ගෑස් මිළ වැඩි වුණේ ඇමතිගේ වරදින් ද? | Is Minister of Trade and cooperatives only culprit of price increases?

(2010 මැයි 07 - W3Lankaඅද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ ඉහල දමා ඇත.


මේ අනුව ෂෙප්ගෑස් සිලින්ඩරයක මිල රු.219කින්ද, ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු.323කින් ඉහල දමා ඇත.තවද මෙම මිළ ඉහල දැමීම අනුව රු.1550ට තිබු ෂෙල් ගෑස් සිලින්ඩරය රු.1769 දක්වා ඉහල නගින අතර රු.1421ට තිබු ලාෆ්ස් ගෑස් සිලින්ඩරය මිල රු.1744 දක්වාද මිල ඉහල දමා ඇත.


"අළුත් කැබිනෙට්ටුවේ වෙළඳ කටයුතු අමාත්‍යවරයා යනු මහජනයා වෙනුවෙන් ගෑස් සමාගම් සමග කොන්දේසි විරහිතව සටන් වදින්නෙක්ද නොඑසේනම් ගෑස් සමාගමේ මිලවැඩිකිරීම් සමබන්ධයෙන් මාධ්‍ය සාකච්ඡ කැඳවන්නෙක් පමණක්දැයි සාමාන්‍ය සමාජයේ මහජනයා තුල සැක සංකා මෝදු වෙමින් පවතින බවද අප වෙත වාර්තා වෙයි," යනුවෙන් මේ පිළිබඳ අමුතු විග්‍රහයක් සඳහන් වන්නේ විමල් වීරවංශ ඇමතිවරයා සමග සම්බන්ධ ලංකා සී නිව්ස් වෙබ් අඩවියයි.


මේ වනාහි, කැබිනට් සාමූහික වගකීමෙන් මිදී ජනප්‍රිය වන්නට දරන උත්සාහයකි. බඩු මිළ වැඩි වීම සම්බන්ධයෙන් වෙළඳ හා පාරිභෝගික ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට බනිමින් ආණ්ඩුව හා ජනාධිපති බේරීම වංචනික ක්‍රියාවකි. බඩු මිල අඩු කරන්නට උවමනා ඇමතින්ට බදු අඩු කරන්නැයි යෝජනාවක් ඇමති මණ්ඩලයට ගෙන ආ හැකි ය. බදු අඩු කළහොත් ගෑස් සිලින්ඩරයක මිළ රු. සිය ගණනකින් පහත හෙළිය හැකි ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා