2009 ලංගම බසයක් දුවන්නේ දිනකට කිලෝමීටර 1/2යි; ආදායම රු. 20යි; 13කට පඩි

(2010 ජුනි 19, W3Lankaපසුගිය දිනෙක මෙම ලේඛකයා සවස 7.30ට පමණ සිය ගම් ප්‍රදේශය බලා දිවෙන ප්‍රධාන මාර්ගයක මෝටර් සයිකලයෙන් යමින් සිටියදී බස් නැති නිසා පයින් යමින් සිටි ගම් වැසියකු දැක 'ලිෆ්ට්' එකක් දුන්නේ ය. යන අතරමගදී ලේඛකයා අර ගම්වැසියා කරන රැකියාව විමසී ය. ඔහු කීවේ දැන් ඔහු වැඩ කරන්නේ ලංගම රත්මලාන ඩිපෝවේ බවයි. ඔහු රැකියාවට දමා තිබුණේ එම ප්‍රදේශය නියෝජනය කරන වත්මන් ප්‍රවාහන ඇමතිවරයා විසිනි. 


මෙම පුද්ගලයා නිසි අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් ලැබූවකු නොවන බව දැන සිටි හෙයින් ඔහුගේ තනතුර කුමක්දැයි ලේඛකයා  ඇසී ය. "මම මිකැනික්," යි ඔහු කීවේ ය. ඔහු කිසියම් මෝටර් කාර්මික පුහුණුවක් ලබා තිබේදැයි ඇසූ කල ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නයි. මේ අපේ රටේ සාමාන්‍ය ජනයාගේ මිහින් ලංකාව වන ලංගම කාර්මිකයකුගේ තත්වයයි. 


ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක ම පවසන පරිදි ලංගම එක් බසයකින් සේවකයෝ 13ක් පඩි කති. (අද සිළුමිණ බලන්න) එහෙත් තිබෙන බව කියන බස් 5500 දුවවන්නට රියදුරෝ, කොන්දොස්තරු නැත. අලුත්වැඩියා කටයුතු සඳහා කාර්මිකයෝ නැත. ඉන්න තරමක් ඉන්නේ ආරක්ෂක නිලධාරීහු හා ලිපිකරුවෝ ය. ඔවුන් රැකියා ලබා ගත්තේ ඒ ඒ කාලයේ සිටි ප්‍රවාහන ඇමතිවරුන් හා ඒ ඒ ඩිපෝ පිහිටි ප්‍රදේශවල මන්ත්‍රීන්ගේ පිහිටෙනි. මහන්සි වී වැඩ කිරීමට සිදු වන රියදුරු, කොන්දොස්තර තනතුරු සඳහා පුරප්පාඩු තිබුණත් ඒවාට යන්නට මේ දේශපාලන හෙංචයියන් සුදානම් නැත. ඔවුන්ට උවමනා නිකම් සිට පඩි ගන්නටයි. 


2009දී ලංගම විසින් දිවයින පුරා ම බස් ධාවනය කර තිබෙන්නේ කිලෝමීටර 920,218ක් පමණක් බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා සිළුමිණ පුවත්පතට කියා ඇත.. එනම්, දිනකට කිලෝමීටර 2521ක් පමණි. කියන පරිදි බස් 5000ක් ධාවනය වෙමින් තිබුණේ නම් එක් බසයක් දිනකට කිලෝමීටර භාගයක්වත් ධාවනය වී නැත. 


ලංගම බසයක් 2009දී කි‍ලෝමීටරයකින් ලබන ආදායම රු. 41.31ක් පමණි. ඒ අනුව බැලූ කල ලංගම බසයක 2009 දිනක ආදායම රු. 20කි. එහෙත්, ඒ බසයෙන් 13දෙනෙකුට පඩි ගෙවිය යුතු ය.  එය කරන්නේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමෙනි. මහා භාණ්ඩාගරය මුදල් උපයන්නේ මහජනයා හෙවත් බස් මගීන්ගෙන් ම බදු අය කිරීමෙනි. 


මේ අන්දමේ ව්‍යවසායවලට නමක් යෝජනා කරන ලෙස අපි ඔබට ආරාධනා කරමු. 

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. රිතික් රොෂාන්‍ගේ "කයිට්ස්" යන නිසා "අතින් කයිට්ස්" වගේ දැම්මොත් නරකද?

    දවසක් බස් එක නැති නිසා මම ගිහින් ඩිපෝනේ ඇහුවා "අද බස් එක වැඩ කරන්නේ නැද්ද?" කියලා. දෙකක් දාගෙන කවුන්ටරේ ඉදගෙන හිටු ලොක්කා මට කියනවා අද ඩ්‍රයිවර්ලා අඩුයි කියලා. මම ඇහැව්වා එතකොට ඩිපෝ එකක් හදලා පඩි ගෙවලා ඔබතුමන්ලා ඉදගෙන ඉන්නේ මොකටද කියලා? උදේට බස් ටික හෝල්ට් එ‍ෙක් නවත්තලා ‍ඩ්‍රයිවර්ලාට සහ කොන්දොස්තරලාට ඉන්න හැටියට බස් ටිකට නැගලා වැඩ කරන්න පුළුවන්නේ. ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා නැති බස් ටික හෝල්ට් එකේ තියෙයි. ආණ්ඩුවට සල්ලි ඉතුරැයිනේ..

    මට ලැබුන උත්තරේ හිතාගන්න පුළුවන්නේ...
    "....පුතා අම්මට......"

    ඉස්සරහ හිටපු පොරක්ගෙන් ලොක්කා ෂොට් එකක් දාපු තැන අහගෙන මාත් ෂොට් එකක් දාගෙන මග බැහැලා පයින්ම ගෙදර ගියා. ලංගම නඩත්තු කරන්නේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින්. සල්ලි ගෙවලා බස් නැතුව පයින් යන්නෙත් රටේ ජනතාව....

    ඉතින් ඒකට කියන්නේ අතින් කයිට්ස් නෙවේද?

    ReplyDelete
  2. අතින් කයිට්...අවුලක් නැති ඩිපෝත් තියනවා. වැඩේ තියෙන්නෙ ලංගමේ හොඳ බස් සේරම දුර දුවනවා. කබල් කටු ටික තමයි පොඩි පාරවල් වල දුවන්නේ. දුර දුවන ඒව නං අම්බානක හම්බ කරනවා. මම දන්න බස් තියනවා ටර්න් බාගෙට 15000ට වැඩිය හම්බ කරන ඒවා(ටර්න් එකක් යනු ගමනාන්තයට ගොස් ආපහු ඒම). ඔය කිව්ව 15000 කොන්දගෙයි ඩ්රයිවර්ගෙන් යටින් ගාණ අඩු කරලා. අර සාඩින් වගේ පැක් කරන ප්‍රයිවට් මල ඉලව් වල කොහොම ඇද්ද?
    /කුම්භකර්ණයා

    ReplyDelete
  3. මෙහෙම වත් ලංගම තියෙන්නේ නැත්තං ප්‍රයිවෙට් අයියලා මොනවා නොකරයිද අපිට ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා