කිලිනොච්චි කැබිනට් රැස්වීම හා දෙමළ ජනයාට දුන් පණිවුඩය

(2010 ජුලි 15, W3Lankaකිලිනොච්චියේ කැබිනට් රැස්වීම ඓතිහාසික එකක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. රැස්වීම පැවැත්වීමට යන වියදම ගණන් බැලුවත් එය වැඩි ම වියදම්කාරී කැබිනට් රැස්වීම ලෙස ඉතිහාසගත වනු ඇත. 


එය කැබිනට් රැස්වීමකට වඩා සංදර්ශනයකි. බලයේත්, ආධිපත්‍යයේත්, පරාජිත දෙමළ ජාතිකවාදයට එරෙහිව විජයග්‍රාහී සිංහල ස්වෝත්තමවාදයේත් සංදර්ශනයකි. 


බඩු මිළ කෙතරම් ඉහළ ගියත්, කිලිනොච්චියේ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට හැකි වීම පිළිබඳව සිංහල ජනයා සතුටු වනු ඇත. රැස්වීම තිබ්බේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මාලදිවයින හරහා වීසා නැතිව ලංකාවට පැමිණ සිය මුහුදු ගුවන් යානය ගොඩ බෑ ඉරනමඩු වැව ඉස්මත්තේ කලක් කොළඹට බියකරු සිහිනයක් ව තිබුණු කොටි ගුවන් හමුදාවේ යානා නතර කර තිබූ තැනට යාබදවයි. 


ටකරං තහඩු හා ලී දඬු කීපයක් සමග ජීවිතය යළි ආරම්භ කර සිටින මිනිසුන් පිරිසක් වෙසෙන, එහෙමවත් ජීවිතය ආරම්භ කිරීමට නො ලැබූ ප්‍රදේශවාසීන් 40,000ක් තවමත් අවතැන් කඳවුරුවල හූල්ල හූල්ලා සිටින, මූලික පහසුකම් පවා නැති, විශාල භූමි භාගයක තවමත් බිම් බෝම්බ පවා ඉවත් නො කරන ලද කිලිනොච්චියේ ම මේ කැබිනට් සංදර්ශනය පැවැත්වීමෙන් මහින්ද රාජපක්ෂ රජය දෙමළ ජනයාට දෙන පණිවුඩය කුමක්ද? 


කිලිනොච්චියේත් ඇත්තේ මධ්‍යම ආණ්ඩුව ම ය. බලය බෙදාගැනීමේ ව්‍යූහයන් ගැන බලාපොරොත්තු ප්‍රායෝගික නැත. 


දෙමළ ඩයස්පෝරාව මෙය ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත්, උතුරේ දෙමළ ජනයාට අන් විකල්පයක් තිබේද? 


මෙතැන නැති දෙය වන ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ ප්‍රයත්නය අද රටට අත්‍යවශ්‍ය ම දෙයයි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා