කොහොමද දොස්තර මහත්තයෙක් කැලනියේ ඩෙංගු මළ ගෙයක් ඉස්සරහා ගස් බැඳලා ඉන්නකොට

(2010 ජුලි 29, W3Lankaවරක් වැන්දොත් උපන්දා සිට කළ පව් නැති වන බව කියන කැලනියට වර්තමානයේ අධිගෘහිතව සිටින ............ (සුදුසු වචනයක් යොදා හිස්තැන පුරවා ගන්න) විසින් ක්‍රියාත්මක කරනු ලබන සියඹලාණ්ඩුව අලුත් නීතියක් ක්‍රියාත්මක කිරීමට යයි.


මීට පෙර මෙම ප්‍රදේශයේ මත් පැන් අලෙවිය තහනම් කෙරුණ අතර දැන් කැලනියේ ජනතාව බඩේ අමාරුවකටවත් අරක්කු මූඩියෙන් එකක්වත් කටේ තියන්නේ නැත. එදා අරක්කු, කසිප්පු, කුඩු විකුණා ලාභ ඉපැයූ ඇතැමෙක් දැන් හිඟා කන බව කැලනියෙන් වාර්තා වේ. අහෝ දුකකි!


කැලනියේ අලුත් ම යුද්ධය ඩෙංගු මදුරුවාට එරෙහිව ලු.


ප්‍රදේශයේ මින් ඉදිරියට ඩෙංගු රෝගය වැළඳී කවර අයෙකු හෝ මිය ගියහොත් එම මරණය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරියා, සමෘද්ධි නිලධාරියා, සෞඛ්‍ය නිලධාරියා සහ ප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු නිලධාරීන් මුළුමනින් වගකිව යුතුව ඇතැයි ද එම මරණකරුගේ නිවස ඉදිරිපිටට මොවුන් ගෙන ගොස්‌ ඩෙංගු පිළිබඳව සැලකිලිමත් නොවීම සම්බන්ධව ගස්‌ බඳින බව ද මානව හිමිකම් නීති තමාට අවශ්‍ය නැති බව ද තමාට අවශ්‍ය වී ඇත්තේ ඩෙංගු උවදුරුවලින් මිනිසුන් බේරාගැනීම බව ද මහා මාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (28 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.


ගස් බැඳිය යුතු බව කියන අයගේ නම් ලැයිස්තුව තව දිගු විය යුතු ය. එහි කෙළවරේ සෞඛ්‍ය ඇමති හා ජනාධිපති ද හිටපු සෞඛ්‍ය ඇමතිට ගරු නම්බු දුන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිටිය යුතු ය. 


සාමාන්‍යයෙන් නම් ගස් බඳින්නේ ගොන්නු ය. ඒ අතින් ගත් කල ඇත්තෙන් ම කැලනියේ ඡන්ද දායකයන් ගස් බැඳීම සාධාරණ ය. 


‍මෙහි ගස් බඳින බව කියන සෞඛ්‍ය නිලධාරියා වනාහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ය. කොහොමද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික දොස්තර මහත්තයෙක් ටයි පොල්ලකුත් එල්ලගෙන, කාර් එකෙන් බැහැලා ඇවිත්, වෙද නලාව පස්ස පැත්තේ ගහගෙන මළ ගෙයක් ඉස්සරහා කණුවක එල්ලීගෙන ඉන්නකොට!


අනෙක් රජයේ නිලධාරි නම් ඉතින් සාමාන්‍ය අයනේ. ග්‍රාම සේවකයන්ව නම් මීට කලින් ජනතා විමුක්ති පෙරමුණත් ගස් බැන්දනේ.


රටේ ජනතාව තෝරා ගන්නේ රටට ගැලපෙන පාලකයන්ව. මේ රටේ මිනිස්සු කොහොමත් ඔය මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වගේ බටහිර සංකල්පවලට විරුද්ධයිනේ. 


ඉතින් ඒවා වෙනුවට තියෙන නැගෙනහිර සංකල්ප තමයි දැන් ඔය කැලනියේ අත්හදා බලන්නේ. ඔය නලින් ද සිල්වාතුමායි, ගුණදාස අම‍රසේකරතුමායි ජාතික චින්තනය කියලා හඳුන්වන්නේ මේවා තමයි මෙයාලා. 


අමසේකරතුමාට ගනඳුරු මැදියම නින්ද නො ගිහින් තිබියදී අරුණළු පෙනුනේත් ජවිපෙ සියඹලාණ්ඩුව මිනිසුන් ගස් බඳින්න සැලසුම් කරමින් සිටි කාලයේයි. 


ටයි දැම්මට වැඩක් නැහැ ලංකාවේ මධ්‍යම පංතික මහත්වරුනි, ශිෂ්ටත්වයට ගරු කරන සමාජයක් හදන්න උර නො දුන්නොත්. ඔන්න දැන් සියඹලාණ්ඩුවේ බූවල්ලාගේ අඬු රජයේ වෛද්‍ය නිලධාරීන් දෙසත් යොමු වෙලා. මොකද කියන්නේ, ඇමතිගේ කතාව ගැන? අපි ආසයි එය දැන ගන්න.


දැන් ඉන්න ටයි දාන ම්ලේච්ඡයන් දුටුවා ම මතක් වෙන්නේ කොලු කාලෙ කියපු විහිළු කවියක්


'ටයි ටයි බොටයි මටයි!'


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. රටේ ජනතාව තෝරා ගන්නේ රටට ගැලපෙන පාලකයන්ව. මේ රටේ මිනිස්සු කොහොමත් ඔය මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වගේ බටහිර සංකල්පවලට විරුද්ධයිනේ.

    ඉතින් ඒවා වෙනුවට තියෙන නැගෙනහිර සංකල්ප තමයි දැන් ඔය කැලනියේ අත්හදා බලන්නේ. ඔය නලින් ද සිල්වාතුමායි, ගුණදාස අම‍රසේකරතුමායි ජාතික චින්තනය කියලා හඳුන්වන්නේ මේවා තමයි මෙයාලා.
    *****

    නියමයි. හරක් පිරිසක් එකතු වී ගොන් රජෙක් කැළනියට පත් කරගෙන ඇත. මේ blog පිටුවත් ඇතුලත්ව ලංකාවේ නූගත් පීඩිත පන්තියටම සියල්ල නොමිලේ හෝ සහනාධාර මත ගිල්ලවිය යුතුයි කියන අයට මේක හොඳ පාඩමක්. මුන්ට ඔනේ හොඳ ඔලු සුද්දයක්.

    ReplyDelete
  2. What to do? I'm also from Keleniya, never did vote for this idiot and do not know any one who did either. But he's the winner! So Please don't call the us 'Bulls'! We are just another victim of the pathetic systems government the current government.

    ReplyDelete
  3. මම නම් කියන්නේ මෙහෙ මිනිස්සුන්ගේ ඡන්ද බලයත් අහිමි කරලම දැම්මනම් හරි.එතකොට අඩුගානේ පාලකහොරු කොහොමත් කරන වැරදි වලට අපේ වගකීමක් නෑනේ.ඇයි අපි නෙවෙයිනේ තෝරලා තියෙන්නේ..නුඹ නාඩන් රටට පිස්සු කියලයි කියන්න වෙන්නේ

    ReplyDelete
  4. කැළණිෙය හරක් ෙනෙවයි. ගම්පහ දිස්ත්‍රික්කෙයෙ හරක්

    ReplyDelete
  5. අහෝ දුකකි!

    ReplyDelete
  6. ‍මෙහි ගස් බඳින බව කියන සෞඛ්‍ය නිලධාරියා වනාහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ය. කොහොමද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික දොස්තර මහත්තයෙක් ටයි පොල්ලකුත් එල්ලගෙන, කාර් එකෙන් බැහැලා ඇවිත්, වෙද නලාව පස්ස පැත්තේ ගහගෙන මළ ගෙයක් ඉස්සරහා කණුවක එල්ලීගෙන ඉන්නකොට!

    ReplyDelete
  7. Dr Mervin is the representative of kelaniya.Let himhand first if any Dengu attack.

    ReplyDelete
  8. this writing reflects the jealously of the poor writer towards doctors, Mervin cant do that, if he does he will learn the lesson for his life.

    You dont hav to worry. U plug a stick in ur ass and sleep w3lanka idiot

    ReplyDelete
  9. dont try to show you jealousy off, doctors learn hard, work hard and earn respect. u cant earn respect by hating or condemning others, get a life man

    ReplyDelete
  10. Good talented doctors increasingly choose to migrate to better places, as it is better to live among good strangers rather than their own jealous bastards...
    After few years SL people can get treatments from paid graduates who obtain degrees from foreign universities and get killed themselves.
    BRAIN DRAIN SHOULD HAPPEN VERY FAST, LEAVING IDIOTS BEHIND IN SL..
    NONE OF THE EDUCATED GUYS SHUD STAY IN SL

    ReplyDelete
  11. This fatherless, idiot who write bullshit on the net should need some brainwash to wipeout his antisocial thinking. One of the good examples of naked media men, in SL.

    As somebody mentioned, one day few idiots will be left in SL, with some political bastards, all the rest of good people would leave SL.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා