විනාශයේ ගමන 'ස්ලෝ' කරන්න ඡන්දය දෙමුද? විරෝධය පිණිස කටුගාමුද? Shall we cast our vote or shall we cancel it?

(2010 අප්‍රේල් 07- W3Lanka ) 'ඡන්දෙන් වැඩක් නැත්තේ ම නැත' මැයෙන් අප විසින් ඉදිරිපත් කරන ලද අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමක් සමාජවාදී සංධානය විසින් අප වෙත යොමු කර තිබේ. එහි මූලික අදහස මෙම මැතිවරණ ක්‍රමයට විරෝධය දක්වනු පිණිස මහ මැතිවරණයේදී ඡන්දය කටු ගා දමන්න යන්නයි.


අප පැවසුවේ රට යොමු වී තිබෙන මේ විනාශයේ ගමන මඳකින් හෝ පමා කළ හැකි යමක් මේ ඡන්දය ඔස‍්සේ කළ හැකි බවයි. අපි මෙසේ ද පැවසුවෙමු.


පිරිසිදු අපේක්ෂකයකු සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබැටක් සෙවීම වැනි නොකළ හැකි දෙයකි. එහෙත් අඩුවෙන් දූෂණයේ යෙදුණ අයකුට අවස්ථාව දීම පල් හොරෙකු පත් කර ගැනීමට වඩා දේශපාලන සෞඛ්‍යයට හිතකර ය.
ඔබ ලබා දුන් ඡන්දයට පසුබිම් වූ ප්‍රතිපත්තිමය කාරණා නිර්ලජ්ජිත ලෙස ඇමතිකමක් හෝ වෙනත් එවැනි වරදානයක් වෙනුවෙන් නින්දිත අන්දමින් පාවා දුන් අය යළි පත් නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන අවම සේවයකි.
වෙනසක් පිළිබද සමාජ අපේක්ෂා මංකොල්ල කා සය වසරක් තිසසේ කිසිදු ඵලදායී කාර්යයක් නොකරමින් අහංකාර ලෙස හැසිරුණු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන්ගේ පස්ස බිම ඇනෙනු බැලීමේ කුහක ආශාවක් බොහෝ අය තුළ ඇතිමුත් එසේ සිදු නොවිය යුතු බව අපේ අදහසයි. ලංකාවේ සිංහල දිළිදු ගැමි තරුණයාගේ අසහනය නියෝජනය හෝ පරාවර්තනය කිරීම සඳහා ජවිපෙ පාර්ලිමේන්තුවේ සිටීම නොසිටීමට වඩා දේශපාලන සෞඛ්‍යයට හිතකර විය හැකිය.
එසේම, පසුගිය පළාත් සභා මැතිවරණ මාලාවක් ඔස්සේ බොහෝ දුරට බැහැර කර හරින ලද කාන්තා, සුළු ජාතික, කුල පීඩිත වැනි ආන්තීකරණයට ලක් වූ සමාජ බලවේගවල නියෝජනයන් අවම වශයෙන් ප්‍රමාණාත්මකව හෝ වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට බුද්ධිමත් ඡන්දදායකයන්ට පුළුවන.
එසේම, පාර්ලිමේන්තු නියෝජනය අහිමි වාම ක්‍රියාධරයන් අඩු තරමේ ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට ඡන්දදායකයන් එම පක්ෂවලට දෙන ඡන්දය ඉවහල් වනු ඇත.
ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන උගතුන් හා රස්තියාදුකාරයන් අතර වෙනස එතරම් පැහැදිලි නැතිමුත්, පත් කරන අපේක්ෂකයන් අමු ම අමු රස්තියාදුකාරයන් හා නූගතුන් වීමට වඩා තරමක් උගත්කමක් ඇති අය තෝරා ගැනීම ද නරක නැත


සමාජවාදී සන්ධානය පළ කරන අදහස සම්පූර්ණයෙන් මෙසේ ය:


ඊනියා ඡන්ද ක‍්‍රමයේ සැබෑ නිරුවත දකිමු !


මහින්ද රාජපක්ෂ රජය විසින් යුද්ධය නිමාකර ඇත. යුද්ධය නිමා කළාක් මෙන්ම ආර්ථික සංවර්ධනය ඇති කරමින් සමාජ සාරධර්ම තහවුරු කරමින්, සරුසාර ඒක‍්‍රීය ශ‍්‍රී ලංකාවක් ගොඩනගනු ඇතැයි ජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරනවා විය හැකිය. තත්ත්වය එසේ වුවද, සැබෑ තත්ත්වය පිළිබඳව ගැඹුරින් විමසිම වඩා කාලෝචිත වනු ඇත.


1 මානව හිමිකම්;පිළිබදව යහපත් කතා කියමින් අල්කයිඩා ත‍්‍රස්තවාදයට මුවාවි ලොව පුරා ප‍්‍රතිවාදි බලවේඟ මර්දනය සදහා මහ මිනිස් ඝාතන සිදුකරන්නේ ඇමරිකාවේ පුර්ණ මැදිහත් විමෙන් සහ අනුග‍්‍රහයෙනි. එම ලෝක සන්දර්භය තුළ, ඇමරිකානු පාලනය අනුව යමින් ත‍්‍රස්තවාදි ලේබලය යටතේ LTTEයෙන් ආරම්භ කර සියලූම ප‍්‍රතිවාදි බලවේඟ සමුල ඝාතනය කිරිම මහින්ද රාජපක්ෂ මහතා විසින් අරUd තිබෙන්නේ JR පරයන නුතන යැංකි ඩිකී කෙනෙකු වෙමිනි.


2 ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපිය බලවේගයන්ගේ මීළඟ අවශ්‍යතාව වන්නේ ඔවුන්ගේ ආර්ථික සහ සමාජිය අර්බුද සමනය කර ගැනිමට ප‍්‍රමාණවත් පරිදි ලොව පුරා මහා සම්පත් කොල්ලයක යෙදීමයි. දිළිදු යැයි සම්මත ශ‍්‍රී ලංකාව වැනි සියලූ රටවල් සතු සකල විධ සම්පත් කිසිදු බදු මුදලක් පවා නොගෙවා තමන් සන්තක කර ගැනිමයි. ඒ සදහා රජයට ගෙවිය යුතු නියමිත බදු මුදල් නොගෙවා ඒ ඒ දේශයන්හි සිටින පාලකයන් වන තම ගෝල බාල යැංකි ඩිකිලාට දොල පිදෙනි පමණක් ලබාදිමයි. මේ සඳහා ශ‍්‍රී ලංකාව පරදේශක්කාරයන්ගේ පිළිකන්නක් බවට පත් කර ගැනිමේ පළමු බාධකය වු උතුරු නැගෙනහිර යුද්ධය ලෙයින් හා යකඩින් තළා නිමා කිරිමත් සමගම අක්කර දස දහස් ගණනින් දේශය සතු මහ පොළවද ඛනිජ සම්පත් ද මේවන විටත් තමන් සන්තක කර ගැනිමේ යුරෝපීයන් සමත් වී සිටිති. මෙම කාර්යන් වඩා සාර්ථක ලෙස පවත්වාගෙන යා හැක්කේ ජනතා විරෝධය අවම කරිමෙන් පමණි. ප‍්‍රබල විපක්ෂ බලවේඟ බිහිවිමට ඇති සියලූ ඉඩකඩ අහුරා දැමිමද පරදේශක්කාරයන්ගේ අනිවාර්ය අවශ්‍යතාවයකි. මෙම අභිලාෂයන්ට සහ අවශතාවයන්ට අවහිර වන ඉතා සුළු කරුණු කිහිපයකට හැර, මිනිසුන් මරා දමමින් ජනතා බලවේඟ මර්දනය කිරිෙමි මහින්ද රාජපක්ෂ භාවිතාවට විදේශ ඒජන්තයන්ගේ පූර්ණ අනුග‍්‍රහය සහ ආශිර්වාදය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද ලැබෙනු ඇත.


3 මහින්ද රජු වෙතින් ජනතාව ප‍්‍රර්ථනා කරන ආර්ථික සංවර්ධනය ද සමාජ සංවර්ධනය ද වර්ධනය වන්නේ දේශිය කර්මාන්ත සංවර්ධනය කරමින්, දේශිය නිෂ්පාදන අපනයන අවස්ථා වැඩිකරමින්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ස්ථාවර විමට අප සමත් වුවහොත් සහ රට තුළ ආර්ථික ක‍්‍රියාවලියට සක‍්‍රීයව මැදිහත් වන බහුජාතික සමාගම් වලින් නිසි ලෙස බදු අය කිරිමට ශ‍්‍රී ලංකා රජය සමත් වුවහොත් පමණි මේ අවශ්‍යතාව සපුරා ගතහැකි වන්නේ විදේශ ඒජන්තයන්ගේ සුරතලූන් විමට පාලකයන්ට ඇති සියලූ ඉඩකඩ අප විසින් අහුරා දැමුවහොත් පමණි.


ඒ සඳහා
1 අප විසින් පත් කරනු ලබන පාලක නියෝජිතයන් ජනතාවට එරෙහිව යන  ඕනෑම අවස්ථාවක ඔවුන් ඉවත් කිරිමට හැකිවන පරිදි නව ඡුන්ද ක‍්‍රමයක් හදුන්වාදීමට අප උත්සුක විය යුතුය.


2 පක්ෂ පාට සහ මනාප විසින් ජනතාව බෙදා වෙන් නොකරන ඔවුන්ව එකාවන්ව එක් සේසත් කරණ නව ජන්ද ක‍්‍රමයක් පිළිබඳව අප කල්පනා කළයුතුය.


3 විශාල ලෙස ජාතික ධනයද, ජනතාවගේ කාලයද කා දැමිම මුළු මනින් අහුරා දමන නව ඡුන්ද ක‍්‍රමයක් පිළිබඳව අප කල්පනා කළයුතුය.


4 සංවර්ධන සැලසුම් මත ජනතා සංවාදයක් ගොඩනගන ජනතාව සංවිධානය කරන සරල ඡුන්ද ක‍්‍රමයක් පිළිබඳවද අප කල්පනා කළයුතුය. මේ සඳහා පුර්වාදර්ශයක් ලෙස ිපි සහ ඊ මේල් ඡුන්ද ක‍්‍රමද උපයෝගී කර ගත හැකිය.


ඉහත යෝජනා උපරිම මට්ටමින් සාර්ථක කර ගත හැකි වන්නේ ඒ සදහා දැඩි කැපවීමෙන් යුතුව ක‍්‍රියා කිරිමෙන් පමණි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව වෙත පැවරී ඇති පරමාධිපත්‍ය බලය තමන් සන්තක කර ගැනිම සදහා බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් පමණි. මීට ප‍්‍රබල ලෙසම බාධා කරනුයේ පවතින ඡුන්ද ක‍්‍රමයයි. එබැවින් මෙම ඡුන්ද ක‍්‍රමය මුළු මණින්ම ප‍්‍රතික්ෂේප කරමින් 2010 අප්‍රෙල් 08 වැනි දින උදෑසනම ඡන්ද පොළට ගොස් ඔබගේ වටිනා ඡන්දය පවතින ඡන්ද ක‍්‍රමයට එරෙහිව ප‍්‍රතික්ෂේපිත ඡන්දයක් බවට පත් කිරිම සදහා ඡන්දය කටුගා දැමිමට සක‍්‍රියව මැදිහත් වන ලෙස අපි ඔබට යෝජනා කරමු.


-ප‍්‍රධාන ලේකම්,
සමාජවාදී සංධානය, අංක 20, මැටිකොටුව පාර, දංකොටුව.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා