නාවලපිටියේ ගොයම් කෑවේ වැටයි නියරයි | No culprits for election malpractises in Nawalapitiya

(2010 මැයි 02 - W3Lankaනාවලපිටියේ මහ මැතිවරණය දිනයේ සිදු වූ මැතිවරණ දූෂණ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 37ක ඡන්දය ශුන්‍ය කර නැවත පවත්වන ලදී.


ඡන්දය නැවත පැවැත්වීමට රු. ලක්ෂ 35ක් මහජන මුදල් වැය විය. මහජනතාවගේ කාලය නාස්ති විය. නිෂ්පාදනය අඩාල විය. මහනුවර දිස්ත්‍රික්කයේ හා සමස්ත හ්‍රී ලංකාවේ ම ප්‍රතිඵල පමා විය.


එහෙත්, පොලිසිය මෙම මැතිවරණ දූෂණ කළ කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. ඒ කියන්නේ කිසිවකු මැර ක්‍රියාවල යෙදි නැත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම දූෂණ පිළිබඳ පරීක්ෂා කරන්නට පත් කළ කමිටුව කියන පරිදි කිසිදු අපේක්ෂකයකු මෙම දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ නැත. මහින්දානන්ද අලුත්ගමගේ කිසිදු මැර ක්‍රියාවක් මෙහෙයවා නැත.


එසේ නම්, මැතිවරණ නිලධාරීන් අක්‍රමිකතා පිළිබඳ වාර්තා කර තිබෙන්නේ බොරුවට ය. මැතිවරණ කොමසාරිස් නාවලපිටියේ ඡන්දය ශුන්‍ය කළේ මෙම බොරු වාර්තා පදනම් කරගෙනයි.


මැතිවරණ කොමසාරිස් ආතතියෙන් පෙළෙන බව ජනවාරි 27 දින ඔහු ම පැවසීය.


ආතතියට නැති දේ ඇති වී පෙනේද?

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා