රනිල් හැමදා ම එජාප නායකයා වන්නේ එහි ඉන්න සෙසු නායකයන් ගොන් නාම්බන් නිසා ය| Ranil is eternal UNP leader since he has no challenger

 (2010 මැයි 19 - W3Lankaඑක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනාවලියක් එජාප කමිටුවක් විසින් සකසා තිබේ. මෙම යෝජනාවලිය අද එජාප නායකයාට ඉදිරිපත් කෙරෙන අතර සිකුරාදා පැවැත්වෙන එජාප මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ හමුවකදී මෙම යෝජනාවලිය එළිදැක්වෙනු ඇත. 


එදින ම පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර මෙම යෝජනාවලිය ඇතැම් මන්ත්‍රීන් අතට ගිය පසු පුවත්පත් සාකච්ඡා පවත්වන්නට දෙයක් නැති තත්වයක් උදා වේ. 


එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මන්ත්‍රීන්ට ඇති ලොකු ම ප්‍රශ්නය සිය පක්ෂ නායකත්වය නොවේ. ආණ්ඩුවේ නායකත්වයයි. එනම්, පක්ෂයෙන් පැන එන අයට එළව එළවා ඇමතිකම් පිදීමේ බැසිලියානු ප්‍රතිපත්තිය ආණ්ඩුව වෙනස් කර තිබීමයි. 


මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දූල් කාදර්ට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකමක් ලබා ගැනීමට රනිල්ට බනින්නට සිදු වී තිබෙන තරමින් තත්වයේ බරපතලකම පෙනේ. 


එජාප නායකත්වය පතන සජිත් ප්‍රේමදාස වැනි  අය තුළ ඇති ප්‍රධාන දුර්වලකම වන්නේ ජාතික නායකයකු ලෙස ඉස්මතු වීමට තමන්ට පාර්ලිමේන්තුව හා ජනමාධ්‍ය වැනි අවකාශයන් ඔස්සේ ලැබී තිබෙන අවස්ථාව පාවිච්චි කිරීමට නොදන්නාකමයි. 


නූතන තත්වයන්ට අනුකූල ප්‍රතිසංස්කරණ පක්ෂය තුළ සිදු කර එය ජයග්‍රාහී මාවතක් වෙත හෙවත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි තත්වයක් වෙත තල්ලු කිරීමට තමන්ට හැකියාවක් ඇති බව ඔහු කිසිදු අන්දමකින් පෙන්නුම් කර නැත. 


නිදසුනක් ලෙස පසුගිය පාර්ලිමේන්තු කාල සීමා දෙකකදී සජිත් ප්‍රේමදාස හරවත් කතා කීයක් පවත්වා තිබේද යන්න විමසා බලන්න. රූපවාහිනී විවාද හා සාකච්ඡා කීයකට ඔහු සහභාගි වී තිබේද? 


දක්ෂ නායකයකු වූ ආර්. ප්‍රේමදාසගේ පිය උරුමය මිස අන් කිසිවක් නැති සජිත් ප්‍රේමදාස ද හිස් කෝම්බයක් පමණි. ඔහු නායකත්වයට පත් කරන්නට සිතන අය පතන අන්දමේ එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ ගුප්ත බලයක් ඔහුට ද නැත. 


රනිල්ගේ ඒකාධිපති වැඩ නිසා කරු ජයසූරිය, රුක්මන් සේනානායක, එස්.බී. දිසානායක, සජිත් ප්‍රේමදාස වැනි අදක්ෂ පුද්ගලයන්ට මට බැරි වුණේ අරූ මට අවස්ථාවක් නොදුන් නිසා යයි කීමට අවස්ථාව ලැබී තිබේ. 


එජාප ප්‍රතිසංවිධානය ගැන කීමට ඇති හොඳ ම උපහැරණයක් පැරණි සිංහල සාහිත්‍යයේ එයි. 


'කළල ගිලුණු මත වරනිඳු ගොඩ ගනිත - තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත'


මඩේ එරුණු අලියකු ගොඩ ගැනීමට ඒ අලියා වැනි ශක්ති සම්පන්න අලියකු අවශ්‍ය ය.  


දෙවන පෙළක් ගොඩ නොනැඟීම පිළිබඳ රනිල් වික්‍රමසිංහට බනින්නට පුළුවන. එහෙත්, ඉන්න එවුන්ට නායකත්වයට තරගයක් දෙන මට්ටමට ගොඩනැ‍ඟෙන්නට බැරිකම කරුමයකි. 


රනිල් හැමදා ම එජාප නායකයා වන්නේ එහි ඉන්න සෙසු නායකයන් අලින් නොව ගොන් නාම්බන් නිසා ය. හොඳ පට්ටි ගොනකුවත් හිටියා නම් යමක් කළ හැකි වන්නට තිබිණි. එහෙත් ඉන්න තරමක් ඉන්නේ පුස් නාම්බෝ ය.  

Comments

  1. Funny; ultra socialist advising ultra right-wings :-D.

    ReplyDelete
  2. Akila hari Sagala hari dammanan hari...LOL!!!

    ReplyDelete
  3. හරියට හරි ..............!
    ඒත් ගොන් නාම්බොම ඉල්ලන අපේ ජහමනයා ඕවා තේරුම් ගනීවිද?
    (වම හරියට දුවන්නනම් හොඳ දකුණක් ඕනේ කියලා හිතලා වගේ...!)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා