අසපුව, රතන හිමි හා ඩොලර්

(2010 ජුලි 16, W3Lankaපහත පළ වන්නේ අද දිවයින පුවත්පතින් උපුටා ගත් ප්‍රවෘත්තියකි. අප එය නැවත පළ කරන්නේ සදහම් අසපුව, රතන හිමි හා ඩොලර් යන වචන එකට යෙදෙන විට නොගැලපෙන ගතියක් ඇති වන නිසා ය. නැතිව, සදහම් අසපුව, රතන හිමි හා ඩොලර් ගැන අපේ කිසිම අහිතක් ඇති නිසා නොවේ. අපට මේ නො ගැලපෙන ගතිය දැනෙන්නේ පසුගිය සමයේ උන් වහන්සේලා ම කී කතා නිසා ය. 


ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් වැඩ සිටින සඳහම් අසපුවේ උන්වහන්සේගේ පෞද්ගලික සේප්පුවක තැන්පත් කර තිබූ ඇමරිකන් ඩොලර් 1000 ක මුදලක්‌ සොරා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක්‌ ගොනු කරමින් කියා සිටියේය.


රතන හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙකී පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටි පොලිසිය සිද්ධියට අදාළව මෙතෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ද පැවසුවේ ය.


විදේශීය සංචාරයක නිරතව සිට අසපුවට වැඩම කර ඇති රතන හිමියන් ඇමරිකානු ඩොලර් 4000 ක්‌ විහාරයේ දෙවැනි මහලේ සිය පෞද්ගලික නිදන කාමරයේ ඇති සේප්පුවක තැන්පත් කර ඇති බවත් පසුව බලන විටදී එයින් ඩොලර් 1000 ක මුදලක්‌ නැති වී ඇති බවත් පැමිණිල්ල මගින් දක්‌වා ඇතැයි පැවසූ පොලිසිය සිය විහාරයේ පෞද්ගලික කාමරවලට පිටස්‌තර පුද්ගලයන් නොපැමිණෙන බවත් අසපුවේ සේවයේ නියුතු අයකු අදාළ මුදල සොරා ගන්නට ඇතැයි සැක කරන බවත් පවසා ඇත.


සිද්ධියට අදාළව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දැන්වූ පොලිසිය ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් කියා සිටියේය


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Champikama thamai kelawanna aththe.....

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. කවුරුත් එක්කල සාධු කාරයක් දෙන්න පින්වත්නී..... සාධු සා.................

    ReplyDelete
  5. කරුණාකර අපහාසාත්මක හා අසභ්‍ය යයි සමාජය විසින් සැලකෙන ප්‍රකාශ අදහස් පළ කිරීම් ලෙස ඇතුළත් නො කරන්න.

    ඔබ එසේ කරන්නට එඩිතර නම් ඔබේ සැබෑ නමින් පමණක් එය කරන්න.

    අප අදහස් පළ කිරීම බාධා රහිත තත්වයට පත් කර ඇත්තේ සංවාදයක් ඇති කිරීම පිණිස බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  6. අනේ අපොයි... සංසාරෙන් එතෙර වෙන්න වීසා වලටයි ටිකට් එකටයි එකතු කරපු සල්ලි වෙන්න ඇති.
    හොරා නම් නරකාදියෙන් මෙහා නතර වෙන එකක් නෑ.

    ReplyDelete
  7. රතන රතන සර්පයා දුටුවාද?

    ReplyDelete
  8. සංසාරෙන් එතෙර වීම

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා