ආණ්ඩුවේ අකාර්යක්ෂමකම ගුවනට නංවා පයින් යන අපේ සාක්කුවට කෙළින මිහින් | Mihin Lanka flying burning public money showing government's inefficiency

(2010 අප්‍රේල් 19 - W3Lankaමහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යවසාය කළමනාකරණ අකාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරමින් රජයට වැඩියෙන් ම පාඩු ලැබ දුන් අසාර්ථක ව්‍යාපාරයක් වන මිහින් ලංකා 2009 වසරේදී රු. කෝටි 93ක පාඩුවක් ලබා තිබේ. මිහින් ලංකාට ගුවන් නියමුවන් ඇතුළු විවිධ සේවාවන් ලබා දෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ද රු. කෝටි 1220ක පාඩුවක් ලබා ඇත. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් 43%ක් හිමි එමිරේට්ස් සමාගම විසින් ශ්‍රී ලංකන් කළමනාකරණය කළ 1998 සිට 2008 දක්වා දස වස තුළ මෙම ගුවන් සේවය මහජනතාවට බරක් වූයේ නැත. 

2009 මාර්තු මස එමිරේට්ස් සමාගම ශ්‍රී ලංකන් කළමනාකරණයෙන් ඉවත් වූයේ ජනාධිපති කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකන් ගුවන් යානයක අසුන් වෙන් කර දීම පිළිබඳව රජය හා සමාගම අතර මතභේදයක් ඇති වීමත් සමගයි. 

දැන් මේ සමාගම් දෙක හේතුවෙන් ලංකාවේ මහජනයාගේ සාක්කුවට දැවැන්ත බරක් පැටවී තිබේ. 

ගුවන් සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලංකාවේ රජයට ඇත්තේ අසාර්ථක පළපුරුද්දකි. ඒ සියල්ල තිබියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නමින් 2007දී පටන් ගත් මිහින් ලංකා 2008දී කඩා වැටුණේ රු. කෝටි 300ක පාඩුවක් වාර්තා කරමිනි. නැවත වතාවක් මහජන මුදල් පොම්ප කරමින් ‍2009දී එය යළි ආරම්භ විය. 

ගුවන් සේවා යනු මෙම යුගයේ මහත් පරිස්සමින් කළ යුතුව තිබෙන ව්‍යාපාරයක් බව ව්‍යාපාර විශේෂඥයෝ පවසති. 

ලංකාවේ මිහින් එයා පාලනය කළ විශේෂඥයා වූ සජින් ද වාස් ගුණවර්ධන දැන් ගුවන් යානා ගණනාවක හිමිකරුවෙකි. ඔහු දැන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකි. 

මිහින් ලංකා හැඳින්වෙන්නේ 'බජට්' එයාලයින් එකක් ලෙසයි. එසේ කියන්නේ රජයේ බජට් එකෙන් විශාල පංගුවක් මෙම ගුවන් සේවය විසින් ගිල දමන නිසා විය හැකි ය. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා