අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා | Sri Lankan poor masses helpless amidst the paradigm shift in rule

(2010 මැයි 17 - W3Lanka)  ජාතිකවාදී පරමාදර්ශ කරපින්නාගෙන සිටි ලංකාවේ පාලකයින් සිය බලය තහවුරු කර ගැනීමෙන් පසු ඒවා බිම අතහැර ඇත. දේශීය ආර්ථිකයක් පිළිබඳ හා සංස්කෘතික ආරක්ෂණවාදය ගැන ඔවුන්ගේ වාගාලංකාර ද ඒ පොදියට යට වී චප්ප වී ඇත. ඉගිලෙන්නට පටන් ගත් සැණින් රාජපක්ෂ පාලනයේ කොකාගේ සුද දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ. 


සිංහල ජාතිකවාදය බලයේ වාහනය කර ගත් පිරිස් ද දැන් ඉන්නේ සංක්‍රාන්ති සමයකයි. එක්කෝ වවුලාගේ මඟුල් ගෙදර ආ නිසා එල්ලී සිටීම හෝ නැතිනම් සියදිවි නසා ගැනීම හෝ යන දෙකින් එකක් තෝරා ගැනීමට ඔවුන්ට සිදු වී තිබේ. 


මේ සඳහා හොඳ ම උදාහරණය චම්පික රණවකයි. පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉදිරියට ගන්නා ලද බටහිර ගැති සංවර්ධන මූලෝපාය පතුරු ගසමින් ඔහු පැවැත්වූ කතා හා ලියූ ලිපි දැන් ඉතින් පුච්චා නළලේ අළු ගා ගන්නට ඔහුට සිදු වී ඇත. 


ඔහුගේ මහැදුරු නලින් ද සිල්වාගේ පැරණි ලියුම් තැන්පත් කරන්නට කටු ගෙයක් සාදා දෙන්නට හෝ ඔහුට හැකි වේ ද යන්න සැක සහිත ය. 


සමන් කැලේගම කියන ආකාරයට ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් එන විට කොට ගවුම්, නිල් චිත්‍රපට, මත්පැන්, මාංශ, සංසර්ගය ආදිය තහනම් කිරීමේ ඔවුන්ගේ ව්‍යාපෘතිවලට හැංගෙන්නට බිත්තර කටු සොයා ගන්නට වනු ඇත. 


මාක්ස්වාදය අතහැර මොවුන් පසුපස වැටුණ ජවිපෙට සිදු වි ඇත්තේ ගලේ පැහැරූ බළලාට වී ඇති දෙයයි. රුන්න ගූ ගොඩ වසා ගන්නට තවත් රෙනවා හැරෙන්නට මේ හතළිස් පස් වියට පිළිපන් දේශපාලනික මන්ද බුද්ධික ව්‍යාපාරයට කළ හැකි වෙනත් දෙයක් නැත. 


වාමාංශිකයන්ට සිදු වී ඇත්තේ තමන් සිර වී සිටි අති පණ්ඩිත මිථ්‍යා මති මතාන්තරවලින් හා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලින් ගැලවී ලෝකය දෙස බලන්නට කවුළුවක් විවර කර ගන්නට නොහැකිකමයි. 


ලංකාවේ සිදු වෙමින් තිබෙන සුසමාදර්ශීය වෙනස හමුවේ දිළින්දන්ට වන දේ පැහැදිලි කර දෙන්නටවත් කිසිවකු නැත. 


ප්‍රමාදය විනාශයට මුල ය. 

Comments

  1. ජාතික වදේද මොකද්ද කියන කෙන්ගෙඩිය බිම අත ඇර නැත, පොඩ්ඩක් පැත්තකින් පරිස්සමට තියලා විතරය
    දෙමල හා මුසුලිම් ව්යාපරිකයන් එක්ක තරඟ කර ගන්න බැරි වෙනකොට එය ආපහු ඔලුව උඩට ගන්නා බව නම් නිසැකය, 83 නේ ප්‍රේමදාස ගොය්යා කරා වගේ
    සුද්දො රට හප කරලා විසි කරත් කම් නැත දෙමල මුස්ලිම් ගොය්යල බිස්නස් අල්ල ගන්න කොට තමා අපිට කලා ඇඳලා ඉන්න අමාරු - ජාතික වදේ තියෙන්නෙ එතකොට පරයොජනයට ගන්නටය
    සබෑ බටහිර යුදෙව් ක්‍රිසිතියානින් දැන් වෙස් වලගෙන ඉන්නේ දෙමලුන් සහ මුස්ලිමුන් ලෙසය - එම නිසා විරුද්ද විය යුත්තෙ ඔවුන්ටය
    කොටියා උතුර අල්ල ගනිද්දි කෑ මොර දුන් අපි සුද්දා සහ ආර්ය ඉන්දියානුවන් උතුරට වැඩේ දෙදී කට වහගෙන ඉන්නේ එබැවිනි

    එහෙමත් නැත්තම් සුරියප්පෙරුම ගොය්යාගේ අපේ ගම බලලා අපේ රටේ උන් ඔක්කෝම ගැමියො වෙලාය - ගැමියාට අමාරු අල්ලපු ගෙදර එකා කලා ඇඳලා ඉන්න එකය (අල්ලපු ගෙදර එකා අමාරුවේ වැටුනම උදවු කරන්න දුවගෙන ගියත් එකා අපේ උදව්වක් නැතිව දියුනු වෙනවාට ගැමි අපි කැමති නැත) , වලව්වේ හාමු මොන කෙන්ගෙඩිය කර ගත්තත් කමක් නැත

    ReplyDelete
  2. රුන්න ගූ ගොඩ වසා ගන්නට තවත් රෙනවා හැරෙන්නට මේ හතළිස් පස් වියට පිළිපන් දේශපාලනික මන්ද බුද්ධික ව්‍යාපාරයට කළ හැකි වෙනත් දෙයක් නැත.

    හා..... මේක මරැ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා