උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනුවේ කවුරුද? | Who won elections in north and east

(2010 අප්‍රේල් 12 - W3Lankaයාපනයේ වලංගු ඡන්ද 721,359කින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 148,503ක් පමණි. 

21%ක් පමණ වන මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයටත් වඩා අඩු ය. මෙය විශේෂයක් වන්නේ යාපනය 1995 සිට ම හමුදා පාලනය යටතේ පවතින 'නිදහසේ' කේන්ද්‍රස්ථානය නිසා ය. 

ඡන්දය දුන් දෙමළ ජනයා ද දෙමළ ජාතික සන්ධානයට හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හට ඉතා හොද ප්‍රතිචාරයක් දක්වා නැත. එම පක්ෂය මෙම මැතිවරණය සඳහා ෆෙඩරල් මූලධර්ම මත පිහිටි බලය බෙදීමක් පිළිබඳ කියැවෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. 

දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී ගිය වඩා ජාතිකවාදී ප්‍රවණතාවක් වන, කොටි සංවිධානයට වඩාත් සමීපව සිටි කුමාර් පොන්නම්බලම්, කේ. ගජේන්ද්‍රන් හා පද්මිනී සිදම්බරනාදන් යන හිටපු මන්ත්‍රීන් නියෝජනය කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ලැබුණේ 5%ටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. ඔවුන්ගෙන් කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත. 

ආනන්ද සංගරී නායකත්වය දෙන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද, මඩකලපු දිස්ත්‍රික්කයට වෙනම තරග කළ පිල්ලෛයන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්.වී.පී. පක්ෂය ද වන්නියට වෙනම තරග කළ ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂය ද ප්‍රතික්ෂේප විය. 

ප්ලොට් හා ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායම්වල ද තත්වය එයයි. 

යාපනයට තරග කළ ජනතා විමුක්ති‍ පෙරමු‍ණ සම්බන්ධ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ලැබී ඇත්තේ ඡන්ද 201ක් පමණි. 

මුළු බලය ම යෙදූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද යාපනය හා මඩකලපු දිස්ත්‍රික් දෙකෙන් පරාජය විය. 

දෙමළ ජනයා අතර ඡන්දයෙන් දිනූ අයකු ඇත්තේ ම නැත. 

මේ වනාහි ලංකාවේ දෙමළ දේශපාලනයේ ගුප්ත සමයකි. ඇත්තේ දැඩි නිහැඪියාවකි. මේ නිහැඬියාව මහා කුණාටුවකට පෙර මුහුදේ දක්නට ලැබෙන නිශ්චලත්වය වැන්නක්ද? 

Comments

  1. Some points are valid. But 700,000+ voters in Jaffna is an exaggerated lie based on much earlier consensus. New consensus will reveal that actual number is much lower

    ReplyDelete
  2. Agree with tharu. Without knowing the exact population it is a futile exercise to comment on how much have voted.

    ReplyDelete
  3. The real reason is that not even half the eligible voters still live in the North. They must have a census there soon and the number of parliament seats allocated to that area must be reduced. It's ridiculous how the Tamil parties can get less votes than the JVP and still have twice the MPs.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා