හිස්තැන් පුරවා තෑගි දිනන්න | Fill in the blanks and win a prize

(2010 මැයි 20 - W3Lankaඅපේ පාඨකයන්ගේ ජනසන්නිවේදන දැනුම වැඩි දියුණු කිරීමේ අදහසින් අපි පහත අභ්‍යාසය පළ කරමු. එහි හිස්තැනට සුදුසු ම වචනය යොදා හිස්තැන් පුරවන්න. අධ්‍යාපන අරමුණක් උදෙසා දිනමිණ පුවත්පතෙන් උපුටා ගත් බව කරුණාවෙන් සලකන්න. නිවැරදි පිළිතුර සඳහා පුවත්පත් බලන්න. 


(යෝජිත වචන: සරත් ෆොන්සේකා, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ) 


ඡන්දය නැති බව දැන දැන මැතිවරණයට තරග කළා
.....................ගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න
හපුතලේ ඡන්ද දායකයකුගෙන් පෙත්සමක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාව අනුව ........................... මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුස්සෙකු නොවන හෙයින් ඔහුගේ මන්ත්‍රීධූරය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හපුතලේ, රත්මලේ ඉහළ කොටසේ පදිංචි ආනන්දන් මොහන්දාස් මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ පෙත්සමක් ගොනු කෙළේය.


2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා අවස්ථාවේදී .......................... මහතා ඡන්ද බලය හිමි අයෙකු නොවූ හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට ඔහු සුදුස්සෙකු නොවන බව පෙත්සම්කරු ප්‍රකාශ කරයි.


මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක, ..............................., .....................................යේ ප්‍රධාන ලේකම් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.


පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් ලෙසිනි. පෙත්සමේ මෙසේ සඳහන් වේ. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 18 (ආ) ප්‍රතිපාදනය අනුව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට සුදුස්සෙක් නොවන තැනැත්තෙක් මැතිවරණයේ අපේක්‍ෂකයෙක් ලෙස නාම යෝජනා ලැබීමට කැමැත්ත දක්වා සිටින අවස්ථාවක ඔහු වරදකරුවෙක් විය යුතු බව දක්වා ඇත.


එම මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයකු ලෙස නම ඇතුළත් කිරීමට .............................. මහතා කැමැත්ත පළ කිරීම නිසා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔහුගේ නම ඇතුළත් කර තිබේ. මැතිවරණයෙන් ......................................... මහතා තේරීපත්වූ බවට මැතිවරණ කොමසාරිස්වරයා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.


................................... මහතා ලියාපදිංචි ඡන්දදායකයෙකු නොවන බව දැන දැනම මැතිවරණ කොමසාරිස්වරයා සිය බලතල ඉක්මවා බලය අයුතු ලෙස භාවිතා කර පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා සකස් කළ 2010 මන්ත්‍රීධූරාපේක්‍ෂකයෙක් ලෙස සුදුසුකම් නොමැති ........................................ මහතාගේ නම ඇතුළත් නාම යෝජනා පත්‍රය භාර ගැනීමෙන් අපේක්‍ෂක ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කිරීමත්, තෝරා පත් කළ මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශ කිරීමත් සිදු කර තිබේ.


2010 මහ මැතිවරණයේ අපේක්‍ෂකයෙක් ලෙස ............................. මහතාගේ නම ඇතුළත් කිරීමට බලයෙන් පිට ක්‍රියා කර ඇති බැවින් 2010 අපේ‍්‍රල් 12 ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රය මගින් .............................. මහතා මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කර ගැනීමේ නීතිමය හැකියාවක් තමන්ට ඇති බව පෙත්සම්කරු සඳහන් කරයි.


වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් 2010 පෙබරවාරි 26 හෝ ඊට පෙර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්‍ෂක නාම යෝජනා භාර ගැනීමේදී ඊට නුසුදුස්සෙක් වන .........................මහතාගේ නම ඇතුළත්  .....................................යේ නාමයෝජනා භාර ගෙන අපේක්‍ෂක ලේඛනයට ඔහුගේ නම ඇතුළත් කිරීම සහ 2010/04/12 දා ඔහුගේ නම තෝරා පත් කර ගත් මන්ත්‍රීවරයෙකු ලෙස ඇතුළත් කිරීම අවලංගු කිරීමට සර්ටියෝරාරි රිට් ආඥාවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලයි. එසේම ............................. මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගැනීමට භාර ගැනීම අවලංගු කරන ලෙසද ඉල්ලමින් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර ඇත.


නිවැරදිව හිස්තැන් පිරවූ අයට මෙම සබඳතා පුරුකෙන් මහින්ද චින්තන නම් පැරණි සාහිත්‍ය කෘතියක් බාගත කර ගැනීමට පුළුවන. 

Comments

  1. අපිත් මෙ බැලුවෙ පුරවන්න තමයි හිස්තැන් ඒ උනාට ඔයාගෙ හිස් තැන
    පිරවෙන්නෙ නැනෙ අනික ඉතින් මෙ මහින්ද චින්තන කයන්නෙ සාහිත්‍ය කෘතියක් නෙමෙයිනෙ අනේ මන්ද
    අපිට පිස්සුද කියල

    අපි www.sriwow.info

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. "එම මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයකු ලෙස නම ඇතුළත් කිරීමට ......"

    මෙතන පක්ෂයේ නම කළු කරන්න අමතක වුණාවත්ද ?

    ReplyDelete
  4. Dinamina ta oya anith nam 2ka amathaka wela.podi mistake ekak.lakehouse ekenma anith pethsam 2ka gonu karanawalu...e unu mistake eka correct karanna.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා