කූට විදේශ ආයෝජක ටැන්ඩොන් ලංකා පොල්ල | Unscrupulous FDI and Tandon Lanka

(2010 මැයි 06 - W3Lankaඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණ නිෂ්පාදනයේ යෙදී සිටි මහනුවර පල්ලෙකැලේ පිහිටි සී/ස ටැන්ඩොන් ලංකා (පුද්ගලික) සමාගම රුපියල් බිලියනකට ආසන්න මුදලක්‌ මෙරටට ගෙවීමට තිබියදී මෙහෙයුම් කටයුතු අවසන් කොට ඇත.


මෙම සමාගමේ ප්‍රධානීන් මෙරටින් පිටව ගොස්‌ ඇත්තේ සැපයුම්කරුවන් විශාල පිරිසකට හා ප්‍රධාන බැංකු දෙකකට ගෙවීම් කිරීමට තිබියදීය. මෙම සමාගම රජයේ සහ පෞද්ගලික බැංකුවලට පමණක් ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 8කි. සේවකයන්ගේ, සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්‌ති භාරකාර අරමුදල් සඳහා වසර ගණනාවක සිට ගෙවා නැත.


ආරම්භයේදී අටදහසකට පමණ රැකියා දෙන බවට ප්‍රචාරයක් ගෙන ගිය ද මෙහි සේවක සංඛ්‍යාව කිසිවිටකත් තුන්දහස නොඉක්මවූ බව වාර්තා වේ. 


මෙම සමාගමට ආයෝජන මණ්ඩල පනත යටතේ බදු සහන සහ රේගු සහන ද අක්‌කර 7ක ඉඩමක්‌ ද, මෙරට බැංකුවලින් ණය ගැනීමේ පහසුව ද ලැබී තිබේ. 


පසුගිය අප්‍රේල් 08වැනිදා පැවැති මහ මැතිවරණයට කලින් පල්ලෙකැලේ පිහිටි ආයෝජන මණ්‌ඩල කාර්යාලය මෙම ප්‍රශ්නය පිළිබඳව අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡා කර ඇත. මෙම සමාගම ආපසු මුදල් නොගෙවා තිබියදීත් මෙම ආයතන තවදුරටත් ඔවුන්ට ණය ලබාදීමට තීරණය කිරීම පිළිබඳව ප්‍රශ්නයක්‌ උද්ගත වී ඇත. 

Comments

  1. බැංකුවක් කාට වුවද ණයක් දිය යුත්තේ අධ්‍යනයකින් පසුව ණය ගෙවීමට ඇති හැකියාව ගැන තක්සේරුවකින් පසුය. සැපයුම්කරුවන් සපයන ණය සම්බන්ධවද එසේය. මේවා නිසි පරිදි කොට නැත්නම් කාටවත් බැණ වැදී ඵලක් නොවේ. ගමේ කඩේ මුදලාලි 'ණය ඉල්ලා අමනාප නොවන්න' කියා බෝඩ් ගහගෙන ඉන්නේ එනිසාය. මේ බැංකුවලට හා සැපයුම්කරුවන්ට ඒ මොළයවත් නැත්නම් ඒ ගැන කතා කොට ඵලක් නොවේ.

    අර්ථ සාධක සහ සේවා නියුක්‌ති භාරකාර අරමුදල්වලට මුදල් තැන්පත් නොකිරීම දරුණු වරදකි. නමුත් වසර ගණනක් එසේ නොකළාය කියන්නේ ආණ්ඩුවද ඒ වරදේ කොටස් කරුවකු බවය. ආණ්ඩුව මහජන මුදලින් වැටුප් ගෙවමින් අධීක්ෂක නිලධරයින් පත්කොට ඇත්තේ මෙසේ අර්ථසාධක නොගෙවන සමාගම් කොටුකර ගැනීම සඳහාය.

    ReplyDelete
  2. තව එකක්. ගොවියකු නියඟය නිසා අස්වැන්න පාළු වී ගොවි ණය ගෙවා ගන්නට නොහැකි වූ විට අප ඔහුට "කූට ගොවියා" කියන්නේ නැත. ඔහු බැංකු වලට පොල්ල තිබ්බා කියන්නේත් නැත. එවැනි අවස්ථාවක බැංකුවක් කරන මොළේ ඇති වැඩක් නම් තව ණයක් දීමෙන් හෝ ගොවියා ඒ අමාරුවෙන් මුදාගෙන ණය දෙකම ගෙවීමේ හැකියාව ඇති කරන්නට උත්සාහ දැරීමයි. මෙය සාර්ථක හෝ අසාර්ථක විය හැකිය. (දෙවන ණය, පළමු ණයට වඩා අනිවාර්යයෙන්ම අවදානම වැඩි හෙයින් එම තීරණය වඩා පරිස්සමින් ගත යුතුය.)

    සමාගම් සම්බන්ධයෙන්ද තත්ත්වය මීට සමානය. හරි විස්තර නොදැන බැණ අඬ ගසා නොගත යුත්තේ එහෙයිනි.

    ReplyDelete
  3. I know the incident very well.It's useless blaming the investors now.The BOI,the Banks and the Local management of Tandon Lanka are equally responsible for this disaster.The banks were lobbied by a person called Bernie Peris a Sri Lankan now living in US.He was able to deceive the bank people in negotiating the loans with his political affiliations.The local management seeing the disster beforehand kept quite because of the benifitsthey got.The BOI which does not know anything about the unscruplous activities of these people keep their mouths shut when their palms are oiled.So the people who are to blames are the iresponsible banks for granting loans,the lethrgic and careless local management,and the inefficient and corrupt BOI.They have nothing to lose but the public has lost in billions because the money in the banks are theirs.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා