විමල් බනින්න සුසිල් තෝරා ගනියි | Wimal Weerawansa finds a scapegoat to pass the blame

(2010 අප්‍රේල් 22 - W3Lanka ) ජනාධිපතිතුමා හොඳ ය. නරක එතුමා වටේ සිටින අයයි. එහෙත්, වටේ සිටින රාජපක්ෂ පවුලේ අයත් හොඳ ය. නරක රාජපක්ෂ පවුලේ අය නොවන වටේ සිටින සෙසු අයයි. 

මේ අය කරන නරක ජනාධිපතිතුමා දන්නේ නැත. දන්නවා නම් එවැනි දේ කරන්නට දෙන්නේ නැත. එතුමා සමග කතා කළ විට ප්‍රශ්න ඉබේ ම බේරුම් වේ. එතුමා සමග කතා කළ විට ප්‍රශ්න බේරුම් නොවුණත් කම් නැතැයි සිතේ. වටේ ඉන්න රාජපක්ෂලා නොවන අනෙක් හෙංචයියෝ කිච වෙති. එය ම මදැයි! 

මුසම්මිල්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් නොදීම ගැන විමල් වීරවංශ පෙරමුණේ නායක විමල් වීරවංශ බනින්නට කෙනෙකු සොයාගෙන තිබේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, අනේ පව්, සුසිල් ප්‍රේමජයන්තයි. මේ ඔක්කොට ම වැරදිකාරයා සුසිල් ප්‍රේමජයන්තයි.


‘‘මහ මැතිවරණයට පෙර ජාතික ලැයිස්තුවට ජාතික නිදහස් පෙරමුණේ දෙදෙනෙකු ඇතුළත් කළා. ඒ දෙන්නටම මන්ත‍්‍රීකම් දෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය එකග වුණා. කලින් කිව්ව නම් අපට දෙන්න පුළුවන් එකයි කියල එහෙනම් අපි ලැයිස්තුවට එක් අයෙක් දාල අනිත් කෙනා තරගයට දානවා. පහුගිය විසි වෙනිදා රෑ බැසිල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම මහත්වරුන් එක්ක අපේ පක්‍ෂයේ වීරකුමාර දිසානායක, අචල ජාගොඩ යන සහෝදරයන් වෙනත් කරුණක් ගැන සාකච්ඡවක් කළා. ඒකෙදි තමයි පළමුවෙනි වතාවට දැනුම් දුන්නේ ජාතික නිදහස් පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් දෙන්න පුළුවන් එක මන්ත‍්‍රී ධුරයයි කියල. අපේ අය මේකට විරුද්ධ වුණා. පහුවෙනිදාම මම සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහත්මයට කිව්වා අපිට මන්ත‍්‍රී ධුර දෙකම ඕන. නැත්නම් දෙකම එපා කියල."


"පස්සෙ බැසිල් රාජපක්‍ෂ මහත්මය කිව්ව මේක ජනාධිපතිතුමා එක්ක කතා කරන්නං කියල ඒත් ඒක වුණේ නෑ. අන්තිමට සුසිල් තීරණය කරල එක නමක් දැම්මා. සුසිල් පේ‍්‍රමජයන්ත සන්ධානෙ මහලේකම් වුණාට ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නෙවෙයි. ඔහු හිතං ඉන්නව නම් අනෙක් පක්‍ෂවල තීරණ ගන්න ඔහුට පුළුවන් කියල එහෙමනං ඒක මේ ජනවරමින් ඔළුව උදුම්මවා ගැනීමක්. මේ නින්දිත කි‍්‍රයාව අපි පිළිගන්නෙ නෑ. මේක වෙනස් විය යුතු සම්ප‍්‍රදායක්. හෙට අපි දේශපාලනයෙන් එළියට වැටුණත් අපි හරියට දේශපාලනය කරනවා."


අන්තිමට බලන විට ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් තෝරා ඇත්තේ සුසිල් ය. කැබිනට් මණ්ඩලය තේරුවේ ද සුසිල් යයි හෙට ආරංචි වනු ඇත. අම්මපා මේ සුසිල් නම් හෙමිජ්ජා වගේ හිටියට බැසිල්ටත් වඩා ලොකු පොරකි. 

Comments

  1. ලැබූ බලයෙන් හිස උදුම්මාගෙන සිටින්නේ සුසිල්ද මෙයාද? සංධානෙ එල්ලුණේ නැත්නම් ඇපත් නැතිවෙන ජාතික නිදහස් පෙරමුණ..හික් හික්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා