අමිතාබ් ළඟ දෙකට නැවුණු රජ පවුල | Sri Lanka's ruling family kneel down before Amithab Bachchan

(2010 අප්‍රේල් 21 - W3Lanka ) ජනප්‍රිය හින්දි සිනමා නළු අමිතාබ් බච්චන් ඊයේ ලංකාවට පැමිණියේ ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමිය ඉදිරිපත් කරන ‘IIFA 2010’ සම්මාන උළෙල පිළිබඳව මෙරට මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වීමටයි.


අමිතාබ් බච්චන් යනු වානිජ වශයෙන් සුපිරි නළුවෙකි. ඔහු කලාත්මක සිනමාවේදී එතරම් ඇගයීමට පාත්‍ර වූ නළුවකු නොවේ. ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් චරිතාංග නළුවන් අතර අමිතාබ්ට තැනක් හිමි වී නැත.


එහෙත්, වානිජ කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි මේ නළුවාට ලැබුණේ ඔහුටවත් අදහා ගන්නට නොහැකි රාජ්‍ය ගෞරවයකි. රජතුමාත්, රාජපුත්‍රයනුත්, රාජ්‍ය නිලධාරීනුත් අමිතාබ්ගේ ඊනියා පෞරුෂය හමුවේ කුදු මිනිසුන් ලෙස පොරකමින් ඔහු සමග ඡායාරූපවලට පෙනී සිටියහ. එපමණක් නොව, වෙනත් අයට එසේ ඡායාරූපවලට පෙනීසිටීමට අවස්ථාව ලබා නොදෙමින් තමන් පමණක් අමිතාබ් අයිති කර ගන්නට වෙර දැරූහ.


ජුනි 03 දා සිට 05 දා දක්‌වා කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා ෂාරුක් ඛාන්, අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි ආදී ඉන්දීය සිනමා තරු පැමිණි කල තත්වය කෙසේ වනු ඇද්ද?


අනේ පව් ලංකාවේ රාජ්‍ය නායකත්වය!



Comments

  1. හරි ඉතින් මේ අයත් නිකන් සිනමා වීරයෝම තමයි. සැබෑ ලෝකෙදි වැඩක් නැති ගොයියො ටිකක්. ඒත් රඟපෑම් ‍හොඳ නිසා මිනිස්සු පත් කරගන්නව.

    ReplyDelete
  2. out sider ගෙ එල කතාව.

    ReplyDelete
  3. කවුරු මොනා කීවත් අමිතාබ් කියන්නේ ශ්‍රේෂ්ට නලුවෙක්. නලුවෙක්ගේ දක්ෂකම වානිජ කලාත්මක කියලා වෙන් කරලා මනින්න බෑ. මොන විදිහේ රගපෑමක් කරත් දක්ෂනම් විතරයි ඒ නලුවාට තැනක් ලැබෙන්නේ. අමිතාබ් නවක නලුවන් සේරම පරයලා තාමත් මුල් තැන ඉන්නේ ඔහුගේ දක්ෂකම නිසායි. ඒ වගේ නලුවෙක්ට රාජ්‍ය ගෞරවය දක්වන එක වරදක් නෙවේ.( ඔතන කවුරුත් දෙකට නැමිලා නෑ ඔයා කියන විදිහට) අනෙක ඒ වගේ ජාත්‍යන්තර සම්මාන උලෙලක් අපේ පුන්චි රටේ පවත්වන්න තීරණය කරපු එකට අපී අමිතාබ්ට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද කැනඩාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව වගේ රටවල් වල පවත්වන්න තීරණය කරලා තිබ්බ සම්මාන උලෙලක් මේක. මේක අපේ රටේ සංචාරක ව්‍යාපාරයටත් හොද රුකුලක්. ඒත් අපේ රටේ සමහරක් මිනිස්සු කිසිම දේක හොදක් දකින්නේ නැති එකයි ප්‍රශ්නේ...

    ReplyDelete
  4. බණ්ඩාර එක්ක මමත් එකගයී.

    ReplyDelete
  5. Pathetic. All this for a stupid actor.

    What can you expect. Most of our voters are Bollywood watching godayas.

    ReplyDelete
  6. Actually... IIFA is a world famous Awarding ceremony. And It’s a miracle they choose Sri lanka for it. Because 2011 IIFA will be on Toronto ,Canada. Ireland Wants To Host IIFA Awards 2010 and IIFA committee also announced it on 2008. Also on this January, South Korea announced they get the rights for host the IIFA 2010. But on March IIFA committee decided to give it to Sri Lanka. I think precedent did lot of work for get this to sri lanka. The film festival has previously been held in Britain, South Africa, Malaysia, Singapore, the Netherlands, the United Arab Emirates, Thailand and China.

    ReplyDelete
  7. I am agreed with Bandara(බණ්ඩාර) too...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා