පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට | Sri Lanka rulers' mindset from Medamulana to America

 (2010 ජුනි 02, W3Lankaලංකාවේ පාලනයේ දැවැන්ත විපර්යාසයක් හෙවත් දේශපාලන භාෂාවෙන් කියන්නේ නම් සුසමාදර්ශීය වෙනසක් සිදු වෙමින් තිබේ. ලංකාව පාලනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නොවේ. ලංකාව යනු රාජපක්ෂ පවුලේ සුල්තානේටයකි. 


එහෙයින් ලංකාවේ පාලනයේ යම් විපර්යාසයක් සිදු වන්නේ නම් එය සිදු විය යුත්තේ අනිවාර්යයෙන් ම රාජපක්ෂ පවුලෙහි ය. 


දැන් සිදු වෙමින් තිබෙන වෙනස අප විග්‍රහ කරන්නේ පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට මාරු වීමක් ලෙසයි. රාජපක්ෂ පවුලේ අය ඔබාමා යටතේ ඇමරිකාව පිළිබඳ එතරම් දන්නේ නැත. දන්නේ කණිෂ්ඨ බුෂ් යටතේ ඇමරිකාව පිළිබඳවයි. එහෙයින් ලංකාවේ පාලකයින්ගේ පරමාදර්ශය වන්නේ අන් කවරකුවත් නොව ජෝර්ජ් බුෂ් ය. 


පාලක මනෝභාවය මැදමුලනේ තිබුණු කාලයේ ගෝලීය ධනවාදයට එරෙහිව දේශීය ආර්ථිකය පිළිබඳ ලියැවුණ මහින්ද චින්තන කතා පොත දැන් ඇමරිකානු බැසිල් චින්තනය යටතේ ගෝලීය ධනවාදයේ පෙළ පොතක් බවට පෙරළෙමින් තිබේ. 


ඒ කාලයේ ගැලවුණ ප්ලග් ලෝක බැංකුව සමග දැන් යළි සවි වෙමින් තිබේ. 


ලංකාවේ පාලනයේ සුසමාදර්ශීය වෙනස පෙන්නුම් කරන කදිම සාධකයක් වන්නේ ලංකාව ඉන්දියාව සමග විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුමක්  අත්සන් කරන්නේ යයි බියපත් වූ හතර වටෙන් අඩිය ගැලවෙන බාල සපත්තු මහන ව්‍යාපාරිකයන් හා ග්‍රීස් වැනි දේවලට කොළ ඉස්ම පොඩි කර සොබා දහමේ රහස් අඩංගු රූපලාවන්‍ය ආලේප යයි නම් කර අධි මිළට විකුණා රට රවටන අය ආදී කර්මාන්තකරුවන් යයි කියන පිරිසක් හඬා වැළපෙමින් අරලිය ගහ මන්දිරයට ගිය අවස්ථාවයි. ජනාධිපතිතුමා කී අන්දමට එතුමා මෙවැනි ගිවිසුමක් ගැන හාංකවිසියක් දන්නේ නැත. එහෙත්, මේ ව්‍යාපාරිකයන් කියන අන්දමට එතුමා තව සතියකින් පමණ කරන ඉන්දීය සංචාරයේදී මෙම ගිවිසුම අත්සන් කරන්නට සිටියේලු. 


ඒකෙන් ම පේනවා නේද ලංකාවේ එක ම පාලකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ නොවන වග!


තිබෙන්නේ ද්විත්ව පාලනයක්ද ත්‍රිත්ව පාලනයක්දැයි අපි නොදනිමු. 


ඔබ වඩා අකැමති මැදමුලනේ ග්‍රාම්‍යවාදයට ද නැතිනම් බැසිලියානු ධනවාදයටදැයි ‍යමෙකු අපෙන් ඇසුවොත් අපට කීමට ඇත්තේ අප ග්‍රාම්‍යවාදයට වැඩියෙන් අකැමැති බවයි. 


ඔබේ අදහස කුමක්ද?  

Comments

  1. I agree. Basilian capitalism is the way to go. I'm against protecting these shoddy local "industrialists". However, we need to put a lot more effort into tearing down the trade barriers in India.

    ReplyDelete
  2. Have to agree with Bardo Flanks. As corrupt as he is Basil is a capable man.

    ReplyDelete
  3. එතකොට අනික "ගෝඨයිම්බරවාදය" ද?

    ReplyDelete
  4. මමත් වැඩියෙන් 'අකමැති' මැදමුලන ග්‍රාමීයවාදයටයි. හැම මැතිවරන, ජනාධිපතිවරන සහ තවත් බොහෝ අවස්ථා වගේම මෙතනදිත් 'අකමැති' දේ ප්‍රතික්ශේප කිරීමෙන් සෑහීමකට පත්වෙන්න වෙලා. 'කැමති'දේ කිරීම තමයි අමාරු. ඉන්න කට්ටියත් අඩුයි. ඒ අයත් තමන්වගේ අනිත් අය කරන දේවල්වලට 'අකමැති'යි.

    අපූර්ව

    ReplyDelete
  5. ප්‍රශ්නෙ තව විදිහකට ඉදිරිපත් කරන්න පුලුවන්.වැඩිය හොද මහින්ද චින්තනයද?යලි පුබුදමු ශ්‍රි ලංකාද?
    මට නම් ඔය දෙකම එකයි :)

    ReplyDelete
  6. අනිත් එක නාමල් චිත්නයය. ගොටයිම්බරකරනය කියන්නේ ආරක්ෂක වැඩපිලිවෙලක් සහ නිකන් මුඩුක්කු කඩා දීම වගෙ අනික් අයට ඕනෙ වැඩ කරල දෙන mechanism එකක් විතරයි. දැන් මහින්දගෙ කිසිම අදාලතාවයක් නෑ.ආර්ථිකේට අදාල තීරණ ඔක්කොම එක්කො නාමල්ගෙ නැත්තන් බැසිල්ගෙ. බැසිල්ට ඔනේ බුල්ඩොසර් වලින් කරන චීනෙ වගෙ සන්වර්ධනයක්. නාමල්ට ඔනෙ නිකන් ලාස් වෙගාස් ටයිප් සන්වර්ධනයක්. නිකන් ජාතික රූපවහිනිය පැයක් බලන් ඉන්න. ඉස්සර සිරසෙ නයිට් ටයිම් ටී වී එකේ ගිය වර්ගෙ ඒව දැන් දවාලටත් ජාතික එකේ යනවා. දැන් මහින්ද චින්තනේ ඇර අනික් හැම දේම තියෙනවා.

    ReplyDelete
  7. /ඔබ වඩා අකැමති මැදමුලනේ ග්‍රාම්‍යවාදයට ද නැතිනම් බැසිලියානු ධනවාදයටදැයි ‍යමෙකු අපෙන් ඇසුවොත් අපට කීමට ඇත්තේ අප ග්‍රාම්‍යවාදයට වැඩියෙන් අකැමැති බවයි./

    ඔන්න ටික ටික මොළේ පහළ වේගෙන එන ලකුණු!

    කාල් මාක්ස් ධනවාදයට එරෙහි මොන විවේචන කළත් එය වැඩවසම් ක්‍රමයට වඩා අතිශයින් සාර්ථක ක්‍රමයක් බව පිළි ගත්තේය.

    ReplyDelete
  8. මේ දෙකේ බෙදුම් රේඛාව කොහෙද තියෙන්නේ? එහෙම එකක් තියනවද කියලත් මට සැකයි. මම මේ කියන්නේ මහින්දගේ ග්‍රාම්‍ය වාදයයි, බැසිලියානු ධනවාදයයි ගැන. එහෙම නැතුව පොදුවේ නෙවේ.

    ReplyDelete
  9. @ w 3 lanka

    ලංකාව තවම තියෙන්නෙ 1800 නම් ඒ කියන්නෙ ලංකාවට ධනවාදයේ හුලගවත් වැදිල නැත්නම් තාම මේක පරන වැඩවසම් ආර්ථිකයක් හා රාජ්‍යයක් නම් ගැටලුවක් නැහැ.මානුෂික මිල මොන විදිහෙ උනත් අධිරාජ්‍යවාදි අතපත ගෑම් වල සාධනීයත්වයක් තියෙනව.
    හැබැයි මේ 2010.මහින්ද චින්තන ධනවාදයයි බැසිලියානු ( රනිල් වික්‍රමසිහවාදී ) ධනවාදයයි අතර මොකක්ද තියන වෙනස?මහින්ද චින්තනය සමාජ ආර්ථික වශයෙන් වැඩවසම්වාදයක් නෙමෙයි ධනවාදයක්.මේ දෙකම එක හා සමාන ලෙස කෲරයි.අමානුෂිකයි.

    වාමාංශික දේශපාලනය උත්සාහ කරන්න ඕනෙ එකකට වඩා අනික ලස්සනයි කියල හිතාගෙන ඒ සමග සෙට් වීම නෙමෙයි.කවර මුහුනවරින් ආවත් ධනවාදයේ හරය එකයි.ඒ හරය හෙලිදරවු කරන එක හා ඒවට විරුද්ධව විකල්ප මතයක් වෙනුවෙන් පෙනී ඉන්න එකයි කරන්න ඕනෙ.ශ්‍රීලනිපය වෙනුවට අන්ත දක්ෂිනංශික එජාපය බලයට ගෙනා යුතුය කියල හිතාගෙන ඉන්න ඇතැම් "වාමාංශික" පිරිස් මතුරන්නෙ ග්‍රාම්‍ය ධනවාදයට වඩා මොඩ් ධනවාදය හොදයි කියන මේ ව්‍යාජ තර්කය.ජලය වැනි ස්වභාවික සම්පතක් පවා පුද්ගලීකරනය කරන්න ඕනෙ කියන අතිශය දක්ෂිනාංශික තැචර්වාදී පන්නයේ අදහස් ගෙනෙන ටැබූ සබ්ජෙක්ට්ස් වැනි අයගේ "ප්‍රශංසා" ගැන නැවත කල්පනා කරන ලෙස යෝජනා කරන්න කැමතියි.
    නිවැරදිභාවය ප්‍රතිවාදියාගේ ප්‍රතිචාර වලිනි මැනිය හැක්කේ මිතු‍රාගේ පැසසුම් වලින් නොව - මා ඕ

    ReplyDelete
  10. ලාංකික ග්‍රාම්‍ය "වාමාංශිකයන්" වාමාංශිකය ලෙස හදුනා ගෙන ඇත්තේ රාජ්‍ය කේන්ද්‍රීය ජාතිකවාදී ධනේශ්වරයයි. රහසින් ඊට ලව් කරන ඔවුන් හිත හදාගෙන සිටින්නේ දැන් ඉතින් ධනේශවරයෙන් ප්‍රශ්නයක් නැතැයි සිතමිනි.

    ඔවුන් සැබෑ ධනේශ්වරයට විරුද්ධ වන්නේ එවිට ඊට එරෙහිව මහන්සි වී කටයුතු කර සැබෑ වාමාංශිකයක් ගොඩනැංවිය යුතු නිසාය. ග්‍රාම්‍ය මහින්දවාදය තුළ අපේ වම්මුන්ට අත පය හකුලා නිදාගත හැකිය.

    බැසිලියානු වේවා රනිලියානු වේවා පූර්ණ ධනේශ්වර ප්‍රතිසංස්කරණයන්ට ඉඩ දෙමින් ඊට එරෙහිව අප සටන් කළ යුත්තේ අද ගොළු බිහිරි ධනේශවරයට වඩා ජව සම්පන්න ධනේශ්වරය වඩා "ප්‍රගතිශීලී" නිසාය.

    අට අනූවක් වාමාංශික රෝගීන් ද නව අනූවක් වාමාංශික ව්‍යාදීන් ද අපට එරෙහිව කොතෙක් අවි අමෝරා නැගී සිටිය ද අප මේ යථාර්ථයට මුහුණ දිය යුතුය.

    shan - bumuthurunu

    ReplyDelete
  11. Good dispatch and this post helped me alot in my college assignement. Gratefulness you on your information.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා