Posts

Showing posts from June, 2010

අයවැය ගැන W3Lanka ගැඹුරු විශ්ලේෂණය | A deep analysis on Sri Lanka's budget

Image
(2010 ජුනි 30,  W3Lanka )  මල් නො තලා රොන් ගන්නා බඹරුන් මෙන් බදු අය කරමින්, අප පාලනය කරමින්, රට සංවර්ධනය කරන්නට තුනෙන් දෙකකට කිට්ටු ජන වරමක් සහිතව අතින් අරන් පශ්චාත්භාගයෙන් තබා ගන්නා ලද ආණ්ඩුවේ මංගල අයවැය ඊයේ ඉදිරිපත් කරන ලදී. පහත පළ වන්නේ අප විසින් අය වැය පිළිබඳ ඉතා ගැඹුරින් ආර්ථික විද්‍යාත්මකව කරන ලද විශ්ලේෂණයකි. එය කියවා අවබෝධ කර ගන්න. අයවැය පිළිබඳ සාමාන්‍ය විස්තර වෙනත් වෙබ් අඩවිවල පළ වේ . ඇද්ද අ ප ට හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! You may also like to read our English blog   Lanka Polity

සිඟන මරුවෝ දැන් කළු ගල්වලින් ගසා හිස පොඩි කර ආබාධිතයිනුත් මැරීම අරඹලා

Image
(2010 ජුනි 30,  W3Lanka )  මෑතක සිට කළු ගල්වලින් පහර දී සිඟන්නන් මරා දැමීම කරගෙන යන, පොලිසියට අත්අඩංගුවට ගත නො හැකි නව ත්‍රස්තවාදයට ඉලක්කයක් වැරදී ගල්කිස්සේදී සිඟන්නකු වෙනුවට ආබාධීතයකු මරා දමා තිබේ. රාත්‍රි ආහාර සඳහා කෑම පැකට්ටුවක් රැගෙන නිවසට යමින් සිටියදී හදිසියේ පතිත වූ වර්ෂාව නිසා අසල පිහිටි Trust in your tomorrow, today හෙවත් ඔබේ හෙට දවස ගැන අද විශ්වාස කරන්නැයි කියන යුනියන් ඉන්ෂුවරන්ස් ගොඩනැඟිල්ලේ ඉදිරිපිට වැස්ස අවසන් වනතුරු රැදී සිටියදී හිසට ගලකින් පත බා මරා දමන ලද මෙම පුද්ගලයා ලොතරැයි විකිණීම ජීවිකාව කර ගත් ශ්‍රී ජන මාවත, අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මහේෂ් පෙරේරා නැමැති 38 හැවිරිදි ආබාධිතයෙකි. ලෝකයේ දියුණු රටවල් 'ආබාධිතයන්' හෙවත් disabled යන වදන පවා 'වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්' හෙවත් differently abled ලෙස වෙනස් කරමින් ඔවුන්ගේ සමාජ තත්වය නැංවීමට කටයුතු කරද්දී ලංකාවේ සිදු වන්නේ ආබාධිතයන්ගේ ද හිස කළු ගල්වලින් තලා පොඩිපට්ටම් කර මරා දැමීමයි. මේ බෞද්ධ රටේ අන්තර්ජාලය පරිහරණය කරන ඇතැම් ටයි පැළඳි ම්ලේච්ඡයෝ පවා මෙම ඝාතනය කිරීම් මහ ඉහළින් වර්ණනා කරන ආකාරය

එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වුණේ ලංකාව කියූ දේ නො ඇසූ නිසයි | England out of World Cup since she did not listen to Sri Lanka

Image
(2010 ජුනි 29,  W3Lanka )  ගෝල 4-1කින් ජර්මනියට පැරදීම නිසා එංගලන්ත පාපන්දු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වීම අද එංගලන්තයේ පාපන්දු ලෝලීන්ගේ මහත් කම්පාවට හේතු වී තිබේ. එංගලන්ත මාධ්‍ය රැසක් ම පරාජය ගැන දොස් පවරන්නේ පුහුණුකරු ෆේබියෝ කැපෙලෝටයි. ඊට අමතරව විනිසුරුවන්ගේ දෝෂ පිළිබඳව ද දොස් පැවරෙමින් තිබේ. එහෙත්, අප නම් කියන්නේ වරද එය නොව, එංගලන්තය ලංකාව කියූ දේ නො ඇසූ එක ය. අප මේ පිළිබඳව ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White යන මැයෙන් ලිපියක් ලියූ අතර එහි මාතෘකාව ඉංග්‍රීසියෙන් ද ලියුවේ සුද්දන්ට හොඳින් තේරෙන්නට ය. ලංකාව ලෝකෙන් උතුම් රට බැවින් සුද්දෝ සිංහල ඉගෙන ගත යුතු ය. නැතිනම්, ලංකාව ආසියාවේ ආශ්චර්යය වන දාට ලංකාවට හිඟා කන්නට එන සුද්දන්ට පිච්චියක් සොයා ගැනුමට ලැබෙන්නේ නැත. එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 මාර්තු මාසයේ ආරාධනාවක් යැව්වේ ලංකාවේ යුද්ධයෙන් අත පය කඩා ගත් දස දහස් ගණනක් සිටියදී එතුම

අතුරුදහන් නොවී මිය ගිය අයකු වන්නට ඔහුට වාසනාව තිබිණි

Image
(2010 ජුනි 28,  W3Lanka )  එක් නිලධාරියකුගේ නො සැලකිල්ල නිසා රහස් පොලිසියේ රහසක් එළි වී තිබේ. මේ නිලධාරියා සිය මිතුරකු හෝ ගනුදෙනුකරුවකු වන කිරුළපන බිග් බනානා හෝටලයේ මුදලාලි සමග එක් වී වැල්ලවත්තේ නිවසකදී අර මුදලාලිගේ සේවකයකුට තඩි බා මරා දැමුවේ ය. ඉන් පසු, මළ සිරුර පාර්සල් කර, දෙන්නා එක්ක ඩබල් කැබ් රියකින් මුන්දලමේ, මුක්කුතුඩුවාවේ, පල්ලිවාසල්පාඩුවට ගෙන ගොස් දෙපැත්තෙන් අල්ලා, පද්දා මුහුදට වීසි කළේ ය. මෙය සමහර විට පුරුදු තැනක් වන්නට ඇත. ප්‍රදේශවාසීන් එය දැක පොලිසියට පැමිණිලි කළ විට පොලිසිය මාර්ග බාධක දමා මේ සැකකාර මිනීමරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ය. දෙන්නා අතරින් එක් අයෙකු රහස් පොලිස් පරීක්ෂකවරයකු වන චන්දන සිල්වා බව හෙළි වුණේ පසුවයි. අනෙක් සැකකාර මිනීමරුවා බිග් බනානා අයිතිකාර මරියනායගම් ලෙස්ලි රාජකුමාර් ය. (කොහොමද අපරාධවලදී සිංහල දෙමළ සමගිය?) මේ අතර, බිග් බනානා මුදලාලිගේ බිරිඳ කෝකියා අතුරුදහන්ව ඇති බව කියා පොලිසියේ පැමිණිල්ලක් ද දැමුවා ය. මරා දමන ලද තරුණයා වන 24 හැවිරිදි තෙන්නරාසු සෙල්වරාජ් ඉන්දීය ජාතිකයෙකි. ඔහු රාජකුමාර්ගේ හෝටලයේ අරක්කැමියකු බව වාර්තා වේ. (සීපා ගිවිසුම අත්ස

ආර්ථික නො දියුණුකම, සමාජ පසුගාමිත්වය හා මාරක රිය අනතුරු

Image
(2010 ජුනි 28,  W3Lanka )  කුරුණෑගල, දැදුරුඔය පාලම අසලදී ඊයේ සිදු වූ හදිසි අනතුරෙන් එක ම ගමේ එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු සත්දෙනෙකු ඉතා කණගාටුදායක අන්දමින් මිය ගොස්, තවත් සත්දෙනෙකු තදබල ලෙස තුවාල ලබා තිබේ. කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේ සඳගල නම් පිටිසර ගමේ පදිංචිකරුවන් පිරිසක් වන මේ පිරිස අනතුරට පත් වූයේ ඔවුන්ගේ වෑන් රිය හා ගැටුණු පොහොර පටවාගෙන ගමන් කළ කන්ටේනර් රථයේ රියදුරුට නින්ද යාම නිසා බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ඇතැම් මාධ්‍ය පවසයි. 2007 අප්‍රේල් මස ගාලු පාරේදී බියර් රැගත් ට්‍රක් රියක් මගී බස් රියක ගැටී ගිනි ගැනීමෙන් බර වාහනයේ රියැදුරු ඇතුලු 20දෙනෙක් පිළිස්සී මිය ගිය හ. ත්‍රිරෝද රියැදුරන්ගේ හා පෞද්ගලික බස් රියැදුරන්ගේ නො සැලකිලිමත් රිය පැදවීම් පිළිබඳ බොහෝ දෙනෙකු කතා කර ඇතිමුත්, භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන හා දිවයින පුරා සිදු වන විවිධ සංවර්ධන කටයුතු සඳහා ගල්, වැලි ආදිය ගෙන යන බර වාහනවල රියැදුරන්ගේ නො සැලකිලිමත් රිය පැදවීම් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත.  මෙම වාහනවල දැවැන්තකම නිසා අනතුරකදී ඔවුන් තුවාල ලබනවාට වඩා ඔවුන් නිසා මාර්ග භාවිතා කරන සෙසු අය තුවාල ලබ

භීතිය විකුණමුද? සහෝදරත්වයට මං පෙත් සොයමුද? | Prospect theory and selling fear

Image
ඩැනියල් කැහ්නමන් (2010 ජුනි 27,  W3Lanka  අජිත් පැරකුම් ජයසිංහ)  2002 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු පාඨමාලාවක් නොහැදෑරූ ඊශ්‍රායල් ජාතික මනෝ විද්‍යාඥයකු වන කැලිෆෝනියාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්ය ඩැනියල් කැහ්නමන්ටයි. ඒ ඔහු ඉදිරිපත් කළ 'ඉදිරි දර්ශන න්‍යාය' (prospect theory) වෙනුවෙනි. 'හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය' නම් නව ශික්ෂාවක මතු වීම ද සලකුණු කරන 1979දී පමණ කැහ්නමන් හා ඇමොස් ත්වර්ස්කි විසින් සංවර්ධනය කරන ලද මෙම නව න්‍යාය 'අපේක්ෂිත උපයෝජ්‍යතා න්‍යායට' (expected utility theory) මනෝවිද්‍යාත්මක විකල්පයක් ලෙස සැලකිණි. අනතුරක් සහිත විකල්පයන් අතරින් එකක් පිළිබඳ තීරණයක් ගැනීමට තිබෙන මුල්‍ය තීරණ වැනි අවස්ථාවලදී මිනිසුන් තෝරාගැනීම කරන ආකාරය මෙම න්‍යාය මගින් විස්තර කෙරෙයි. ආනුභූතික සාක්ෂිවලින් පටන් ගෙන මෙම න්‍යාය විසින් පුද්ගලයන් විසින් විය හැකි හානි හා වාසි තක්සේරු කරනු ලබන ආකාරය විස්තර කරයි. මෙම තීරණගැනීමේ ක්‍රියාවලිය සංස්කරණය හා ඇගයීම යන අදියර දෙකකින් යුක්ත බව න්‍යායෙන් පැවස

ජනප‍්‍රිය බණ හා දුෂ්කථා ගැන | On popular Bana preachings

Image
(2010 ජුනි 26,  W3Lanka   අජිත් පැරකුම් ජයසිංහ) යෝහිකෝචි භික්ඛවේ භික්ඛු ඒවං චින්තො පරේසං ධම්මෝ දේසති. අහෝ වන මේ ධම්මං සුණෙය්‍යුං සුත්ථාච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නාච මේ පසන්නකාරං කරෙය්‍යූං ඒව රූපස්ස භික්ඛවේ භික්ඛුතෝ ධම්ම දේසනා අපරිසුද්ධා හෝති . මහණෙනි, යම් භික්ෂුවක් මාගේ ධර්මය ඇසුවහොත් හොඳය, අසා පැහැදුණහොත් හොඳය, පැහැදීමෙන් යුතුව සත්කාර උපකාර කළහොත් හොඳය යන අදහසින් කරන ධර්ම දේශනාවක් වෙත්නම් එය අපිරිසුදු දේශනාවකි. (අංගුත්තර නිකාය, කස්සප සංයුතය) ‘චරථ භික්ඛවෙ චාරිකං - බහුජන හිතාය - බහුජන සුඛාය‘ යි බුදු රජාණන් වහන්සේ ධර්ම ප‍්‍රචාරය සඳහා නික්මෙන සංඝයාට දුන් උපදේශය සර්වකාලීනය. සංවර්ධනයේ මායාවෙන් මුසපත්ව, වියරු රංගනයක යෙදී සිටින වත්මන් ලෝකයට මොහොතකට නැවතී ජීවිතය දෙස ආපසු හැරී බැලීමට, සිත් සනසා ගන්නට, යථාර්ථය පසක් කරගන්නට ධර්ම දේශනාවක් මහෝපකාරී වේ. ලෝකය දියුණු වන්නට, වන්නට පන්සල් කරා ඇදී එන ජනයා වැඩි වන්නේද, ධර්ම දේශනාවලට සවන් දීමට ජනයා වැඩි වැඩියෙන් රැස් වන්නේද ඒ නිසාය. එහෙයින් ධර්මය දේශනා කරන්නා හට පැවරී තිබෙන කාර්යභාරය සුළුපටු එකක් නොවේ. ඔහු ජීවිත වෙනස් කරන්නෙකි. ලෝකයට අලූත් මංපෙත්

ජී.එස්.පී. ප්ලස් එපා, ලංකාව කියයි: යුරෝපා සංගමයේ රෙදි ගැලවේ. | European Union stripped; Sri Lanka rejects conditions for GSP Plus

Image
(2010 ජුනි 25,  W3Lanka )  ලංකාවේ සිට යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරනු ලබන ඇගලුම් ඇතුළු භාණ්ඩ වර්ග 7200කට ලබා දෙන තීරු බදු සහනය දීර්ඝ කර ගැනීම සඳහා යයි කියමින් පසුගිය දිනවල ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් මහජන මුදලින් යුරෝපයේ රවුම් ගසමින් මහජන කාලය කා දමමින් සාකච්ඡා පැවැත්වූ හ.  මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ඇමති මෙසේ මහජන මුදල් කෑ එක් අ‍යෙකි. එහෙත්, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන ලබා ගැනීම සදහා යුරෝපය මානව හිමිකම් පිළිබඳ කොන්දේසි අනිවාර්යයෙන් ඉදිරිපත් කරන බව ද, යුද අපරාධ චෝදනා නිසා මව් රට වන ඇමරිකාවට පවා යන්නට බැරිව සිටින සාමාජිකයන් සිටින ලංකාවේ පාලක පවුලට මානව හිමිකම් ඇලජික් බැවින් ඒවාට එකඟ වන්නට බැරි බව ද තේරුම් ගැනීමට ලෝකය වටේ ගියත් මේ උත්තමයාට බැරි වී තිබේ.  යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහනය දෙන්නේ ලංකාවේ හෙළයන්ට ඒක නො දුන්නොත් උන්ට රෙදි නැතිව හෙළුවෙන් වන වනා ඉන්නට සිදු වන නිසා නොවේ. යුරෝපා සංගමය බලාපොරොත්තු වන අන්දමේ ශිෂ්ඨත්වයක් ලංකාව වැනි හිඟන රටවල ඇති කිරීම සඳහා ය. මෙවැනි හිඟන රටවල් තව ඕනැ තරම් ලෝකයේ ඇති බැවින් ඒ අතරින් කීපයක් තෝරා ගැනීම යුරෝපා සංගමයට අසීරු නැත. අන

ආක්‍රමණික, ආධිපත්‍යවාදී අරමුණින් ආගමික ස්ථාන ඉදි කිරීම රජයේ පාලනයට | Sri Lanka government takes control of the construction of shrines with purposes of domination

Image
(2010 ජුනි 24,  W3Lanka )  ආගමික වශයෙන් පැනනැගිය හැකි අනවශ්‍ය මතබේද හා ගැටුම්කාරී තත්ත්වයන් වළක්‌වාලීමේ අරමුණින් අවිධිමත් අයුරින් විවිධ ප්‍රදේශයන්හි හිතුමතයේ ආගමික ස්‌ථාන ඉදි කිරීම වහාම ක්‍රීයාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරියේදී රටේ ඕනෑම ප්‍රදේශයක කුමන ආගමක හෝ නව ආගමික ස්‌ථානයක්‌ ඉදිකරන්නේ නම් ඒ සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන අයෑදුම්පත්‍රයක්‌ සම්පූර්ණ කර අදාළ පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම අයෑදුම්පත්‍රය අදාළ ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ඇතිව විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසු කරුණු අධ්‍යයනය සඳහා පත් කෙරෙන කමිටුවක්‌ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අවසර ලැබෙනු ඇති බව කියැවේ. ආගමික ස්ථාන ඉදි කිරීම වනාහි ඉතිහාසය පුරා ම ලොව හැම තැන ම පාහේ හැම විට ම අවිහිංසාවාදී ක්‍රියා නොවේ. ආගමික ස්ථාන ඉදි කිරීම පසුපස ආගමික භක්තිය මෙන් ම ආධිපත්‍යවාදී හා ආක්‍රමණික අරමුණු තිබේ. යටත් විජිත සමයේ පාලකයන්ගේ අනුග්‍රහයෙන් මේ රටේ ක්‍රිස්තියානි පල්ලි ඉදි කළේ ආක්‍රමණික අරමුණු සහිතවයි. ඒ හා සමානව ම පශ

2500 වැටුප් වැඩි වීම, අලුත් බදු, රජයේ සේවක කම්කරුවෝ හා හම්පඩ වාත්තීය සමිති

Image
(2010 ජුනි 23,  W3Lanka )  හෙට නැගෙනහිර පළාතේ විදුහල්පතිවරු වර්ජනයක් කරති. වැඩි වන ජීවන වියදම හමුවේ පඩි වැඩි කරන ලෙස ඉල්ලා නොවේ. අවිධිමත් මාරු කිරීම් විධිමත් කරන ලෙස ඉල්ලා ය.  රජයේ සේවකයන්ට තිබෙන්නේ මෙවැනි ප්‍රශ්න මිස වැටුප් පිළිබද ප්‍රශ්න නොවේ. වැටුප් ප්‍රමාණවත් නැත. එහෙත් රජයේ සේවකයෝ සිය වැටුපේ අඩු කොටස පියවා ගැනීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරති. විදුහල්පතිවරු නම් ළමයින් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී හෝ ගුණාත්මක යෙදවුම්වලින් භාණ්ඩ මිළ දී ගැනීමේදී මාටියා ගසති. ගුරුවරු ටියුෂන් කරති.  වෙනත් රජයේ සේවකයෝ බොරු අතිකාල කරති. නැතිනම් පගා ගසති.  රජයේ සේවකයන් යනු ඇත්තෙන් ම රැකියාවෙන් පමණක් ජීවත් වන කම්කරු පිරිසක් නොවෙති. ඔවුන්ගෙන් බහුතරය සුළු ව්‍යාපාරිකයෝ ය. රජයේ රැකියාව යනු ඔවුන්ගේ එක් ආදායම් මාර්ගයක් පමණි. කරන්නට තිබෙන වැඩ ප්‍රමාණය අඩු නිසා එහිදී ලැබෙන වැටුප අඩු වුව ද ඔවුහු මැසිවිලි නො නගති.  ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම සැදුම් ලබන්නේ මේ අන්දමේ රජයේ සේවකයන්ගෙනි. එහෙත්, වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ මෙය කම්කරු ව්‍යාපාරයක් ය කියා ය.  පසුගිය දිනෙක මෙම ලේඛකයා කොළඹ ස

අයිතිය තහවුරු කළ යුතුව තිබෙන්නේ කුමන අදහස් ප්‍රකාශනයේ හා තොරතුරු දැන ගැනීමෙහිද?

Image
(2010 ජුනි 22,  W3Lanka )  පීඩිත ජනයා ඒකරාශී කිරීම අරමුණු කර ගත් පොදු ප‍්‍රතිපත්ති මාලාවක් සැකසීමේදී ජනමාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ අදහසක් දක්වන ලෙස පසුගිය දිනෙක අපට ආරාධනාවක් ලැබිණි.  සාමාන්‍යයෙන් ගත් කල සමාජයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇති ප්‍රගතිශීලී සටන් පාඨය ලෙස සැලකෙන්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' තහවුරු කිරීමයි.  වාමාංශික ස්වරූපයකින් පෙනී සිටින මාධ්‍යකරුවන් විසින් අටවා ගන්නා ලද මුදල් සොරකම් කිරීම හා මාධ්‍යකරුවන්ගේ මුවාවෙන් යුරෝපා රටවල සැප පහසු ජීවිත අපේක්ෂා කරන නිකමුන්ට දේශපාලන රැකවරණ සොයා දීමේ තැරැව්කාර නියෝජිතායතනයක් ලෙස කටයුතු කිරීම පිණිස කටයුතු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි රාජ්‍ය නොවන සංවිධාන හොර ජාවාරම් ද පෙනී සිටින්නේ 'තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශනයේ නිදහස' වෙනුවෙන් 'සටන් කිරීම' සඳහා යයි  කියනු ලැබේ.  එහෙයින් ම මේ සටන් පාඨයේ කිසියම් අඩුපාඩුවක් ඇති බව අපට පෙනේ. පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියන සුළු ධනේශ්වර සොරුන්ට  ද, ධනේශ්වර ලිබරල්වාදීන්ට හා පීඩිත පංති ව්‍යාපාරවලට ද මුළුමනින් ම සමා

ජාත්‍යන්තර කොටි නායක කේ.පී. නිදහස් | Kumaran Pathmanathan alias KP now a free man

Image
(2010 ජුනි 21,  W3Lanka )  ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වසරේ මහා ශබ්දයක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ කොටි සංවිධානයේ ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. දැන් නිදහස් කර ඇති බව වාර්තා වේ. ඔහු දැන් නිදහසේ රටතොට සංචාරය කරමින් සිටින බව ද දැනගන්නට තිබේ. ඒ බව තහවුරු වන පුවතක් අද දිනමිණ පුවත්පතේ පළ වී ඇත. ඒ මෙසේ ය: කොටි සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානි කුමරන් පද්මනාදන් ඇතුළු දෙමළ බුද්ධිමත්හු නව දෙනෙක් තමන් උගත් පාඩම් ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති. කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, සහ ඕස්ට්‍රේලියාව යන රටවල දේශපාලන රැකවරණ ලබමින් සිටි කොටි හිතවාදීන් වූ මෙම පිරිස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් හමුවී ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. නව දෙනෙකුගෙන් යුතු මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කුමරන් පත්මනාදන් දැඩි උත්සාහයක් ගත් අතර ඔහුද මෙම හමුවට එක්වී සිටියේය. කොටි හිතවාදීන් වූ මෙම විද්වතුන්ට

රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් වන බේබද්දන්ට එරෙහි සෞඛ්‍ය ඇමතිගේ කුණු කතා හෙළා දකිමු!

Image
සුනිල් අයියේ, කතා කරපංකො මඩං (2010 ජුනි 21,  W3Lanka )  බේබදුකම නිසා රෝගාතුරව රෝහල්ගත වන පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීමේ ක්‍රමයක් සැකසීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන සැලසුම් කරගෙන යන බව අද දිනමිණ පුවත්පත පවසයි. මේ සිරිසේන නියෝජනය කරන දිස්ත්‍රික්කය පොළොන්නරුවයි. පාසල් පන්ති කාමරයේදී මත්කුඩු හා මත්පැන් පානය කළ බව කියන පොළොන්නරුව තෝපාවැව මහ විදුහලේ උසස් පෙළ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම් කොට ඇති බව වාර්තා කරන්නේ ආණ්ඩුවේ ම දිනමිණයි. අයියෝ මේ සිරිසේන නම් මාර ම නිර්මානාත්මක පොරකි. ඔහු කියන්නේ මේකලා බීලා ලෙඩ හදාගෙන ආවා ම උන්ට ප්‍රතිකාර කරන්නට වියදම් වන්නේ මහජන මුදල් ය කියා ය. මේ නීතිය ගෙන ආ පසු බේබද්දන්ට සිදු වන්නේ බීලා ම මැරෙන්නයි. මන්ද, ලෙඩේට මුල බේබදුකම යයි දොස්තර තීරණය කළොත් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවන්නට සිදු වන බැවිනි.  සෞඛ්‍ය ඇමතිවරයා නො දන්නා සිම්පල් කාරණය වන්නේ බේබද්දන් යනු මේ රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් බවයි. ජනතාවගේ මතට තිත තබන්නට යන මේ සත් ගුණවත් ආණ්ඩුවට කළ හැකි හොඳ ම ක්‍රියාවක් වන්නේ මත්පැනින් බදු මුදල් ඉපයීමෙන් හා අරක්කු වෙළඳාමෙන් ඈත් ව

2009 ලංගම බසයක් දුවන්නේ දිනකට කිලෝමීටර 1/2යි; ආදායම රු. 20යි; 13කට පඩි

Image
(2010 ජුනි 19,  W3Lanka )  පසුගිය දිනෙක මෙම ලේඛකයා සවස 7.30ට පමණ සිය ගම් ප්‍රදේශය බලා දිවෙන ප්‍රධාන මාර්ගයක මෝටර් සයිකලයෙන් යමින් සිටියදී බස් නැති නිසා පයින් යමින් සිටි ගම් වැසියකු දැක 'ලිෆ්ට්' එකක් දුන්නේ ය. යන අතරමගදී ලේඛකයා අර ගම්වැසියා කරන රැකියාව විමසී ය. ඔහු කීවේ දැන් ඔහු වැඩ කරන්නේ ලංගම රත්මලාන ඩිපෝවේ බවයි. ඔහු රැකියාවට දමා තිබුණේ එම ප්‍රදේශය නියෝජනය කරන වත්මන් ප්‍රවාහන ඇමතිවරයා විසිනි.  මෙම පුද්ගලයා නිසි අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් ලැබූවකු නොවන බව දැන සිටි හෙයින් ඔහුගේ තනතුර කුමක්දැයි ලේඛකයා  ඇසී ය. "මම මිකැනික්," යි ඔහු කීවේ ය. ඔහු කිසියම් මෝටර් කාර්මික පුහුණුවක් ලබා තිබේදැයි ඇසූ කල ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නයි. මේ අපේ රටේ සාමාන්‍ය ජනයාගේ මිහින් ලංකාව වන ලංගම කාර්මිකයකුගේ තත්වයයි.  ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක ම පවසන පරිදි ලංගම එක් බසයකින් සේවකයෝ 13ක් පඩි කති. (අද සිළුමිණ බලන්න) එහෙත් තිබෙන බව කියන බස් 5500 දුවවන්නට රියදුරෝ, කොන්දොස්තරු නැත. අලුත්වැඩියා කටයුතු සඳහා කාර්මිකයෝ නැත. ඉන්න තරමක් ඉන්නේ ආරක්ෂක නිලධාරීහු හා ලිපිකරුවෝ ය. ඔවුන්