අන්‍යාගම්කරණ විරෝධය හා සමාගම් ලාභය | Anti-conversion politics and profits of Sri Lanka's companies

(2010 මැයි 07 - W3Lankaනූතන ධනවාදය ඉදිරියට යන්නේ තමන්ට අවශ්‍ය අවස්ථාවලදී පසුගාමී සමාජ ලක්ෂණ සමග මුසු වෙමින් හා අවශ්‍ය නැති විට ජාතික, ආගමික ආදී සමාජ අනන්‍යතා ලක්ෂණ පොඩි පට්ටම් කරගෙනයි. 


පසුගිය සමයේ ජාතික හෙළ උරුමයේ භික්ෂු දේශපාලකයන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වුණේ ඔවුන් අන්‍යාගම් යයි හඳුන්වන ඕල්කට් බුද්ධාගම (බුදුන්ගේ දහම නොවේ) හැර අන් ආගම්වලට මිනිසුන් හැරවීම වැළැක්වීම සඳහා නීති පැනවීමේ අවශ්‍යතාවයි. 


මුටසීව රජ්ජුරුවන් ආගම් මාරු කිරීම තහනම් කරන නීති පනවා තිබුණේ නම් මිහිදු හිමියන්ට සිදු වන්නට ඉඩ තිබුණේ මුව දඩයමේ ගිය තිස්ස රජුගෙන් හී පහර කන්නටයි. 


හෙළ උරුම භික්ෂු දේශපාලකයන්ගේ මෙම යෝජනාව ප්‍රායෝගික නොවන හා ආගමික ස්වෝත්තමවාදය අතින් අන්තවාදී යෝජනාවක් වූ බැවින් පාලකයෝ එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ නැත. 


මිනිසුන් සම්ප්‍රදායික ආගම්වලින් ඈත් වන්නට පටන් ගත්තේ ආගම් ඒවා විසින් කළ යුතු සමාජ කාර්යභාරයෙන් විතැන් වීම හේගුවෙනි. මෑතක සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන් සිය ධනය දායකයන් අතරට ද ගලා යන ක්‍රම සැකසීම හේතුවෙන් ඒවා ජනප්‍රිය වන්නට පටන් ගෙන තිබේ. 


ඕල්කට් බෞද්ධ කණ්ඩායම් විසින් බුදුන්ගේ බුදු දහම වෙනුවට ඊනියා හාස්කම් ප්‍රචලිත කිරී‍ම ද හාස්කම් මත පදනම් වූ මෙම ඉවැන්ජලික නිකායන් ප්‍රචලිත කිරීමට ඉවහල් විය. 


මේවායේ ව්‍යාප්තිය නිසා තර්ජනයට ලක් වූ රෝමානු කතෝලිකාදී සම්ප්‍රදායික ක්‍රිස්තියානි නිකායන් ද, හින්දු හා ඉස්ලාම් ප්‍රධාන ධාරා ද හෙළ උරුමයට අනියමින් සහාය දැක්වූහ. 


හෙළ උරුමයට අනුග්‍රහය දැක්වූ තවත් ප්‍රධාන ජනමාධ්‍යයක් වූයේ ලේක්හවුස් දිනමිණ පත්තරයයි. එහෙත් ඊයේ දිනමිණේ සම්පූර්ණ පිටුවක Slave ඉවැනජලිස්ත සේවය නම් සංවිධානයක දැන්වීමක් පළ කර තිබේ. රසවත් බයිබල් කතා කීපයක් මෙම පිටුවෙහි නැවත ලියා ඇති අතර මෙම කතා අඩංගු පොත ගෙන්වා ගන්නැයි ලිපිනයක් ද සදහන් කර තිබේ. 


ලේක්හවුස් යනු රජයේ ව්‍යාපාරයකි. මිනිසුන්ගේ ඔලු කුරුවල් කිරීම කරගෙන යාම සඳහා හා මෙම සමාගමට දේශපාලකයන් විසින් පුරවා තිබෙන නිකම් සිට පඩි කන බැලයන් නඩත්තු කිරීම සඳහා මෙම ආයතනයට මුදල් අවශ්‍ය ය. 


මුදල් ලැබෙන්නේ ඉවැන්ජලික ආගම් ප්‍රචාරය හා අදාළ දැන්වීමෙන් ද නැතිනම් ඕල්කට් බුද්ධාගමේ වෙසක් කූඩු තරගයක් පිළිබඳ දැන්වීමෙන් ද යන්න සමාගමට අදාළ නැත. 


මෙම දැන්වීම ඊයේ වෙනත් ජාතික පුවත්පත්වල ද පළ වී තිබෙනු දක්නට ලැබිණි. මේ බොහොමයක් පුවත්පත් පසුගිය සමයේ හෙළ උරුමයේ අන්‍යාගම්වලට හැරවීමට විරුද්ධ සටන් පාඨයට පක්ෂව කටයුතු කළ ඒවා ය. දැන්වීම් ආදායම් සඳහා මේවා අදාළ නැත. 


අප මෙම සටහන තබන්නේ කිසිදු ආගමකට හෝ නිකායකට හෝ අපේ ඇති පක්ෂපාතිත්වයක් හෝ විරුද්ධත්වයක් නිසා නොව ලාභය මත පදනම් වූ ධනවාදය තුළ ජාතික හා ආගමික ස්වෝත්තමවාදී කණ්ඩායම්වල තැන පෙන්වා දීමටයි. 


මන්ත්‍රී හාමුදුරුවනේ ඔන්න ඔතැනයි තැන!

Comments

  1. මේවැනි කාරණා නිසා තමයි අපි මෙ ව්‍යාපාරය පටන් ගත්තේ.
    http://www.secularsrilanka.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා