පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව ඔක්තෝබර් 13 වැනි දින විභාගයට

(2010 අගෝස්තු 16, W3Lankaපසුගිය 13දා සරත් ෆොන්සේකා වැරැදිකරු බවට තීන්දු කරමින් ඔහුව හමුදා සේවයෙන් අගෞරවනීය අන්දමින් නෙරපා හැරීමට නියම කළ පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව, ඔක්තෝබර් 13 වැනි දින විභාග කිරීමට නියමිත ය.


මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු සත්‍ය හෙට්ටිගේ, ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ල හමුවේ පසුගිය ජුලි 26දා කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.


යුද හමුදාපති ජගත් ජයසූරිය පළමු යුද අධිකරණයේ සාමාජිකයින් හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකැර ඇත.


මෙකී පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය පළමු යුද අධිකරණයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළ අතර, එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය.


අතුරු නියෝගය දීර්ඝ නොකිරීමට එරෙහිව ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළේය.


අභියාචනා පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණයේ තීරණය අනුමත කරමින් අතුරු නියෝගය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය.


යුද අධිකරණය පිහිටුවීමේ තීරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කිරීම පිළිබඳ නඩු විභාගය, ඔක්තෝබර් 13 වැනි දින ආරම්භ කිරීමට නියමිතය.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ඔය නීතියෙන් පොන්සේකාට යහපතක් ඉටු වේයැයි සිතිය හැකිද? නීතිය යනු තමන්ට අවශ්‍ය පරිදි හසුරන ආයුධයක් කරගෙන සිටින්නන්ගෙන් සාධාරණය පැතීම විහිඵවකි.

    ReplyDelete
  2. මැරවින්ට එහෙරි වෙනකොට නීතිය චෝයි. ෆොන්සේකට එරෙහි වෙද්දි නීතිය "නෝටි" අනේ *කේ නන්නානේ

    ReplyDelete
  3. @ ``` Outsider```
    නීතියෙන් යහපතක් ඉ‍ටු වෙනව කියන්නෙ ෆොන්සේකට හොඳක් වෙන විදිහට නඩුව ඉවර උනොත්ද? (දන්නැති හින්ද දැනගන්න අහන්නේ...)

    ReplyDelete
  4. මැරවින්ට නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ කවදද කියල කිව්වනම් හොඳයි අපිටත් දැනගන්න එක්ක.
    ඒ වගේම නීතියෙන් යහපතක් වෙනව කියන්නෙ නීතිය හැමෝටම පොදු සාධාරණ මට්ටමක පවතිනව කියන එකයි. දේශපාලනික වුවමනාවන් වලට අනුව නීතිය හැසිරිය යුතු නෑ. පොන්සේකා ගෙනාව වගේම මේ රටේ තක්කඩිකම් කරල දෑත ශක්තිමත් කරන්නම් කියල ආරක්ෂා වෙලා ඉන්න අනෙක් ඔක්කොම නීතිය ඉදිරියට ගෙනාවනම් නේද හරි? එතකොට පොන්සෙකාත් එක්ක ඒ ඔක්කොටම දඞුවම් කලානම් නීතිය සාධාරණයිනෙ.

    ReplyDelete
  5. http://www.asiantribune.com/news/2010/01/17/sarath-fonseka%E2%80%99s-%E2%80%98sexcapades%E2%80%99-and-%E2%80%98witch-hunting%E2%80%99-those-juniors-calling-%E2%80%98spade-spade

    කවුරු කවුරුත් මේක බලලා ඉන්නකෝ.....

    ReplyDelete
  6. Oh My God...! ෆොන්සේකා සෙබලියන්ගේ පියයුරු හපලා කියන්නේ ඇත්තද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා