ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි

(2010 මැයි 25, W3Lanka)  ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ පාසල්වල දෙවසරක් උගන්වා මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය සමග එක්ව ගෙන යයි. 

හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය කාලයේ ලංකාවේ හෙදියන් දහස් ගණනකට විදේශ රටවල රැකියා අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. එහෙත්, පෞද්ගලික ක්‍රමවලින් විදේශ රැකියා සොයා ගත් අය හැර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හෙද රැකියා ලබා ගත් කිසිවෙකු පිළිබඳ අපි නොදනිමු. රට රස්සා හීනයෙන් පිබිදුණු හෙදියන්ට ඉංග්‍රීසි පාඨමාලා පවත්වා මුදල් ගරා ගැනීමේ ජාවාරමක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් දියත් විය. 

කොරියාවේ ඉංග්‍රීසි ගුරු රැකියා ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොරියානු භාෂා පංති බඩගාමින් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටු කර ගනු නිසැක ය. 

අනෙක් පැත්තෙන් කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කරන්නට සිටින ලංකාවේ දියුණු ම පළාත වන බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රීසි ගුරු හිඟය 50කට අධික ය. ගුරු හිඟය නිසා එක ගුරුවරයා පාසල් දෙක, තුනක උගන්වයි.

ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු 22,000ක් සිටිනමුත් දුෂ්කර පළාත්වල අධික ඉංග්‍රීසි ගුරු හිඟයක් ඇත. ඇතැම් දුෂ්කර පාසල්වල සිසුන්ට ඉංග්‍රීසි ගුරුවරයකු බෙහෙතකටවත් සොයා ගන්නට නැත.

ඒ කරුණ පැත්තක තිබ්බත්, ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් කොරියාවට ගෙන්වා ගැනීමට ඒ රටට හොඳ පිස්සුවක් තිබිය යුතු ය. මන්ද, ලංකාව වනාහි තුනේ පංතියේ සිට දහ තුනේ පංතිය දක්වා වසර දහයක් ඉංග්‍රීසි උගන්වාත් ඉංග්‍රීසි හරි හැටි කතා කරන්නට, කියවන්නට, ලියන්නට නොදත් අය 90%කට වඩා වන සිසු පරපුරක් පාසලෙන් පිට කරන රටකි. ඉංග්‍රීසි නොදන්නාකම නිසා රස්සාවක් සොයා ගන්නට බැරි උපාධිධාරීන් දස දහසක් පමණ වසරකට විශ්ව විද්‍යාලවලින් පිට කරන රටකි.


මේ රටේ 2008 වර්ෂයේ සා.පෙ. 69% ක් ඉංග්‍රීසි අසමත් වූහ. ඒ අනුව එම වර්ෂයේ ඉංග්‍රීසි සමත් ප්‍රතිශතය 31% කි.


ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි.  


අප දේශප්‍රේමීන් වන බැවින් අපි මෙම සටහන ඉංග්‍රීසියෙන් නොලියන්නෙමු. කාව රවට්ටා හෝ ලංකාවේ අය පනම් හතරක් සොයා ගන්තොත් අපටත් හොඳ ය. 

Comments

  1. "මේ රටේ 2008 වර්ෂයේ සා.පෙ. 69% ක් ඉංග්‍රීසි අසමත් වූහ. ඒ අනුව එම වර්ෂයේ ඉංග්‍රීසි සමත් ප්‍රතිශතය 21% කි."

    It seesm that you failed Maths. Before pointing fingers at others clean your own act!

    ReplyDelete
  2. වැරැද්ද නිවැරදි කරන ලදී. වාසනාවට කොරියාව ලංකාවෙන් ගණිත ගුරුවරුන් ගෙන්වා ගන්නට යන්නේ නැත.

    ReplyDelete
  3. I am making this note as an English teacher who had worked abroad for 15 years.There was a very high demand for Sri Lankan English teachers in countries like Nigeria,Oman,Maldives,Malasia and many other countries in the 1970s and 1980s because we produced quality teachers from colleges like Maharagama,Peradeniya and Palalay.These were specialist Teachers Colleges.Unfortunately today these famous colleges have been stripped off their superior courses and the quality of teachers as well as teaching has deteriorated.Due to this reason many countries do not recruite English Teachers from Sri Lanka now and have opted to,India,Jordan,Tunisia,and some to native speakers.As far as I know countries like Korea,Japan,Malaysia,China has a great demand for English Teachers,but unfortunately they all want native speakers.If Sri Lanka can exploit this market its fine,but I have my doubts.

    ReplyDelete
  4. පසුගිය දශක ‍ගණනාවක සිට ලංකාවේ ගුරු අධ්‍යාපනය අන්තයට ම පිරිහුණා. මෙය විශේෂයෙන් ම ඉංග්‍රීසි ගුරු අධ්‍යාපනයට බලපෑවා. මහරගම, පේරාදෙනිය හා පලාලි යන ගුරු විද්‍යාලවල තත්වය දැන් අන්තිමයි.

    පසුගිය කාලයේ ගුරු අධ්‍යපනඥ සේවයට බඳවා ගැනීම් කළේත් ඉතා ම අවිධිමත් අන්දමින් දේශපාලන හිතවත්කම් මතයි.

    ලංකාවේ ඉංග්‍රීසි ගුරු අධ්‍යාපනයේ තත්වය පිළිබඳ විමසා බලන්න අවශ්‍ය නම් සුනිමල් ප්‍රනාන්දු නමැති අයෙකුගේ මෙහෙයවීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන English as a Life Skill නම් වැඩසටහනේ ගුරු මාර්ගෝපදේශ පොතේ පෙරවදන බලන්න.

    ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ වර්තමාන තත්වය අනුව අනේ පව් කොරියාව!

    ReplyDelete
  5. How about evaluation of teachers partially based on the students performance in the exams ? If you take a sample of university undergraduate overwhelming majority of them is a child of a teacher. It seems that teachers are minding their own matters other than teaching.

    ReplyDelete
  6. English teachers are of shortage, much worse in outstations. The english teachers of these schools, does not that in schools, but do tuitions for the students in their own class. qulaity of teaching is very poor. If the Korea wants english teachers let them take these inadequate teachers, at least the students will benefit. ( agree with voter. Maldives which took our tachers, not only english but other subjects, are now recruiting tachers from India. Again not only teachers, but nurses, semi skilled workers etc.)
    Minister Bandula is trying to pull another string.

    ReplyDelete
  7. @voter
    Mistakes in your comment.

    The fullstop must be followed by a space.
    Nigeria,Oman > Nigeria, Oman
    Malasia > Malaysia
    Lack of commas in compound sentences.
    Stripped off > of
    Recruite > recruit
    Pull string. What?

    I otherwise agree with what you've said. Unlike you however, there are thousands of urban Sri Lankans from international schools who can speak perfect English. I'm sure it wouldn't be difficult for them to work in these Asian countries.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා