන් තත්වයක් ඇති වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. පහත දැක්වෙන්නේ විය හැකි හේතු කිපයකි. 




  • තහනම් කිරීම විසින් ඇති කරන ලද ගූඪත්වය විසින් ලිංගික ක්‍රියාකාරිත්වයන් වැඩියෙන් ප්‍රවර්ධනය වීම.
  • ලංකාවේ බහුතරයක් පවුල් ජීවිත විසින් ලිංගික ව අතෘප්තිමත් පිරිමින් හා ගැහැනුන් ඇති කිරීම
  • ජීවිතවල සංස්කෘතික පාර්ශ්වයේ අඩුපාඩු
  • ලිංගික සේවා සැපයීම වැඩි ආදායම් ලබා ගත හැකි පහසු රැකියාවක් ලෙස සැලකීම




මෙම ලිංගික සේවා සපයන්නන්ගේ සුබසාධනය කෙරෙහි ද සමාජ අවධානය යොමු විය යුතු ය. මෙම රැකියාවෙන් බැහැර වී වෙනත් රැකියාවල නියුතු වීමේ වැදගත්කම කියා දීම මෙන් ම ඔවුන්ට වියපත් වීමත් සමග මෙම රැකියාව කිරීමට බැරි වන විට වෙනත් සමාජ විරෝධී රැකියාවකට මාරු වනවා වෙනුවට වෙනත් විකල්ප සපයා දීම වැනි කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීමෙහි වැදගත්කමක් තිබේ. 


මෙතරම් පිරිසක් සේවයේ යෙදී සිටින රැකියාව නම්බුකාර අන්දමින් කළ හැකි වන පරිදි නීතිගත කිරීම වුව සලකා බැලිය හැකි ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ලිංගික සේවා නීත්යනුකූල කල යුතුය!!!

    ReplyDelete
  2. On what basis do you claim that 47,000 is a proportionately large number? The only way to do this logically is to compare with 'sex worker' numbers of other countries on a per capita basis.
    Comparing against the number of doctors or teachers do not form a basis for proper comparison.
    (On a ligther note, professions such a teaching and medical practioning require significant training and human capital when compared to prostitution. Hence, one could argue that number of prostitutes should be much higher!!)

    ReplyDelete
  3. තමන්ගෙ ගෑණි හෝ පෙම්වතිය එක්කත් ගෙදරින් පිට ලිංගිකත්වයේ යෙදෙන්න පොලිසිය හරස් වෙන රටේ මේව නීතිගත කරයිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා