බන්දුලගේ සෙනසුරාදා අධ්‍යාපන සංකල්පය

(2010 ජුලි 17, W3Lanka)  අපේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිකම භාර ගත් දා සිට අධික ලෙස නෑමට බර ය. 


පසුගිය දිනෙක අධ්‍යාපන ඇමතිතුමා මාර නිර්මානාත්මක සංකල්පයකැයි සිතාගෙන (දැනටත් ගණිත විෂයට පවතින) ලකුණු 25 සහ 34 අතර ලකුණු සඳහා සාමාර්ථයක් හඳුන්වා දෙන බවට ලොකු ප්‍රචාරයක් ගෙන ගියේ ය.


ආණ්ඩුවේ කිලිනොච්චි කැබිනට් රැස්වීමෙහි සිදු වූ වැදගත් ම දෙය වූයේ ජනාධිපතිතුමා ‍මේ මාර සංකල්පයට නෝන්ඩිය දැමීමයි. ළමයින්ගේ බුද්ධි මට්ටම වැඩි දියුණු කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා බන්දුල ඇමතිතුමාට උපදෙස් දුන්නේ මේ වගේ මෝඩ යෝජනා ආයෙ නම් ගේන්න එපා යි නො කියා කියමිනි. 


දැන් අධ්‍යාපන ඇමතිතුමාට තවත් නිර්මානාත්මක අදහසක් පහළ වී තිබේ. ඒ වනාහි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට සෙනසුරාදා ද පාසල් පැවැත්වීමයි.  


ටියුෂන් මුදලාලිලා ව්‍යාපාරික වශයෙන් සාර්ථක වන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාවක්, නිශ්චිත අධ්‍යාපන ක්‍රම විද්‍යාවක් අදාළ නො වන නීච අධ්‍යාපන වෙළඳපොලක් තුළ ය. ළමයින් හාර පන්දාහකට දේශනයක් පවත්වන සන්නස්ගල සාර්ථක ව්‍යාපාරිකයකු මිස හොඳ ගුරුවරයකු නොවේ. මක් නිසා ද යත්, ළමයින් හාර පන්දාහකට එසේ උගන්වන්නට බැරි නිසා ය. පුළුවන් යයි තර්ක කරනවා නම්, දැන් විශ්වවිද්‍යාලවල සිටින සන්නස්ගලගේ පංති ගිය ළමයි මාර දක්ෂ සිංහල සිසුන් විය යුතු ය. ඔවුන් හරහා මාර සාහිත්‍ය පුනරුදයක් ඇති විය යුතු ය. 


බන්දුල ගුණවර්ධනගේ හා වෙනත් ඕනෑ ම මුදලාලි කෙනෙකුගේ කඩ ගැන කීමට තිබෙන්නේ ද එකී කාරණය ම ය. ඒ සර් මාරයි, මේ සර් මාරයි කියන ළමයි ද ‍මේ බැව් නො දනිති. ඒ උන් ළමයින් නිසා ය. 


පුළුවන් තරම් විෂය කරුණු ඔලුවට පිරවීම අධ්‍යාපනය නොවේ. 


සෙනසුරාදා පාසල් පැවැත්වීමෙන් විභාග සමත් වන පිරිස වැඩි වනු ඇතැයි කීම තුළින් අධ්‍යාපන ඇමතිවරයා පෙන්නුම් කරන්නේ සිය අධ්‍යාපන විද්‍යාග්මක දිළිඳුකමයි. 


දැන්, ඉරිදා දහම් පාසල් යාමට ද ආණ්ඩුව ළමයින්ට බල කරන බැවින් මෙයින් සිදු වන්නේ දින හත ම ළමයින් නිල වශයෙන් ම අධ්‍යාපනයට තල්ලු වීමයි. ක්‍රීඩා, විවේකය, විනෝදය නැති, කායික හා මානසික වශයෙන් රෝගී දරු පරපුරක් වෙතින් අඩු තරමේ විභාග සමත් වීමවත් අපේක්ෂා කළ නො හැකි ය. 


මොනවා වුණත්, චම්පික රණවක නම් ලැබෙන අමාත්‍යංශය තුළ කුමක් හෝ නිර්මානාත්මක දෙයක් කරන්නට උත්සාහ කරයි. පෞද්ගලික දේශපාලන හා සමාජ බලය ගොඩනඟා ගැනීම සඳහා ඔහු සිංහල ජාතිවාදය, සංඝරත්නය හා බුදු දහම පාවිච්චි කළේ ද භයානක අන්දමින් නිර්මානාත්මක ලෙසයි. 


සාධනීය ලෙස සමාජයට මැදිහත් වීම පිණිස නිර්මානාත්මකව සිතීම සඳහා අනාගත පරපුර යොමු කිරීම අරමුණු කර ගත යුතු අධ්‍යාපන අමාත්‍යංශය භාර දිය යුතුව තිබෙන්නේ ධනාත්මක වන නිර්මානාත්මක චින්තනයක් ඇති අයෙකුට ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. "මොනවා වුණත්, චම්පික රණවක නම් ලැබෙන අමාත්‍යංශය තුළ කුමක් හෝ නිර්මානාත්මක දෙයක් කරන්නට උත්සාහ කරයි. පෞද්ගලික දේශපාලන හා සමාජ බලය ගොඩනඟා ගැනීම සඳහා ඔහු සිංහල ජාතිවාදය, සංඝරත්නය හා බුදු දහම පාවිච්චි කළේ ද භයානක අන්දමින් නිර්මානාත්මක ලෙසයි."
    This is a lie. Good example is "his environmental tax on Mobiles". Recently present minister told Parliament, that they have collected Rs.7oo million from the tax but collected only 1118 batteries in 2009. The Environmental Council to implement the this system had not been appointed yet. So poor customer has paid the tax, this man slept on his own Legislation, boasting that he made the ministry profit making place. Profit does not count when the Performance is poor. This is not Collection of taxe... a theft. Where was this tax money now? when a MP asked...Minister wanted more time to find out. Don't spread "Meya Weda Karaya" type stories...for this Neo-Fascists power hungry people...this would damage the reputation of your writing.

    ReplyDelete
  2. ගස් නැති රටේ තුත්තිරි ගසත් ගසකි.

    ReplyDelete
  3. /*ළමයින් හාර පන්දාහකට දේශනයක් පවත්වන සන්නස්ගල සාර්ථක ව්‍යාපාරිකයකු මිස හොඳ ගුරුවරයකු නොවේ. මක් නිසා ද යත්, ළමයින් හාර පන්දාහකට එසේ උගන්වන්නට බැරි නිසා ය.*/

    එකඟයි. නමුත් අපේ රටේ උවමනාව වන්නේ කෙසේ හෝ උසස්පෙළ සමත් වීම විනා , ඉගෙන ගැනීම නොවේ . උගත්කම හා තරඟ විභාග සමත් වීම යනු දෙකක් මිස එකක්ද නොවේ . අපේ ළමුන් පාසල් නොයා ටියුෂන් යන්නේ තරඟයට පුහුණු වීමක් ලබා ගැනීමටයි . ඒ සඳහා සාධනීය පිටුවහලක් ළමුන් හාර පන්දාහ සිටින් පන්තිවලින් වුවද ලැබෙන බව , ටියුෂන් දෙවියන්ගේ පිහිටෙන් සරසවි ගොඩ වූ මගේ අදහසයි . එය ළමුන්ගේ හෝ ටියුෂන් දෙවියන්ගේ වරද නොව , අප රටේ අධ්‍යාපන ක්‍රමයේ වරදයි .

    තරඟයට දිවීම පරයා, උගත්කමට පිළිගැනීමක් ලැබෙන දිනෙක ඔය ව්‍යාපාර සියල්ල වැසී යනු ඇති. ළමුන් ටියුෂන් පස්සේ නොදුවනු ඇති. නමුත් එදා දවස උදා වන්නේ කවදාද යන්න තවමත් ප්‍රශ්නයකි . වෙලාවක් ඇත්නම් මේ ගැනත් ලියන්න ලිපියක්. ස්තුතියි.

    ආණ්ඩුවේ රැඟුම් ගැන නම් ඉතින්, මං මෙතන අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙව. මිනිස්සුන්ට විචාරය පහළ වෙනකං උන් හැමදාමත් රැවටෙනවා . ඔහොම ගියාවේ. කවදා හෝ මිනිස්සුන්ට තේරේවී උන් කරපු ගොන් කම් .

    ReplyDelete
  4. "දැන්, ඉරිදා දහම් පාසල් යාමට ද ආණ්ඩුව ළමයින්ට බල කරන බැවින්"

    දහම් පාසල් යාමට බල කරලා නීති තියෙන්නේ කොහෙද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා