හොඳම ඡන්දදායකයෝ කුමන දිස්ත්‍රික්කයේ අයද? | Who are the best voters of Sri Lanka?

(2010 අප්‍රේල් 11 - W3Lanka2010 මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි ඔබ සිතන්නේද?


මර්වින් සිල්වාට තුන්වන තැනට මනාප දී පාර්ලිමේන්තුවට පත් කළ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්දදායකයෝද?


දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?


ජවිපෙ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් අහිමි කළ ජවිපෙ භාෂාවෙන් කියන්නේ නම් 'ගිරුවා පත්තුවේ වීරෝදාර' ජනතාවද?


නාමල් රාජපක්ෂට උපන් දින තෑග්ග ලෙස ඔටුන්න හිමි කුමරා තනතුරේ ස්ථිර කිරීම සිදු කළ හම්බන්තොට ඡන්දදායකයෝද?


රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ, ගාමිනී ලොකුගේ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?


රනිල් ඡන්දෙ දෙන්නට එපා කියද්දීත්, එපා කී ටිපෙක්ස් රංජි හෙවත් රංජිත් මද්දුම බංඩාර ම පාර්ලිමේන්තුවට පත් කර එවූ මොනරාගල දිස්ත්‍රික් එජාප ඡන්දදායකයෝද?


රටේ ම ඡන්ද ප්‍රතිඵල පමා කිරීමට හා රු. කෝටි ගණනක මහජන මුදල් නාස්තියට හේතු වූ නාවලපිටියේ මැර නායකයාව පාර්ලිමේන්තුවට පත් කර එවන්නට නියමිත මහනුවර ආණ්ඩුවේ ඡන්දදායකයෝද?


‍තොපේ දේශපාලනේ තොපි ම කර ගනිල්ලා යි කියා ඡන්දය දාන්නට නොපැමිණි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවද?


ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද? 

Comments

  1. "ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?" machan minissu nidagaththe nahe, meka une, me kalakanni, chande awrudda lann karala dapunisa....

    minissunnta awruddakanna salli one... itin godakk ayata niwadu hamba une nahe, anika me arrthika thathwayath ekka, serama weda padu karagena, gamata gihilla chande dala enna tharam pu* amaruwakk thiyena aya nahe...

    ReplyDelete
  2. රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ, ගාමිනී ලොකුගේ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාව

    ReplyDelete
  3. ජවිපෙට ආසනයක් අහිමි කළ ජවිපෙ භාෂාවෙන් කියන්නේ නම් 'ගිරුවා පත්තුවේ වීරෝදාර' ජනතාවත් හොඳයි

    ReplyDelete
  4. fb eke honda kawiyak thibba

    කොළඹින් පරාදයි ගියවර මර්වින් මැතිඳා
    ගත්තේ දෙදහසයි මනාප අන්තිම වැනියා
    ගම්පහ මෝඩ හරකුන් ටික මදි නැතිවා
    පුදදෙයි මනාප මෙවර ලක්සෙට වැඩියා

    ReplyDelete
  5. මොනවා උනත් සුළුතර ජනබලයකුත් , බහුතර පාර්ලිමේන්තු බලයකුත් සතු ආණ්ඩුවක් තමයි ඒකෙන් මේකෙන් බිහිවුනේ. ජනතාව ඡන්දෙ භාවිතා නොකිරීමට හුඟක් හේතු තිබුනා. ප්‍රධාන එක තමයි ඔවුන්ට මේ ඡන්දෙන් වැඩක් නැති වීම. චන්ද දාලම එපා වෙලා තියෙන්නේ දැන්.
    අනිත් එක තමයි ඡන්දය දෙන්න හොඳ එකෙක් නොසිටීම. ඒකයි ඔවුන් අලුත් අය හුඟක් පත්කෙරුවේ. අනිත් එකක් තමයි අවුරුද්ද කට මුල තියලා ඡන්දය පවත්වපු එක. ඒක ජනපතිගේ පවුද්ගලික වුවමනාවට උන දෙයක්. නාමල්ගේ උපන්දිනයට තියන්න ඕන නිසා. මතකද ජනපතිවරණයත් මහින්දගේ උපන්දිනය දවසේ තිබුනේ (කලින් එක)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා