කවුද හෙට අගමැති ඔහුයි මග ඇති ජනපති | Prime Minister today will be the President of Sri Lanka tomorrow

(2010 අප්‍රේල් 10 - W3Lanka2010 මහ මැතිවරණයේ වැදගත් ම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට විවාදයක් නැත.


මහින්ද රාජපක්ෂ පරපුරෙන් අනාගත රාජ්‍ය නායකත්වයට පුහුණු කරන්නා වූ එතුමන්ගේ දෙටු පුත් නාමල් රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයට ජනාධිපතිවරයා ඍජුවම මැදිහත් වූයේය.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සෙසු දිස්ත්‍රික්කවල මෙන් ඡන්ද ප්‍රකාශ කිරීම පහළ මට්ටමක තිබුණ ද, නාමල් රාජපක්ෂ දිවයිනේ වැඩි ම මනාප ප්‍රතිශතය වාර්තා කර තිබේ. 


මීළඟට වැදගත් අපේක්ෂකයා වූයේ අනාගත රාජ්‍ය නායකයා වීමේ අපේක්ෂා සහිත ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂයි. ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව දිවයිනේ විශාලතම මනාප ගණන වේ. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉදිරි පෙළ නායකයන් අතරින් මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ද, නිමල් සිරිපාල ද සිල්වා බදුල්ල දිස්ත්‍රික්කයේ ද, ජෝන් සෙනෙවිරත්න රත්නපුර දිස්ත්‍රික්කයේ ද වැඩි ම මනාප ලබාගෙන තිබේ. සුසිල් ප්‍රේම ජයන්ත මනාප පොරයේදී පිටුපසට වැටී ඇතත්, කොළඹින් තේරී පත් වන්නට සමත් වී තිබේ. 


එස්.බී. දිසානායක ද අගමැතිකම අපේක්ෂා කරන්නකු නිසා ඔහු කෙතරම් මනාප ලබා ගන්නේ ද යන්න දැන ගැනීම වැදගත් ය. ඒ සඳහා අප්‍රේල් 16 පසු විය යුතුය. 


හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මෙවර ඉන්නේ ජාතික ලැයිස්තුවේ ය. ඔහුගේ සහායෙන් තරග කළ විදුර වික්‍රමනායක පුතා කලුතර අපේක්ෂකයන් අතරින් සාපේක්ෂ වශයෙන් අඩු මනාප ලබාගෙන මන්ත්‍රී ධුරයකට තේරී පත් වි තිබේ.  


අගමැති තනතුර අපේක්ෂා කරන දි.මු. ජයරත්න ද ඉන්නේ ජාතික ලැයිස්තුවේ ය. ඩලස් අලහප්පෙරුම ජාතික ලැයිස්තුවේ ඉන්නා තවත් උන්නතිකාමී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙකි. 


මෙවර අගමැති වන්නේ කවුරුද මීළඟ ජනපති වන්නට ඔහුට ඇති අවස්ථාව වැඩි ය. 1977 සිට දිගට ම ජනාධිපති අනුප්‍රාප්තිකයා වූයේ අගමැති බව අමතක නොකළ යුතු ය. 


විපක්ෂ‍ අපේක්ෂකයන් අතරින් වැඩි ම මනාප ලබා ගත්තේ රනිල් වික්‍රමසිංහයි. එහෙත් කොළඹ සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ ඔහුට වඩා මනාප ලබාගෙන තිබේ. මනාප ලක්ෂයකට වඩා ලබා ගත් අනෙක් එක ම එජාප අපේක්ෂකයා කුරුණෑගලින් තේරී පත් වූ දයාසිරි ජයසේකරයි. 


ජනරාල් සරත් ෆොන්සේකා ද මනාප ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වී තිබේ. 



දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවට තේරෙන්නේ කෙසේද යන්න දැන ගන්නට ලැබෙන්නේ ත්‍රිකුණාමලයේ ප්‍රතිඵල නිකුත් වු විටයි. 

Comments

  1. ආණ්ඩුවේ බෙර පදයට නටන මාධ්‍ය පුන පුනා ප්‍රකාශ කරන පරිදි එක් එක් අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද ප්‍රමාණය ගැන උදම් ඇනීම විද්‍යාත්මක නොවේ. වඩා වැදගත් වන්නේ ඒ ඒ අපේක්ෂකයන් ලබා ගත් මනාප ප්‍රතිශතයයි. ඒ අනුව මහ ලොකු කෙරුමන්ලාගේ රග බලා ගත හැකිය.

    විමල් වීරවංශ 58.36%
    රනිල් වික්‍රමසිංහ 67.97%
    ජනරාල් සරත් ෆොන්සේකා 88.95%


    ජොන්ස්ටන් ප්‍රනාන්දු 31.89%
    දයාසිරි ජයසේකර 62.20%


    බැසිල් රාජපක්ෂ 72.24%
    රුවන් විජේවර්ධන 33.34%

    නාමල් රාජපක්ෂ 84.42%
    සජිත් ප්‍රේමදාස 89.69%

    මෙත්‍රීපාල සිරිසේන 75.92%

    ‍තෝරා ගත් මෙම මනාප ප්‍රතිපල ප්‍රතිශතයන් අනුව ඇත්තටම ජන පදනමක් ඇත්තේ කාට ද මාධ්‍යය මගින් පුම්බා ගත් ජන පදනමක් ඇත්තේ කාට ද දැයි ඔබට යම් අවබෝධයක් ලබා ගත හැකිය.

    ReplyDelete
  2. 1 සජිත් ප්‍රේමදාස 89.69%
    2 ජනරාල් සරත් ෆොන්සේකා 88.95%
    3 නාමල් රාජපක්ෂ 84.42%


    මේක අණ්ඩුවේ උන්ට නම් පෙන්නේ
    1 නාමල් රාජපක්ෂ 84.42%
    කියලා විතරයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා