අපට දඩ ගසන්න. එවිට අපි නිති රකින්නෙමු

(2010 ජුලි 18, W3Lankaවැරදි තැන්වලින් පාර මාරු වී අසු වූ සියයක් දෙනා මහනුවර පොලිසිය විසින් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රු. 750 බැගින් දඩ නියම කරන ලදී. 


අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අඩු තරමේ මිනිසුන්ට පාරේ යන්නට හෝ ඉගැන්වීමට අසමත් වීම අතිශය කණගාටුදායක තත්වයකි. 


පදික වේදිකා නැති පාරක පයින් යන විට එසේ කළ යුත්තේ දකුණු පැත්තෙන්  පැත්තෙන් බව ද, එය අන් සියල්ලට ම වඩා තම ආරක්ෂාවට හිතකර බව ද ලංකාවේ බොහෝ දෙනා දන්නේ නැත. පාරේ වැරදි පැත්තෙන් පයින් යන විට වාහනයක් ඇඟ ළඟින් ගියොත් බැන වදින්නේ ඒ නිසා ය. 


පාර හරහා යන විට යටි බිම් මගක් හෝ ගුවන් පාලමක් ඇත්නම් එය පාවිච්චි කළ යුතු බව ලාංකිකයන් බොහෝ දෙනෙක් නො තකති. බොහෝ ගැහැනු හා පිරිමි කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වාහනවල හැප්පි, හැප්පී පාරවල් පනින්නේ හදිස්සියටත් වඩා පාලම නගින්නට ඇති අලසකම නිසා ය. 


පිටකොටුව බෝ ගස ඇතුළු තවත් තැන් කීපයක් අසල පාර මාරු වන ස්ථානවලට මාර්ග සංඥා එළි යොදවා තිබේ. එහෙත්, පාර හරහා යන පදිකයෝ වැඩි දෙනෙක් රතු එළි දැල්වී තිබියදීත් පාර පනිමින් වාහන රියදුරන්ට බනිති. කහ ඉර දුටු ගමන් බොහෝ දෙනෙකකු සිතන්නේ ඕනෑම වෙලාවක, ඔනෑ හැටියකට එතැනින් පාර මාරු විය හැකි ය කියා ය. 


ලංකාව යනු පුරවැසි සමාජයක් නොවේ. රාජ්‍යය අවිධිමත් තැනක පුරවැසි සමාජයක් පවතින්නට හැකියාවක් ද නැත. රාජයයක් නැතිකමින් සමාජය පිරිහේ සමාජය පිරිහෙන විට රාජ්‍යය පිරිහේ. තත්වය වෙනස් කිරීමෙහි සමත් නායකයන් නැති වූ විට පිරිහීම උරුමය බවට පත් වේ. එවැනි සමාජයක නීතියට ගරු කිරීමක් නැත. ඇත්තේ නීතියට බියක් පමණි. නිති රැකෙන්නේ බිය වැඩි වන තරමට ය. 


අපට දඩ ගසන්න. එවිට අපි නිති රකින්නෙමු. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. පැහැදිලිවම!! කතාව 100% ක් ඇත්ත!

    ReplyDelete
  2. වැරදි තැනින් පාර පනින අය බොහෝ විට හදිසියක් පෙන්වමින් පාර පනිති. බොහෝ වේලාවට එසේ පාර පනින අය අනෙක් පැත්තට පැන නිකරුණේ කාලය ගත කරයි. විනාඩියකට කළින් ගොස් කරන්නට තරම් හදිසි වැඩ ඇති පුද්ගලයෝ ලංකාවේ සිටීද? දියුණු පුරවැසි සමාජයක පවත්නා නීතිය ප්‍රාථමික සමාජයකට ආදේශ කරන්නට යාම හාස්‍යයක් නොවේද?

    දිනක වැටුප අවම මට්ටමේ තිබියදී අප බුද්ධිමය දේපළ පනත කඩකරන්නන්ට දඩ ගසති. ඩෙංගු රෝගීන් තිදෙනෙකු දින හතරකට මිය යන තත්වයක් තුළ පාර පනින අයට දඩ ගසති. මේ ලැයිස්තුව බොහෝ දිගය.

    ReplyDelete
  3. මේ දඩ ගැසුම මහපාර වසාගෙන උපවාස කළ විමල් වීරවංශටත් කළානම් නොවේ ද හොඳ?

    ReplyDelete
  4. මේක ඉස්කෝලවල වැරෑද්දක් නෙවේ. ඉස්කෝලෙ ළමයින්ට හරිදේ උගන්වනවා ඒත් වැඩිහිටියෝ පාරේයන හැටි පොඩි එවුන් අනුගමනය කරනවා. වැඩිහිටියෝ හදන්න නම් නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕනෑ සිංගප්පුරුවෙ වගේ. ලංකාවේ නීති කඩන අපේ අයියලා වෙන රටකට ගියහම නීතියට බයේ අපූරුවට ඉන්නවා.

    ReplyDelete
  5. ඒක ඇත්ත. ඒ වගේම සුද්දොත් මෙහෙ අපුවාම. උනුත් අපෙන් උන් විදියටම මාර්ග නීති කඩනවා. When you are in Rome, do as Romans do.

    ReplyDelete
  6. රාජයයක් නැතිකමින් සමාජය පිරිහේ සමාජය පිරිහෙන විට රාජ්‍යය පිරිහේ. තත්වය වෙනස් කිරීමෙහි සමත් නායකයන් නැති වූ විට පිරිහීම උරුමය බවට පත් වේ. එවැනි සමාජයක නීතියට ගරු කිරීමක් නැත.

    This is wrong.
    The opposite is the correct.
    As the society depletes because of the existing states and linked governments.
    If there is no a state the society is healthier than that of having it.
    The dilemma is that we think society is artificial and so called state is the nature.
    No.The opposite i sthe truth always and that is the truth what we have forgotten or not seen.

    Clement Peris

    ReplyDelete
  7. රාජ්‍යය අවිධිමත් තැනක පුරවැසි සමාජයක් පවතින්නට හැකියාවක් ද නැත. රාජයයක් නැතිකමින් සමාජය පිරිහේ සමාජය පිරිහෙන විට රාජ්‍යය පිරිහේ. තත්වය වෙනස් කිරීමෙහි සමත් නායකයන් නැති වූ විට පිරිහීම උරුමය බවට පත් වේ. එවැනි සමාජයක නීතියට ගරු කිරීමක් නැත. ඇත්තේ නීතියට බියක් පමණි. නිති රැකෙන්නේ බිය වැඩි වන තරමට ය.

    he he... Ceylon marXism!!!!

    (enna seetha kadukarayata....
    ....poleeesiya nathi...)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා