ධනවාදය කියන්නෙ සූත්‍රයක් මිස අයිඩියොලොජිකල් සුරුවමක් නෙමෙයි - රාමචන්ද්‍ර | Capitalism is not an ideological idol - Ramachandra

(2010 මැයි 01 - W3Lanka) ලංකාව වැනි පරිධියේ රටවල තිබෙන ධනවාදයත් අමෙරිකාව ජපානය වැනි රටවල තියෙන ධනවාදයත් එකක්ද?දෙකක්ද?


"ධනවාදීන්" අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා.


ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකකයක් වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි.


(ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එක්ක වාද කිරීමත් තෙරුමක් නැති දෙයක්.ඒ ප්‍රකාශයෙන්ම ඔහුට විෂය ගැන තියන දැනුම පේන හින්ද)


අමෙරිකාවේ නිෂ්පාදනය මූලික කරගත්ත දියුනු ධනවාදයකුත් අපේ රටවල නොදියුණ ධනවාදයකුත් තියෙන්නේ ඇයි? කමෙන්ට්ස් දාන "ධනවාදීන්" ඇනගන්න අනිත් තැන ඔතන. ඒ අය "අධිරාජ්‍යවාදය" කියන ක්‍රියාවලිය ගැන දන්නෙ නැහැ නැත්තං අහල නැහැ.අද තියෙන්නෙ ඇඩම් ස්මිත් කතාකරපු පූර්ණ තරග ධනවාදය නෙමෙයි. අද තියෙන්නෙ අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වුන ධනවාදයක්.මේක ලෝක සිස්ටම් එකක්.කේන්ද්‍රයේ රටවල් පරිධියේ රටවල අමුද්‍රව්‍ය භාවිතා කරගෙන සමෘද්ධිමත් ජීවිත ගතකරනවා.පරිධියේ රටවල ජොබ් එක තමයි කේන්ද්‍රයට අමුද්‍රව්‍ය සපයමින් වානිජ ගනුදෙනු දෙක තුනක් කරගෙන ඉන්න එක.මේ තමයි අධිරාජ්‍යවාදී පද්ධතියක ස්වභාවය.අමෙරිකාවේ ධනවාදය "දියුනු" වෙන්නෙත් අපෙ ධනවාදය "කබල්" වෙන්නෙත් මේ අධිපතිවාදී සම්බන්ධතාවය නිසා.


මිනිස් වර්ගයා දියුනු වුනේ ධනවාදය නිසාද?


ධනවාදය එක්තරා යුගයක මානව ප්‍රජාවේ ඉදිරිගනට විශාල තල්ලුවක් දුන්නා.වැඩවසම් සබදතා බිදල අලුත් ඉසවුවක් මානව සංහතියට විවර කලා.


ඒත් ඒ ඓතිහාසික කාර්ය භාරයේ සීමාවන් තියෙනවා.


ධනවාදය තමන්ගේ තරුන යුගයේ ඇතිකරපු දියුනුවක් වගේම එහි වයෝවෘද්ධ අවධිය වන මේ යුගයේ ඇතිකරපු මහා විනාශයන් ගැනත් කතා කළොත් තමයි කතන්දරය සම්පූර්ණ වෙන්නෙ.


උදාහරණයක් විදිහට ලෝක ධනවාදය ඇතුලේ ලෝකයේ සම්පත් බෙදිල ගිහින් තියන විදිහ කතා කරමු.ලෝක ධනවාදය තුල අප්‍රිකානු රටවල සම්පත් සූරගෙන කමින් අප්‍රිකානු ජනතාව දිළින්දන් බවටත් අමෙරිකානු සමාගම් ඉසුරුමතුන් බවට පත් වුන ආකාරයත් ගැන කතා කරමු. මහා සමාගම් අතර සම්පත් බෙදාගන්න යුද්ධ,ආණඩු පෙරලීම්,කුමන්ත්‍රන අටවපු හැටි ගැන, චිලිවල ඉන්දුනිසියාවල යුගොස්ලොවියාවල උදාහරණ එක්ක කතාකරමු. පරිධියේ රටවල ශ්‍රමිකයන්ගේ ශ්‍රමය මහා සමාගම් විසින් තුට්ටු දෙකට සූරාකමින් සමෘද්ධිය ස්වකීය රටවල ගොඩ ගසාගන්නා හැටි ගැන කතාකරමු.ලෝක ධනවාදය ගැන ධනවාදයේම ඇඩ්වොකේට්ස්ලා වුන ජෝන් පර්කින්ස්ලා අද කරන "පාපොච්චාරණ" ගැන කතාකරමු.ධනවාදය විසින් ලොක්යේ සම්පත් වලින් සියයට පනහකට ආසන්න ප්‍රතිශථය ලෝක ජනගණනයෙන් සියයට විස්සක් අත රඳවමින් දිලිඳු ම සියයට දහයට සියයට එකක් පමණක් ඉතිරි කරල තියෙන හැටි ගැන කතා කරමු.මේ "ජයග්‍රහණ" ගැනත් සදහන් කළොත් ධනවාදය ගැන ඔබේ විස්තරය සම්පූර්ණ වේවි.


"අපේ රටේ නොහැකියාවට හේතුවක්" ලෙස විවෘත ආර්ථිකය දකින ඔබ විවෘත ආර්ථිකය යනු ධනවාදයේ අනිවාර්ය තාර්කික ස්වරූපයකි කියන එක ගැන වත් දන්නෙ නැති වීම ගැන මොනව කරන්නද? විවෘත ආර්ථිකය ධනවාදය නෙමෙයි නම් සමාජවාදයද?විවෘත ආර්ථිකය තමයි ධනවාදයේ (නිදහස් ප්‍රාග්ධන සංසරණය ධනවාදයේ මූලික තර්කයයි) උපරිම ප්‍රකාශනය. ඒ ගැනවත් නොදැන තමන්ගේ "දැනුම " පෙන්නන්න යාම ගැන අනුකම්පා කරනව හැර කරන්න දෙයක් නැහැ. තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්.වෙලාවක් ලැබුණොත් ලියන්නම්.එක දෙයක් විතරක් කෙටියෙන් කියන්නම්.


ධනවාදය කියන්නෙ සූත්‍රයක් මිස අයිඩියොලොජිකල් සුරුවමක් නෙමෙයි.ඒක මහ පොලොවෙ පණ ගැහෙන යථාර්ථමය ක්‍රියාදාමයක්.ඔලුවෙ ධනවාදය ගැන සුරංගනා කතා මැවිල තිබුනට අපිට කරන්න දෙයක් නැහැ.මහ පොළොවේ දේශපාලනය මිස මධ්‍යම පංතික සිහිනකාරයන්ගේ සෝබන ෆැන්ටසීන් වල ප්‍රායෝගික අගයකුත් නැහැ.

Comments

  1. බුද්ධිමය කොරාට තනිව සටන් කළ නොහැකි නිසා අන්ධයාගෙන්ද උදව් ගැනීමට කල්පනා කොට ඇත. එහෙත් මොවුන් දෙදෙනාට එයින්ද ඵලක් නැත්තේ කොරා නැඟ සිටින්නේ අන්ධයාගේ කරෙහි නොව අන්ධයා නැඟ සිටින්නේ කොරාගේ කරෙහි නිසාය.

    උදේ සවස පින්තූරයට හඳුන්කූරු අල්ලමින්, සරත් ෆොන්සේකාගේ 'ජයග්‍රහණය' ගැන අනාවැකි පළ කළ පුද්ගලයන්ගේ "ප්‍රායෝගික දේශපාලන දැනුම" කිසිවකුටත් රහසක් නොවන නිසා එබඳු අඳ බාලයින්ට උත්තර දීමට කාලය වැය නොකරමි.

    ReplyDelete
  2. උදේ සවස පින්තූරයට හඳුන්කූරු අල්ලමින්, සරත් ෆොන්සේකාගේ 'ජයග්‍රහණය' ගැන අනාවැකි පළ කිරීමක් හෝ නොකිරීමක් W3Lanka විසින් කර නැත.

    අප ඔහු පිළිබඳව වාර්තා කළේ සරත් ෆොන්සේකා ගෝත්‍රිකව කියවන්නට සිදු වූ ටැබූට තරමට ම අපට ද ඔහු යථාර්ඝයක් වූ නිසා ය.

    සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පිටුපස වෙනසක් පිළිබඳ ජනතා අපේක්ෂා තිබුණ බව නොපෙනෙන්නේ හොරට නිදා සිටිනවුන්ට පමණි.

    අප කරන්නේ දේශපාලනයකි. පෙරහැර බැලීමක් නොවේ. ඔව්, අපි ඕනැ වුණොත් පෙරහැරේ නටන්නෙමු.

    මේ එකක්වත් ලංකාවේ තිබෙන්නේ ධනවාදයක් ද නැද්ද යන අප අතර මතු වූ සංවාදයට අදාළ නොවේ.

    හා දඩයමේ යනවා නම් හාවාට ම විදින්න. කැළේට ගිනි තැබීමෙන් ඔබේ අරමුණ ඉටු නොවේ.

    ReplyDelete
  3. අනුන්ගේ තොප්පි දා ගන්නට ඕනෑකමක් නැත. මගේ කමෙන්ටුවේ දෙවන ඡේදය ඔබ ගැන නොවේ. ඔබට වඩා මනෝරාජිකයෝ බ්ලොග් අවකාශයෙහි වෙති.

    රාජපක්ෂ II අනුයන්නේ ධනවාදයක්ද නැද්ද යන්න ගැන විවාද කොට කාලය නාස්ති කර ගැනීමට මට අවශ්‍ය නැත. තව වසර තුනකින් මෙපිට එය කාටත් පැහැදිළි වනු ඇත. අපේ රට ඇමෙරිකාව හෝ සිංගප්පූරුව දෙසට ගමන්ගන්නේ නම් එහි ක්‍රියාත්මක වන්නේ ධනවාදයකි. බුරුමය හෝ සෝමාලියාව දෙසට ගමන් ගන්නේ නම් (ඔබට තේරුම් ගත නොහැකි) වෙන මොකක් හෝ ඉලව්වකි. අපි බලා සිටිමු.

    ReplyDelete
  4. @ editor
    ඉහත කමෙන්ටුවේ අප අතින් "සූත්‍රයක්" යන්න යෙදී තිබෙන්නේ අතපසු වීමකිනි.නියම වචනය ක්‍රියාවලියක් ලෙස වෙනස් විය යුතුයි.

    @ ටැබූ සබ්ජෙක්ට්ස්
    මාතෘකාවක් ගැන විෂය මූලිකව කතාකරන්නෙ නැතිව පුද්ගලයන්ගේ පැටිකිරිය ගැන කතා කරන එක මොන්ටිසෝරි වැඩක් නේද?මොන්ටිසෝරි වැඩ කරන අයට ගැලපෙන්නෙ මොන්ටිසෝරි භාෂාව හින්ද උදාහරන කිහිපයක් දක්වන්නම්.
    සරත් ෆොන්සේකාගේ ජයක් ගැන අපි කිසිම විටක "අනාවැකි" කිව්වෙ නැහැ.නමුත් රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ ජය වෙනුවෙන් ලියුව.පෙනී හිටිය.
    ඒත් ඒ මාතෘකාවම ගැන ඔබේ අනාවැකි ගැන ටිකක් කතා කරමුද?

    1.ෆොන්සේකා කිසිසේත්ම ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවෙන බවත් එය "රාමචන්ද්‍රලාගේ" සිහිනයක් බවත් අපගේ ලිපියකට ප්‍රතිචාර දක්වමින් පන්ඩිතමානීව ඔබ මුලින් පැවසුවා.ඒ අනාවැකියට මොකද වුනේ?

    2.ෆොන්සේකා ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ තැන හේ හමුදා ආඥාදායකත්වයකට පාර කපන බව කියමින් ඒකාධිපතිවාදය වෙනුවට හමුදා ආඥාදායකත්වයක සරන යමුද වැනි මාතෘකාවකින් හිට්ලර්ගේ සේයාරුවක් සමග ඔබ ඉන්පසු ලිපියක් ලිව්වා.

    3.ජනාධිපතිවරනයේ අවසන් අදියරේදී ෆොන්සේකා 49%ක් හෝ 50 % ක් ගන්නා බවටත් ( ඉතාම සුලු ප්‍රතිශතයකින් පරදින බවටත් ) ඔබ වීරෝදාර ලෙස අනාවැකි පලකලා.අනාවැකි පලකලේ කවුද දන්නෙ නැහැ.නේද?

    4."ගනදුරු මැදියම දකිනෙමි අරුනලු" කියල අන්තිමට ලිපියක් ලියමින් ෆොන්සේකාගේ ව්‍යාපාරය ඒකාධිපතිත්වයේ ගනදුර මැද දකින අරුනැල්ලක් ලෙස ඔබ අවසානයේ හදුන්වා දුන්නා!
    මාසයකට පෙර "හිට්ලර්ගේ භීෂනයට" ඔබම සමාන කල ව්‍යාපෘතිය අන්තිමේදි "ගනදුර නසන අරුනැල්ල" ලෙස ඔබටම පෙනෙන්න පටන් ගත්තා."අදබාලත්වය" හා "පරිනතකම" ගැන ලේබල් දැන් අපි ගහන්න ඕනෙ කොහෙටද?

    5.ජනාධිපතිවරනයේ අවසන් මොහොතේදී ෆොන්සේකාගේ පාර්ශවය වෙත යම් සහනශීලි ප්‍රතිපත්තියක් දැක්වූ ඔබ හේ පරාද වූ සැනින් "දත මැද ගනින් රාලේ" වැනි මාතෘකාවකින් ලිපියක් ලියමින් ඉතාම නිවට ලෙස "මම වික්‍රමබාහුට චන්දය දුන්න හොද ලමයෙක්" යැයි ඇග බේරා ගැනීමේ ලිපියක් පලකරනු ලැබුවා.පරාජයකින් පසු තමන් යම් ස්ථාවරයක් දැරූ බව කීමටවත් පෞරුෂයක් නැතිවීම අතිශය "බුද්ධිමත්" ප්‍රවේශයක් නේද?කෙසේ වුවද එය අප වන් අදබාලයන්හට නම් ගෝචර නැත.

    අවසන් වශයෙන් - අපි "දෙවිවරු" නොවන නිසා අපට වරදී.පෙරද වැරදි තිබේ.වැරදි පෙන්වා දෙනු ලැබුවහොත් හදා ගැනීමට අප මැලි වන්නේද නැත.සර්ව සම්පූර්න ප්‍රාඥයයන් යැයි හිතාගෙන අනුනට අදබාලයන් හෝ මෝඩයන් යැයි ගරහන නැනකට අප නොයන්නේ while you point the finger some one else is judging you යන්න ලේඛන මූලධර්මයක් ලෙස අප පිලිගන්නා නිසාවෙනි.ප්‍රශ්නය රාජපක්ෂ රෙජිමය ධනවාදයක්ද යන්නයි.ඔබ එය එසේ නොවන බව කියා ඇත.සංවාදය හැදෙන්න ඕනෙ ඒ කරුන මතයි.නමුත් කනගාටුවකට වගේ ඔබේ පිලිතුර ධනවාදය ගැන නොව බුද්ධිමය කොරුන් හා අන්ධයන් ගැනයි.
    සැබෑ අන්ධයා කවුද?
    පාඨකයෝ නැන පමනින් තීරනය කරත්වා!

    ReplyDelete
  5. @Ramachandra,

    වික්ටර් අයිවන් සමඟ ඇති වෛරයට සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් මත ඔහුගේ දියණියට පවා පෞද්ගලිකව මඩ ගැසූ පුද්ගලයකු දැන් බ්ලොග් සදාචාරය ගැන කතා කිරීම විහිළුවක්.

    මුලින්ම ඔබ විසින් ඉහත 1-5 දක්වා විකෘති කර ඇති කාරණා මහත්මයකු වගේ නිවැරදි කරන්න. නැතිනම් ඕවා නිවැරදි කර කර ඒවාට ප්‍රතිචාරයක් දක්වන්න මට වෙලාවක් නැහැ, මගේ කාලය ඔබේ කාලයට වඩා වැදගත් නිසා. ඒ නිවැරදි කිරීමෙන් පසුව කතා කරමු අවශ්‍ය නම්. නැතිනම් මම සාමාන්‍යයෙන් එලොවටත් මෙලොවටත් නැති වාද වලට පැටලෙන සිරිතක් නැහැ. බල්ලන්ට ඔහේ බුරන්න දීල බලා ඉන්නවා. එක වර්ගවාදී බල්ලෙක් නම් මට බුරල බුරල ඇතිවෙලා අන්තිමට "විභාගයක් තියෙනව" කියල මාරුවුනා.

    මා ලියන්නෙ මගේ පාඨකයින්ට මිස විචාරකයින්ට නෙවෙයි. ඒ නිසා ඔය විචාර මට වැදගත් නැහැ.

    ReplyDelete
  6. @ ටැබූ සබ්ජෙක්ට්ස්
    කාරනා පහෙන් නිවැරදි කිරීමට කිසිදු කාරනාවක් නැත.වරදක් තිබේ නම් ඔප්පු කිරීම ඔබගේ සාධන භාරයයි.මේ වරින් වර ඔබම කියූ කාරනා කිහිපයක "හරයයි".
    ( සංඛ්‍යාවල හෝ මතුපිට දත්තවල යම් යම් වෙනස්කම් තිබිය හැක.ඔබ වරින් වර කියනා පරස්පර විරෝධී දේවල් ඒ විදිහටම කට පාඩම් කරගන්න තරම් අපට අමාරුවක් නැත)
    ඇත්තටම මේවා ලියන්නට අපට අවශ්‍යතාවයක් නොවීය.මන්ද මේවා ලියුවා කියා කියවන්නාට ලැබෙන ප්‍රතිලාභයක් නැති නිසාය.නමුත් අනුන්ගේ පුද්ගලික "වාර්තා" හා "අනාවැකි" ඇදගෙන මාතෘකාව ( ධනවාදය ) මග හැර යමින් වට වංගුවේ යාම ඔබ ආරම්භ කල නිසා ඔබේ අනාවැකි හා පරිනතකම ගැන නොවැලැක්විය හැකි ලෙස ප්‍රශ්න කිරීමට සිදුවිය.විවේචනයට විවෘත වෙන්න.තමන් කිසිවිටෙක නොවරදින අසම සම ප්‍රාඥයාය යන අධිමානය අනෙත් අයට කෙසේ වුවද අපට නම් හොද විහිලුවකි.

    ReplyDelete
  7. well said W3Lanka..... i agree to you....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා