ප්‍රජාතන්ත්‍රවාදයේ සුළං එජාපය හරහා හමයි; හෙට ශ්‍රීලනිප හා ජවිපෙ | Whirlwinds of democracy blowing across Sri Lanka's political parties

(2010 මැයි 07 - W3Lankaලාංකීය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී රික්තය විසින් ඇති කර තිබෙන සුළි සුළඟ දැන් එක්සත් ජාතික පක්ෂය හරහා ද හමා යමින් තිබේ.


පක්ෂයේ විප්ලවීය වෙනසක් ඇතිකළ හැකි ලෙස තනතුරු ඇතිකර ඒවාට ඡන්දයෙන් පුද්ගලයින් තෝරා ගැනීමට හැකි වන පරිදි ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට ඇත. ඒ පිළිබඳව සොයාබැලීමට ජෝශෆ් මයිකල් පෙරේරා, කබීර් හෂීම්, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන අයගෙන් යුක්ත විශේෂ කමිටුවක්ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව සතියක් තුළ ලබාගැනීමටද එකඟවී තිබේ.


එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බදාදා පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමාට ලබා දීමට ගිය පක්ෂයේ උප නායකකම ප්‍රතික්ෂේප කොට ඇති සජිත් ප්‍රේමදාස එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත් ඒකාධිපති ගමනකට සැරසෙන බවත් ප්‍රකාශ කොට ඇත. පක්ෂයේ ප්‍රධාන තනතුරු එක් පුද්ගලයකුගේ අවශ්‍යතාව මත ලබා දීම සම්පූර්ණ අසාධාරණ බව පවසා ඇති සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය පක්ෂය හැර යන විට ඔහුගේ නියෝජ්‍ය නායක ධුරය අහෝසි කළ බවත්, නැවත ඔහු පක්ෂයට පැමිණෙන විට එම තනතුර ස්ථාපිත කළ බවත්, එස්. බී. දිසානායකට ජාතික සංවිධායක ධුරයකුත් ලේකම් ලෙස අලුත් තනතුරක් හැදූ බවත් පෙන්වා දී මේවා පාක්ෂිකයන්ට දැන් විහිළු බවට පත් වී ඇති බව කියා ඇත.


එජාපය හරහා හමා යන මෙම සුළි සුළඟින් ප්‍රජාතනත්‍ර විරෝධී රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය සසල වී ඇත. මෙම අලකලංචිය බලමින් සතුටු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තත්වය එජාපයට අන්ත ය. පක්ෂ නායකත්වයේ ඒකාධිපතිවාදයට හා රාජපක්ෂ පවුල්වාදයට එරෙහි වෛරය එතුළ පැසවමින් ඇති අතර නායකත්වයේ අපේක්ෂාව එය සැමදා යටපත් කර ගැනීමයි.


ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කිසිදු විශ්වාසයක් නැති ස්ටාලින්වාදී ඒකාධිපති ව්‍යූහයකි.


එජාපය හරහා හමා යමින් තිබෙන මෙම ප්‍රජාතන්ත්‍රවාදී සුළං හෙට ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ද හමා යනු ඇත.


මේ සුළංවලට කවුළු නොහැරියොත් මේ පක්ෂවල වහලවල් ගැලවී සුළ‍ඟේ ගසාගෙන යනු ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා