ආර්ථිකය නංවන්න අයි.ඕ.සී., නෙස්ලේ සරණ පැතීමේ බැසිලියානු න්‍යාය | The Basilin theory of improving ratings with the help of Nestle and IOC

(2010 ජුනි 12, W3Lankaශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම්වල අගය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.



මෙම කමිටුවේ සාමාජිකයන් අතරින් එක් අයෙකු ඉන්දීය තෙල් සංස්ථාවේ හෙවත් අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ.ආර්.සුරේෂ් කුමාර් වීම හා තවත් අයෙකු බහු ජාතික නෙස්ලේ සමාගමේ දේශීය නියෝජිතයා වන නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකාරි අධ්‍යක්ෂ ඩේවිඩ් සූඩාන් වීම සුවිශේෂ ය.



ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.ජී.ජී.ඩී. ධීරසිංහ මහතා කමිටුවේ සභාපතිවරයා වශයෙන්ද, සහකාර අධිපති ජේ.මාම්පිටිය මහත්මිය උප සභාපතිවරිය වශයෙන්ද කටයුතු කරන අතර මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්ෂ කේ.ඩී, රණසිංහ, රාජ්‍ය ණය අධිකාරී සී.ජේ.සී.සිරිවර්ධන, අතිරේක රාජ්‍ය ණය අධිකාරී සී.එන්.විජේසේකර, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් යූ.ආර්.සෙනෙවිරත්න, බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකාරි අධ්‍යක්ෂ ඩේවිඩ් සූඩාන්, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අනුර ඒකනායක, ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහ ලේකම් උපාලි ද සිල්වා, ට්‍රයැඩ් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිනිත් ජයවීර හා ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ.ආර්.සුරේෂ් කුමාර් කම්ටුවේ සෙසු සාමාජිකයෝයි.


බැසිලියානු නව ලිබරල් ධනවාදය තුළ මහින්දියානු බොල් ජාතිකවාදයට හිමි තැන පිළිබඳ සංඥාවක් මෙමගින් ප්‍රකාශයට පත් වී තිබේ. ලංකාවේ ජාතිකවාදී ධනේශ්වර නිෂ්පාදකයින් යට කරගෙන බහු ජාතික වෙළඳ ධනවාදය ඉස්මතු වීම ලංකාවේ ධනේශ්වර පංතිය තුළ ගැඹුරු බෙදීමක් නිර්මානය කරමින් තිබේ.


දේශීය නිෂ්පාදකයින් කිහිප දෙ‍නෙකු ලංකාව ඉන්දියාව සමග අත්සන් කිරීමට යන විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසු‍ම හෙවත් සීපා ගිවිසුමට එරෙහි උද්ඝෝෂණවල ප්‍රමුඛත්වය ගැනීම මෙම අර්බුදයේ තවත් ප්‍රකාශනයකි.


ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ ආයතන කීපයක් මඟින් කරනු ලබන ශ්‍රේණිගත කිරීම්වලදී රටේ ආර්ථික වර්ධනය, උද්ධමනය හා රැකියා ව්‍යුක්තිය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් එම අගය නිර්ණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එහෙත්, නෙස්ලේ හා අයි.ඕ.සී. යන සමාගම් දෙක මෙම කරුණුවලදී ලංකාවට අහිතකර අන්දමින් කටයුතු කරන ආයතන දෙකකි.


දැනට පවත්නා ස්වෛරී ශ්‍රේණිගත කිරීමේ අගය (ස්ථාවර)/ (ධන) සිට ආයෝජන ශ්‍රේණිය වූ හෝ ඊට වැඩි මට්ටමක් දක්වා ගමන් කරවීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. ආර්ථිකයේ වර්ධනය පිළිබඳ නිතිපතා සමාලෝචනයක් සිදු කරමින් එම වර්ධනයන් පිළිබඳ තොරතුරු ශ්‍රේණිගත කිරීමේ උපදේශකයන් හරහා ශ්‍රේණිගත කිරීමේ ආයතන වෙත යොමු කිරීම මෙම කමිටුවේ කාර්යය ලෙස සඳහන් වේ.


අත යට ගනුදෙනු සඳහා ශූරයන් වන මෙම කමිටුවේ විශේෂඥයන්ට එකී අන්තර් ජාතික ආයතන ගොනාට ඇන්දවීමට ලැබේ ද?



Bookmark and Share



You may also like to visit our English Blog Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා