අපි නො දන්න ජගත්? මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ මෙයා

(2010 ජුලි 21, W3Lankaයටිතල පහසුකම් ජාලය පුළුල්කොට සංවර්ධනය කිරීම සඳහා ජගත් මූල්‍ය ආයතනයෙන් රුපියල් කෝටි 11,000ක මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බව අද දිනම්ණ පුවත්පතේ පළ වී තිබේ.


මොකක්ද මේ ජගත් මුල්‍ය ආයතනය? එහෙම එකක් ගැන මීට පෙර අප අසා නැහැ නොවැ? දිනමිණ පුවත මුල සිට අගටත්, අග සිට මුලටත් ආදී වශයෙන් කියවා බැලුවද මේ ජගත් මුල්‍ය ආයතනය කුමක්දැයි ‍දැන ගැනීමට බැරි වුණා. 


ඉන් පසු අපි දිනමිණේ සහෝදර පුවත්පත වන ඩේලි නිව්ස් පෙරළා මේ හරුපය කුමක්දැයි සෙව්වෙමු.


අපි නො දන්න ජගත්? මේ ඉන්නේ ගෙඩි පිටින්.


The government will obtain a loan of one billion US Dollars from the International Monetary Fund (IMF) for development of expressways, ports and airports.


පුවත් දෙකම ලියලා තියෙන්නේ එක ම ජයසිරි මුණසිංහ.


හානේ ජයසිරි, ඔයා හරිම හොරා. ඔයා මේ කියන ජගත් මුල්‍ය ආයතනය අර අපි හොඳට දන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ.


හා, හා, ඔයා අපට කොළේ වහන්න නේද හැදුවෙ? හූ, හූ අපි දන්නවා ඇයි කියලා.


ආණ්ඩුව අයවැය හැදුවෙ ඔය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියටනේ.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Time and again, we have educated the public and journalists that IMF money is not available for development work and it is intended to help the central bank to overcome balance of payments difficulties. Yet it appears that the same mistake is being done either due to ignorance or deliberately to mislead the public.
    When will the journalists gain wisdom?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා