වාර විභාග සොමිය හා ඌරා‍ගේ මාළු උගේ ම ඇඟ පිට කැපීම

(2010 ජුලි 09, W3Lankaපාසල්වල දෙවන වාර අවසාන විභාගය ළඟ ළඟ එමින් තිබේ. පසුගිය සමයේ පළාත් සභා විසින් සකසන ලද වාර විභාග ප්‍රශ්න පත්‍ර රටට ම විහිළු සැපයූ බව කවුරුත් දනිති.


පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද බව කියන නිලධාරීන්ගෙන් පිරී ඇත. බහුතරයක් නිලධාරීන්ට ඇති වැඩක් නැත. එහෙත්, වාර විභාග ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකසා පාසල්වලට බෙදා දීමට තරම් හැකියාවක් පළාත් අධ්‍යාපන බලධාරීන්ට නැත.


නැති හැකියාවන් වර්ධනය කරගෙන පිළිවෙලකට පාසල් වාර විභාග පවත්වනවා වෙනුවට දැන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර විභාග පැවැත්වීමේ වගකීමෙන් ඉවත්ව ඇත. ඒ වෙනුවට දැන් වාර විභාග ප්‍රශ්න පත්තර සකස් කරන්නේ පාසල් විසිනි. බලතල විමධ්‍යගත කිරීම නරක නැත. එහෙත්, පොදු ප්‍රශ්න පත්‍රයක් සැපයීමේදී එය සැකසීමට ගත වන කාලය, මුද්‍රණ වියදම් ආදී කාරණාවලදී එය පිරිවැය කාර්යක්ෂම වේ. පාසල් මට්ටමින් විභාග ප්‍රශ්න පත්‍ර සකසන්නට යාම විසින් විශාල ශ්‍රම හා ධන නාස්තියක් සිදු වේ. ප්‍රශ්න පත්‍රවල ගුණාත්මකභාවය ද රඳා පවතින්නේ එක්, එක් ගුරුවරයාගේ නිපුණත්වය මතයි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල පරීක්ෂණ කටයුතු පිළිබඳ ප්‍රවීණයන් සිටිනමුත් සෑම ගුරුවරයකු ම එවැන්නෙක් නොවේ.


පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම මේ වන විට පාසල් මට්ටමින් ප්‍රශ්න රැසක් මතු කර තිබේ. මුද්‍රණ ආදී කටයුතු කර ගැනීමට පහසුකම් පාසල්වල නොමැති වීම හා වාර විභාග සඳහා සිසුන්ගෙන් මුදල් එකතු කිරීම ආදී වූ මෙකී ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරවීම පිණිස ලංකා ගුරු සංගමය විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ.



පාසැල් මට්ටමෙන් වාරවිභාග සිදු කිරීම නිසා පැවති ව්‍යාකූලතාවය මග හැරවීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසැල් වාර විභාගය ඒකාබද්ධව කිරීමේ නියාමක ව්‍යාපෘතිය යනුවෙන් වැඩපිළිවෙලක් සකස්කර, පාසැල් වාර විභාග ජාතික මට්ටමෙන්, අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම මත, පළාත් අධ්‍යාපන කාර්යාල වල අධීක්ෂණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාල හරහා සෑම පාසැලකටම එකම ප‍්‍රශ්න පත‍්‍රයක් ලබා දෙන ලදී.


එසේ තිබියදී හිටපු අධ්‍යාපන ලේකම් එම්.එම්.ඞී. බණ්ඩාර මහතා විසින් 2010-04-23 දින නිකුත් කරන ලද අංක 2010/16 දරන චක‍්‍රලේඛය මගින් වාර විභාග නැවත පාසැල් මට්ටමින් පවත්වන ලෙස දැනුම් දී ඇත. එසේම එම චක‍්‍ර ලේඛයේ 5වන වගන්තියේ සඳහන් කොට ඇත්තේ ඒ සදහා මුදල් ප‍්‍රතිපාදන, පාසැල් සංවර්ධන සමිති හා පාසැල් නගා සිටුවීමේ සමිතිවල ගිණුම් හා පාසැල්වල පහසුකම් සහ සේවා ගාස්තු ගිණුමෙන් ලබාගත යුතු බවයි.


එම චක‍්‍රලේඛයට විරෝධය ඵල කරමින් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමතිවරයාට 2010-05-18 දින ලිපියකින් යවන ලද අතර, එම ලිපියෙන් ඉල්ලා සිටින ලද්දේ නැවතත් පළාත් මට්ටමෙන් පෙර පැවති පරිදි විධිමත්ව පාසැල් වාර විභාග පවත්වන ලෙසයි. එම ලිපියට මේ දක්වා පිළිතුරක් ලබා නොදුන් අධ්‍යාපන අමාත්‍යංශය හිටපු ලේකම්ගේ අත්සනින් නිකුත් කල 2010/16 චක‍්‍ර ලේඛය අනුව වාර විභාග පැවැත්වීමට කටයුතු කරමින් සිටීයි. වාර විභාග ප‍්‍රශ්න පත‍්‍ර සදහා වියදම් පියවා ගතයුතු ආකාරය පැහැදිලිවම චක‍්‍ර ලේඛයේ දක්වා තිබීයදීත් සමහර පාසැල්වල මුදල් එකතු කිරීම අරඹා ඇත.


ලංකා ගුරු සංගමය ඉල්ලා සිටින්නේ පාසැල් මට්ටමින් විභාග පැවැත්වීමේදී, සිදුවු අක‍්‍රමවත්භාවය සැලකිල්ලට ගෙන ජාතික මට්ටමෙන් වාර විභාග පැවැත්වීමට ගත් කීරණය එලෙස ක‍්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට පාසැල් මට්ටමින් විභාග පැවැත්වීමට අදාලව නිකුත් කළ චක‍්‍රලේඛයද උල්ලංඝණය කරමින් සිදුකරන මුදල් එකතු කිරීම නතර කරන ලෙසත් ය.

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා