පවුල්වාදයේ කොන්ද කැඩෙන පිදුරු ගහ නාමල

(2010 ජුනි 17, W3Lanka)  ලංකාවට ධනවාදය උත්තරාරෝපණය හෙවත් උඩින් ගෙනත් පැටවීම කරන ලද බව පිළිගත් කරුණකි. මෙහි ඇති ගැටලුව වන්නේ දේශපාලන ප්‍රජාවේ සංවර්ධනය තුළ නිසගයෙන් ඇති විය යුතුව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස, මානව හිමිකම්, යහපාලනය වැනි සංකල්ප ද ලාංකීය සමාජයේ පැන නැඟුණේ විකෘති අන්දමින් වීමයි. 


ලංකාවේ මිනිස්සු ටයි දමාගෙන සිටින ආදි වාසීන් පිරිසක් වී ඇත්තේ මේ විකෘතියේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙම විකෘතියේ ලක්ෂණ රැසක් ඇත. ඒ අතරින් මේ දිනවල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ලංකාවේ වැඩවසම් ප්‍රවේණි දාස මනසකින් යුත් ජනතාවට රජෙකු ලැබීමයි. 


රජු නිසා බිසවක ද, ඔටුන්න හිමි කුමාරයෙකු ද අපට ලැබී ඇත. සේනාධිපතිතුමා ද රජ පවුලේ අයෙකි. යුවරාජ බැසිල්හු ද වෙති. චමල්හු ද, ඔවුන්ගේ පුත්තු ද නැතුවා නොවේ. 


ලංකාවේ රාජාවලියේ සිදු වූ ඛණ්ඩනය නිසා දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ රජුගෙන් ඔටුන්න හිමි වන්නේ කාට ද යන්නයි. නාමල් කුමාරයාට ද? බැසිල් යුව රජ්ජුරුවන්ට ද? 


ලංකාවේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නායක්කර් වංශික පරපුරේ පිළිවෙල අනුව නම් රජුගේ අනුප්‍රාප්තිකයා මේ දෙන්නාගෙන් එක් අයෙකුවත් නොව අක්කාගේ හා මස්සිනාගේ පිහිටෙන් බිස්නස් එකක් කරගෙන පාඩුවේ ඉන්න ආර්යාවගේ සහෝදරයෙකි. 


මහා සිංහලේ වංශ කතාව කියාගෙන ඔහුත් රජකම පතන්නට ආවොත් සිදු වන්නේ ජංජාලයකි. 


නාමල පසුගිය ඡන්ද කාලයේ කී පරිදි රටේ මල ය. බැසිල් ඇමරිකන් මලකි. ඒත්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැන්නෙකි. පැරණිකම තිබුණ ද මේ ලෝකේ රහක් නැතිකම නිසා තැනකට එන්නට බැරි සිරිසේනලා, සිරිපාලලා පවා දැනටමත් සාක්කුවේ දමාගෙන සිටින දක්ෂ කළමනාකරුවෙකි. එහෙයින් රජුගේ අනුප්‍රාප්තිකයා වන්නට ඔහුට හොඳට ම සුදුසුකම් තිබේ. අනෙක් රාජපක්ෂලා මෙන් නොව යුද්ධයේදී ෂේප් න්‍යායෙන් වැඩ කළ බැවින් ඔහුට යුද අපරාධ චෝදනා නැති බැවින් බටහිර විශ්වාසය දිනා ගැනීමේ අවුලක් ද නැත. අනෙක, ඔහු රනිල් පන්නයේ නව ලිබරල්වාදියා ය. ජාතිකවාදය ඇත්තේ කුරහන් සාටකයේ පමණි. 


ඒත්, ඩී. එම්. රාජපක්ෂ මහප්පාගෙන්  ඩී. ඒ. රාජපක්ෂ බාප්පාට දේශපාලන බලය මාරු වූ පසු මහප්පාගේ දරුමුණුබුරන්ට බාප්පාගේ පුතාගේ පිහිට පතන්නට සිදු වීමේ දෛවයේ සරදම රටේ මලට උරුම කර දෙන්න පුළුවන් කොයි ජාතියේ පියාට ද? 


දෙයි හාමුදුරුව‍නේ, දැන් රටේ තිබෙන ලොකු ම ප්‍රශ්නය මේක ය. මේ ගැන කල්පනා කරන විට අපේ ඔලු ද යකාගේ කම්මල් බවට පත් වී ජීවන වියදම වැනි ප්‍රශ්න ද අමතක වී යයි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. දෙයි හාමුදුරුව‍නේ, දැන් රටේ තිබෙන ලොකු ම ප්‍රශ්නය මේක ය. මේ ගැන කල්පනා කරන විට අපේ ඔලු ද යකාගේ කම්මල් බවට පත් වී ජීවන වියදම වැනි ප්‍රශ්න ද අමතක වී යයි.

    patta kathawa

    ReplyDelete
  2. "ලංකාවට ධනවාදය උත්තරාරෝපණය හෙවත් උඩින් ගෙනත් පැටවීම කරන ලද බව පිළිගත් කරුණකි."

    ධනවාදය ගෙනත් දැම්මේ පිටින් නම් ඊට කලින් තිබුන වාදය කුමක්ද? ඔබ කියන්නේ ධනවාදය පිටින් ගෙනත් අතඇරීමට පෙර ලන්කාව ප්‍රාග් එතිහාසික යුගයේ සිට පැවතෙන සමාජවාදී රජ්‍යයක් බවද?

    ධනවාදය හරියට ම ලන්කාවට ආවා යැයි ඔබ කියන්නේ කවදාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා